WFTW Body: 

ක්‍රියා 2: 3 හි සෑම අයෙකුගේම හිස මතට පැමිණි ගිනිදිව් මගින් උක්ත වූවේ අලුත් ගිවිසුම් යුගයේ දෙවියන් වහන්සේ භාවිතා කරන්නාවූ අප ශරීරයේ වැදගත්ම කොටස වන්නේ දිව බවයි - ශුද්ධාත්මයාණන් විසින් ගිනි දැල්වූ, සෑම විටම උන්වහන්සේ සම්පූර්ණ පාලනය යටතේ ඇති ගිනිමය දිවක් වේ. මෙය අන්‍ය භාෂා දීමණා ලක්ෂණයේද එක්තරා කොටසකි. දෙවියන් වහන්සේට අන් අයට ආශිර්වාද කරණ පිණිස ඔබගේ දිව පාවිච්චි කිරීමට අවශ්‍යය, එය ඔබ දේශකයෙක් නිසාම නොවුනත් අන් මනුෂ්‍යයින් සමඟ ඔබගේ එදිනෙදා සාමාන්‍ය සංවාදයන් හී (කථා බහේදී) පවා ද වේ. නමුත් මේ සඳහා, ශුද්ධාත්මයාණන්ට ඔබේ කථනයේ සම්පූර්ණ පාලනය තබා ගැණීමට, දවසේ පැය 24 පුරා ද, සතියේ දින හතේම ඉඩ හැරිය යුතුය.

“අපගේ කිතුණු ගමනේ සහ පොළොවෙහි රණකාමයේ රහස නම් ශුද්ධාත්මයෙන් පිරී සිටීමයි"

ශුද්ධාත්මයෙන් පිරී සිටීමේ ප්‍රාථමික ලකුණුවලින් එකක් නම් අපගේ කථාකරන විලාසයේ වෙනසයි. අපගේ දිව "ගිනිමය දිවක්" වන්නේය (ක්‍රියා 2: 3). මෙය අන්‍ය භාෂාවෙන් කථා කිරීම නොව, නමුත් " දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ගින්න සහ පවිත්‍රථාවය සමඟ අපගේ මව් භාෂාවෙන් කථා කිරීමයි". අපගේ භාෂාව ස්වර්ගික වනු ඇත.

අපගේ සංවාදය ගැන මෙම පදවල දක්වන අවධාරණය ගැන සැළකිලිමත් වන්න. "ශුද්ධාත්මයෙන් පිරී සිටින්න, කවි වලින්ද ගීතිකා වලින්ද ආත්මික ගී වලින්ද එකිනෙකාට කථා කොට නුඹලාගේ හදවතින් ස්වාමින් වහන්සේට ගායනාද ගීතිකාද කරමින් අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියළු දේ ගැන දෙවියන් වහන්සේට නිතරම ස්තූති කරපල්ලා" (එපීස 5: 19, 20). අප ශුද්ධාත්මයෙන් පිරී සිටින විට ස්තූතිදීමේ ආත්මය විසින්, ඕපදූප සෙවීමේ, නින්දා කිරීමේ, තික්තකමේ, සහ කෝපයේ ආත්මය මාරු කරනු ලබයි, එපීස 5: 18 හි ක්‍රියා පදය අඛණ්ඩ ආඛ්‍යාතයකි (ක්‍රියා පදයකි) - එහි අර්ථය නම් "පිරී සිටීමෙන් පැවතියල්ලා", "පිරී සිටීමෙන් දිගටම පැවතියල්ලා" මිස "එක් වරක් පිරෙන්න" නොවේ. අප උදෑසන ශුද්ධාත්මයෙන් පිරී සිටියා නම්, අපට සනධ්‍යාවේ සහ සෑම දිනකම නොකඩවා ශුද්ධාත්මයෙන් පිරී සිටීම අවශ්‍යවේ. සෑමවේලේම ඔබව ශුද්ධාත්මයෙන් පුරවන ලෙසට දෙවියන් වහන්සේ ගෙන් අයදින්න. එවැනි සෙනඟ ගැනයි "ශුද්ධාත්මයෙන් පිරුණු ස්ත්‍රීන් සහ පුරුෂයන්" ලෙස ක්‍රියා පොතෙහි සඳහන් වන්නේ.

එපීස 5: 18 මතු සඳහන්වන සියළුම පද ශුද්ධාත්මයෙන් පිරුණු මිනිසුන්ගේ චරිත ලක්ෂණ වේ (එපීස 5: 19 සිට 6: 24). එය ස්තූති දීමෙන් ආරම්භ වන අතර එකිනෙකාට සභාවෙහි යටත්වීම සහ නිවසේ සම්බන්ධථාවයන් (එපීස 5: 21 සිට 6: 9) ; සහ ඉන්පසු සාතන්ගේ හමුදා සමඟ සටන් කර සහ ජයග්‍රහණය කිරීම දක්වා (එපීස 6: 11).


එනිසා අපගේ කිතුණු ගමනේ සහ පොළොවෙහි රණකාමයේ රහස නම් ශුද්ධාත්මයෙන් පිරී සිටීමයි.

• අප ශුද්ධාත්මයෙන් පිරී නොසිටී නම් අපට සුදුසු ලෙස දෙවියන් වහන්සේට ප්‍රසංසා කිරීමට නොහැක.

• අප ශුද්ධාත්මයෙන් පිරී නොසිට අපට දේව භක්තික ස්වාමිපුරුෂයන් හෝ භාරයාවන් වීමට නොහැක.

• අපට ශුද්ධාත්මයෙන් පිරී නොසිට අපගේ දරුවන් සුදුසු ලෙස ඇති දැඩිකිරීමට නොහැක.

• අපට ශුද්ධාත්මයෙන් පිරී නොසිට සාතන්ගේ බලවේග පරාජය කිරීමට නොහැක.

අපගේ කිතුණු ජීවිතයෙහි සියළු දේ, අප ශුද්ධාත්මයෙන් පිරී සිටීම මත රඳා පවතී