WFTW Body: 

ජූද් තම සංදේශයේ ආගමිකවූ නුමුත් ආත්මික නොවූ මනුෂ්‍යයින් තිදෙනෙකු ගැන කථා කරයි - කායින්, බාලාම් සහ කෝරා (ජූද් 11). අපි ඒවා එකිනෙක සලකා බලමු.

"මනුෂ්‍යයෙකු ස්ථිිර ලෙස දවසින් දවස තමකමට (කැමැත්තට) මැරෙන විට, ඔහුගේ ජීවිතය මත සහ ඔහුගේ සේවාව මත ස්වර්ගයෙන් වූ ගින්නක් හටගනී ".

1 කායින්

කායින් දේව භක්තිමත් නොවූ මනුෂ්‍යයෙකු නොවීය. ඔහු දෙවියන් වහන්සේට පූජා ඔප්පු කිරීම විශ්වාස කළ අතිශයින් ආගමික මනුෂ්‍යයෙකු වූවේය (උත්පත්ති 4: 3). ආබෙල්ද දෙවියන් වහන්සේට පූජා ඔප්පු කළේය. නමුත් පූජා දෙක අතර සහ කායින් සහ ආබෙල් අතර වෙනස වූවේ නිරය හා ස්වර්ගය අතර වෙනසත්, ආත්මිකත්වය සහ ආගමිකත්වය අතර වෙනසත්ය. කායින් සහ ආබෙල් මිනිසුන් ගමන් කරන්නාවූ මාර්ඟ දෙකක් සංඛේතවත් කරයි - එය නම්, ආගමික මාර්ගය සහ ආත්මික මාර්ගයයි. කායින් දෙවියන් වහන්සේට බාහිරව පූජා ඔප්පු කරන්නා වූ අය වැනි කෙනෙකි - මුදල්, සේවය, කාලය, ආදිය වේ. අනික් අතට ආබෙල් බැටළුවෙකු මරා පූජාසනය මත තැබූ විට ඔහු සංඛේතාත්මකව තමන්වම පූජා කළේය.

ආගමික මිනිසුන්ට ත්‍යාග දීමට, යාච්ඤා කිරීමට, හා බොහෝ යහපත් වැඩ කිරීමට පුළුවන - නමුත් තමන්වම ඔප්පු කිරීම කුමක්ද යනවග ඔවුන්ට තේරුම් ගන්නට බැරිය. ඔවුන්ගේ දසයෙන් කොටස හරියටම ගෙවනවා විය හැකිය, නමුත් පරික්ෂා පැමිණෙන අවස්ථාවල ඔවුන්ගේ තමකම (තම කැමැත්ත) මරණයට පත් නොකරති. එයයි, පැරණි හා අලුත් ගිවිසුම් අතර වෙනස. ඔබට තම කැමැත්තට නොනැසී පැරණි ගිවිසුමට ඇතුළු වීමට පුළුවන් කම තිබුණත්, තම කැමැත්තට නොනැසී අලුත් ගිවිසුමට ඇතුළුවීමට කිසිසේත්ම නොහැකිය. යේසුස් වහන්සේ පැමිණියේ දසයෙන් කොටස පූජා කිරීමට නොව, නමුත් දෙවියන් වහන්සේට පිළිගතහැකි වූ ඉතා ප්‍රසන්න වූ පූජාවක් ලෙස තමන්වම පූජාකිරීමටය.

කායින් සහ ආබල් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන පළල් සහ පටු මාර්ග සංඛේතවත් කරයි - ආගමික මාර්ගය සහ සැබෑ ආත්මික මාර්ගය සංඛේතවත් කරයි. ඔබට තමකමට (තම කැමැත්තට) නොනැසී දාසයෙකු වියහැක. නමුත් ඔබට තමකමට (තම කැමැත්තට) නොනැසී පුත්‍රයෙකු වීමට නම් නුපුළුවන.

දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් ගිනි එවා ආබෙල්ගේ පූජාවට පිළිතුරු දුන්සේක. නමුත් කායින්ගේ පූජාවට කිසිවක් නොවැටුණි. මනුෂ්‍යයෙකු ස්ථර ලෙස දවසින් දවස තම කැමැත්තට මැරෙන විට ඔහුගේ ජීවිතය මත සහ ඔහුගේ සේවාව මත ස්වර්ගයෙන්වූ ගින්නක් හටගනී. යොහාන් බෞතිස්ත විසින් යේසුස් වහන්සේ ඉදිරිකාලයේදී තම මුල් (තමකම - සිය කැමැත්ත කිරීමේ ආදම්ගෙන් පැවතුණු පෙළපත - ගස්වල මුල් ලෙස) පළමුව පොරවෙන් කපන ලද අය වෙත දෙනු ලබනවා යයි පැවසූ අව්‍යාජවූ ශුද්ධාත්ම බෞතිස්මය මෙයවේ (මතෙව් 3: 10-11 ). අනෙක් අතට, හුදෙක් නිවැරදි බාහිර දේවල් කරන සහෝදරයෙකුට යහපත් ජීවිතයක් තිබිය හැක, නමුත් ස්වර්ගයෙන්වූ ගින්න සහ ආලේපය ඔහුට නැතිවේ. චිත්තවේගයන් පිනවන (උද්වේගය) සිතෙහි හට ගන්නා උද්වේගයන් සතුටු කරවන (අද දවසේ වැඩිම දෙනෙකු භුක්ති විඳින) සාතන්ගේ ව්‍යාජ ‘බෞතිස්මය’, කුරුසියේ මාර්ගය තෝරා ගත් තම ගෝලයින් මත යේසුස් වහන්සේ එවන අව්‍යාජ ශුද්ධාත්මයේ සහ ගින්නේ බෞතිස්මය සමඟ සසඳන කළ නොවටිනා කසළවේ.

2 බාලාම්

බාලාම් තවත් ආගමික මනුෂ්‍යයෙකු වූවේය. ඔහු දෙවියන් වහන්සේට සේවය කිරීමට අවශ්‍යව සිටි දේශකයෙක් වූ, නමුත් ඒවගේම මුදල් ඉපයීමට සහ ලෝකයේ බලවත් මනුෂ්‍යයින් හමුවීමට ආශා කළ අයෙකුද විය (ගණන් කථාව 22). ඔහු ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔහු උදෙසා ගෞරවය සහ මූල්‍ය වාසි සෙව්වේය. අද දවසේ බාලාම් වැනි බොහෝ ව්‍යාජ ප්‍රොපේතවරු සිටිති. ඔවුන්ගේ ධර්ම මත සියල්ලම, මූලික ධර්මානුකූලයට අණුව වචනාර්ථව නිවැරදිය. නමුත් ආත්ම විමසීම නැති ඇඳහිළිවන්තයින්ට ඔවුන් බාලාම්ගේ ආත්මයෙන් (මුදලට සහ ගෞරවයට ප්‍රේම කරන) පොළඹවා ඇති බව හඳුනා ගැණීමට නොහැක. ඔවුන් සියළු දෙනාම තම තමුන්ගේම කාරණා සොයන්නෝ යැයි පිලිප්පි 2: 22 පාවුලුතුමා සඳහන් කරන අය මොවුන්වේ. පර්ගමම් සභාවේ මෙම බාලාම්ගේ ඉගැන්වීම් අණුව ජීවත්වු මිනිසුන් මොවුන්ය (එළිදරව් 2: 14). සභාවෙහි ගෞරවය බලාපොරොත්තුවීම හෝ මුදල් බලාපොරොත්තුවීම යන දෙකෙහි කිසි වෙනසක් නැත. මේ දෙකම බාලාම්ගේ ආත්මයෙන් පැමිණෙන්නා වූ දෙආකාර විවිධත්වයන්ය.

