WFTW Body: 

ප්‍රොපේරිත සේවාව ගැන යම් දෙයක් ඔබට පෙන්වන්නට මා කැමැත්තෙමි. එලිෂා ට අනාගත වාක්‍ය කීමට, දෙවියන් වහන්සේගේ මනස දැනගන්නට අවශ්‍ය වූ විට, ඔහු යම් කෙනෙකුට වීණා වාදනය කරන මෙන් ඉල්ලා සිටියේය (2 රාජාවලිය 3: 15). සංගීතඥයා වාදනය කිරීමට ආරම්භ කරන්නාත් සමඟ ම, දෙවියන් වහන්සේගේ හස්තය එලිෂා මත පැමිණ, ඔහු බලවත් ලෙස අනාගත වාක්‍ය කීවේ ය. මෙහි දී, දේව භක්තික සංගීතයේ වටිනාකම අපි දකින්නෙමු.

“දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස ඔබට මිනිසුන් මෙහෙය වා, රැස්වීමකට අනාගත වාක්‍ය ආත්මය ගෙනෙන්නට හැකිනම්, ඔබ සැබවින්ම ආලේප ලත් සංගීතාඥයෙකි .”

මාගේ ම ජීවිතයේ ඉරිදා උදෑසනයන්හි නමස්කාර හා ප්‍රශංසා අවස්ථාවේ, ස්වාමින් වහන්සේගේ හස්තය මා මත පැමිණ මා රැස්වීමට පැමිණෙන විට මා හට නොතිබූ වචනයක් දුන් බොහෝ අවස්ථාවන් මට මතකය. එලිෂා හට අනාගත වාක්‍ය ආත්මය ලබන්නා වූ, බලයක් එම ආලේපලත් සංගීතයේ තිබුණේ ය.

ප්‍රොපේතවර​යෙකුට පවා සමහර අවස්ථාවන්හිදි සංගීතඥයන්ගේ උපකාර අවශ්‍යය. සංගීතය හසුරුවන්නන් ආලේපලත් විය යුතු වන්නේ එම නිසාය. ඔවුහු හුදු හොඳ සංගීතඥයන් ම නොවිය යුතුය. ඔවුහු ආලේපලත් වී, හොඳ හෘද සාක්ෂියක් ඇත්තන් වියයුතුය. දාවිත් ගායකයන් හා සංගීතඥයන් පත් කළ නමුත්, ඔවුන් ට ආලේපය ලබන්නට අවශ්‍යය විය. ආසප් වැනි සමහර සංගීත-නායකයන් අපූරු (ආශ්චර්යමත්) ගීතිකා 12ක් ලියුවේය (ගීතාවලිය 50, 73-83). සංගීත-නායකයන් දෙදෙනෙක්, මුනිවරයන් (ප්‍රොපේතයන්) ලෙස හැඳින්වුණි - හේමන් (1 වංශාවලිය 25: 5) සහ ජෙදුතුන් ( 2 වංශාවලිය 35: 15).

එමනිසා ආලේපලත් ප්‍රොපේතවරුන් දිරිගන්වා උපකාර ලබන පිණිස, දෙවියන් වහන්සේට ආලේපලත් සංගීතඥයන් අවශ්‍යය. සභාව ගොඩ නගණු ලබන්නේ මේ ආකාරයට ය. ප්‍රොපේතවරුන් වන්නට ඔබ සමහරු කැඳවා නොමැති වන්නට පුළුවන, නමුත් සංගීතඥයන් වීමට කැඳවා තිබෙන්නට පුළුවන. ආලේපලත් සංගීතඥයන් වන්න. විණා වාදකයා ලෝකාකාර සංගීතයක් අනුකරණය කරන්න හැඳුවා නම්, එදා එලිෂා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබයි කියා මා සිතන්නේ නැහැ. නැත, ඒ සංගීතයෙහි ස්වර්ගික දෙයක් තිබුණි.

ලෝකාකාර සහ ස්වර්ගික සංගීත ඇත. සංගීතය ස්වර්ගික වූ කළ, එය ඔබට සංවේදී වන්නේ ය, මන්ද එය දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස ඔබගේ ආත්මය ඔසවන්නේ ය. සමහර සංගීත, සංගීතඥයන් ව ප්‍රශංසා (අගය) කරන්න පමණක් ඔබව පොළඹ වන්නේය! දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස ඔබට මිනිසුන් මෙහෙය වා, රැස්වීමකට අනාගත වාක්‍ය ආත්මය ගෙනෙන්නට හැකිනම්, ඔබ සැබවින්ම ආලේප ලත් සංගීතාඥයෙකි.

දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේ බලය විඳහා දක්වන, පැරණි ගිවිසුමෙහි කථාවලින් ඉතා විශ්මජනක​ එකක්, 2 වංශාවලිය 20 හි අපි දකින්නෙමු. මෙහි අපට ඉගෙන ගතයුතු බොහෝ පාඩම් ඇත. ජේහෝෂාපාට් රජුට විරුද්ධ ව සතුරන් බොහෝ දෙනෙක් එකට එකතු වී යුද්ධ කරන්න සැරසී සිටියේ ය. ආහබ් සමඟ පෙර දැරූ මධ්‍යම ප්‍රතිපදාවෙන් පාඩමක් ඉගෙනගත් ජෙහෝෂාපාට්, දැන් ස්වාමින් වහන්සේ සොයන්න තීරණය කළේය. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය දැරූ අලංකාරමත් (කදිම) යාච්ඤාවක් ඔහු යාච්ඤා කළේය - ඔහුගේ පියා වන ආසා කළ යාච්ඤාවේ ගණය වැනි ය (2 වංශාවලිය 15: 11). ජෙහෝෂාපාට් ඔහුගේ යාච්ඤාවේ දෙවියන් වහන්සේට හා තමාටම මතක් කළ සහ ඒත්තු ගත්, කරුණු හත ගැන සැළකිලිමත් වන්න.

1. දෙවියන් වහන්සේ ගේ පරමාධිපත්‍යය (6 වන පදය).

2. දෙවියන් වහන්සේ ඉශ්රායෙල්ට, පෙර කළ දේ (7 වන පදය).

3. දෙවියන් වහන්සේගේ පොරොන්දු (8, 9 වන පද).

4. ඉශ්රායෙල්, දෙවියන් වහන්සේගේ උරුමය බව (11 වන පදය).

5. ඔවුන්ගේ සම්පූර්ණ​ දුර්වලකම (12 වන පදය).

6. ඔවුන්ගේ සම්පූර්ණ​ අඥානකම (12 වන පදය).

7. දෙවියන් වහන්සේ කෙරෙහි පමණක්ම, ​ඔවුන්ගේ පරාධීනත්වය (විශ්වාසය) තැබීම ( 12 වන පදය).

දෙවියන් වහන්සේ එම යාච්ඤාවට ප්‍රොපේතයෙක් යවා “බිය නොවන්න යුද්ධය ඔබේ නොව නමුත් දෙවියන් වහන්සේගේ ය. ගොස් නුඹේ සතුරන් ට මුහුණ දෙන්න. ස්වාමින් වහන්සේ නු සමඟ ය” යි, ක්ෂණයකින් පිළිතුරු දුන් සේක (15-17 පද).

එහෙයින්, ජේහෝෂාපාට් සොල්දාදුවන් ට ඉදිරියෙන් ගායකයන් යුද්ධයට යැවීය​! මෙම ගායකයන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න පටන්ගත් සේත් ම, ස්වාමින් වහන්සේ ජූදා ගේ සියලුම සතුරන් පරාජය කළ සේක. තවද ජූදා ගේ සතුරන් ගෙන් ලබාගත් සියලුම ධනයෙන් ජූදා ධනවත් වූවේය. ජයග්‍රහණයේ මාර්ගය මෙම කථාවෙන් පැහැඳිළි වේ: එය නම්, සතුරන් (පීඩා, ප්‍රශ්ණ තවමත් තිබිය​ දීත්) තවමත් සිටිය දීත්, දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය හා උන්වහන්සේගේ පොරොන්දු ඇඳහිල්ලෙන් ප්‍රකාශ කිරීමෙන් සහ ස්වාමින් වහන්සේ ට කල් ඇතුව ප්‍රශංසා කිරීම කරණකොටගෙන ය. අපගේ ඇඳහිල්ල ප්‍රශංසාවෙන් ප්‍රකාශ වේ. ඔවුහු “උන්වහන්සේගේ වදන් විශ්වාස කළෝය - ඔවුහු උන්වහන්සේට පැසසුම් ගී ගැයූ හ” (ගීතාවලිය 106: 12). එහි අනික් පැත්ත ද නිවැරදි ය: අප දෙවියන් වහන්සේගේ පැසසුම් ගී ගයන් නැති විට, අප උන්වහන්සේගේ වදන් විශ්වාස නොකරණ බව සනාථ වේ!