3 කෝරා

කෝරා ද තවත් ආගමික මනුෂ්‍යයෙකු විය. ඔහු ලෙවීගේ පූජක ගෝත්‍රයෙන් වූවේය ( ගණන් කථාව. 16). නමුත් ස්වාමින් වහන්සේ ඔහුට වෙන්කර තිබූ සේවය ගැන සෑහීමට පත් නොවුණි. ඔහු මෝසෙස් මෙන්, තව තවත් කැපී පෙනෙන්නට ප්‍රිය කළේය. මෙම ගිජුභාවය (ආගමික පිටස්තර පෙනුමකින් පැළදුණු කපටිකම) අවසානයේදී ඔහුගේ විනාශය සනාථ කළේය. ඔහු සහ ඔහුගේ සහකාර කැරළිකරුවන් වූ දාතාන්, සහ අබිරාම් සහ ඔවුන්ගේ පවුල් පමණකි, නිරයට පනපිටින් ගියාවූ එකම අය ලෙස ලියවිල්ලේ සඳහන්වන්නේ (ගණන් කථාව 16: 32,33). දෙවියන් වහන්සේ තමන්ගේ සෙනඟ කෙරෙහි තමන්වහන්සේම පත්කළ අධිකාරියට එරෙහිවූ මෙම කැරළිකාරකමේ පාපය ඉතා බරපතල ලෙස ගණන්ගත් සේක.

අද දවසේ බොහෝ වැඩිමහල්ලන්, දේශකයන් සහ සභාපාලකයින් තමන්-විසින්ම පත්කරගත් අය වෙති. ඔවුන්ට විරුද්ධව කැරළිකාර වීම බරපතල නොවිය හැක. එය සමහර අවස්ථාවල අවශ්‍ය වන්නටද පුළුවන! නමුත් දෙවියන් වහන්සේ විසින් පත්කරන ලද අයෙකුට විරුද්ධව කැරළි ගැසීම දෙවියන් වහන්සේගේ බලවත්ම විනිශ්චය ඔහු වෙත පාත්‍රවේ. ආත්මික මනුෂ්‍යයෙකු අඩුතරමින් එවැනි දෙයක් කිරීම ගැන කිසිවිට සිහින මවන්නේ වත් නැත. නමුත් ආගමික මනුෂ්‍යයින් එසේ වෙති. ආගමිකත්වයෙන් ලැබෙන ආත්මික අඥානකම එවැන්නකි.

කෝරා සභාවේ අන් අය සමඟ අයහපත් තරඟයක නියැලෙන්නා වූ අයව සංඛේතවත් කරයි. දේවභක්තික සහෝදරයෙකු ප්‍රසංසාවට පත්කිරීමට හෝ අගය කිරීමට ඔබට නොහැකි බව දැනේනම්, එයින් සහතික වන්නේ ඔබ තුළ කෝරාගේ ආත්මයේ යමක් තිබෙන බවයි. ඔබ ඔහුව විවේචනය කරනවිට, ඔබ කෝරාගේ ආත්මයෙන් පූර්ණවී ඇත. ඔහුව විවේචනය කරන අනික් අයට, ඔබටද සවන් දියහැකි නම්, ඔබ දෙවියන් වහන්සේ විසින් විනිශ්චය කරන ලද කෝරා සමඟ එක්වූ කැරළිකාර 250 දෙනා ද මෙන්වේ.

ආගමිකත්වය සහ ආත්මිකත්වය යන දෙකෙහි වෙනස ආත්ම විමසීමෙන් වෙන්කර හඳුනාගත නොහැකිනම් අපට කිසිදා ආත්මික විය නොහැකිය. එය මේ පැයේ අවශ්‍යථාවයයි - ආගමේ බාහිර පෙණුම තිබුණත් එහි අභ්‍යන්තර බලය (එය නම්, කුරුසියේ වචනයයි). නොමැති අය ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වන්නේ අවසන් දින ගැන ප්‍රකාශ කිරීම සම්බන්ධවය (2 තිමෝති 3: 5).