WFTW Body: 

ද්විතීය කථාව යන්නෙහි තේරුම ‘දෙවන නීතිය (ව්‍යවස්ථාව) යන්නයි.’ මෙයට හේතුව ව්‍යවස්ථාවෙහි වැදගත් අංශ රාශියක් මෙහි පුනරාවර්ථනය (නැවත සදහන්) වීමයි.

මෙම පොත ක්‍රම දෙකකට බෙදීමට අපට පුළුවන.

මූලිකව, එය මෝසෙස් දුන් දේශනා තුනක් ලෙස අපට බෙදීමට පුළුවන. 1. පළමු දේශනය (පරිච්ඡේද 1 සිට 4 දක්වා). 2. දෙවැනි දේශනය (පරිච්ඡේද 5 සිට 26 දක්වා). 3. තුන්වැනි දේශනය (පරිච්ඡේද 27 සිට 30 දක්වා). මේ සියල්ලම ප්‍රකාශ කර ඇත්තේ දැවෙන පඳුරේදී, ඔහුට කථා කරන්නට නොහැකි යැයි දෙවියන් වහන්සේට පැවසූ මිනිසා විසිනි. පොත අවසන් වන්නේ මෝසස්ගේ ගීතය (32 වන පරිච්ඡේදය), මෝසස්ගේ ආශිර්වාදය(33 වන පරිච්ඡේදය). මෝසස්ගේ මරණයෙන්ය (34 වන පරිච්ඡේදය).

පොත බෙදීමේ දෙවන ක්‍රමය නම්, දිශාවන් තුනක් දෙස බැලීමය : 1. පසුපස දෙස බැලීම. වනාන්තරයේ අවුරුදු 40ක් තුළ දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම දෙස ආපසු හැරී බලන පණිවිඩ දෙකක් පරිච්ඡේද 1-11). 2. ඉහළ බැලීම. උන්වහන්සේගේ නීති මගින් - දෙවියන් වහන්සේ වෙත ඉහළ බලන පණිවිඩ දෙකක්. දෙවියන් වහන්සේගේ නීති මගින්, මනුෂ්‍යයා තම අවශ්‍යථාවය දැකීම (පරිච්ඡේද 12 සිට 31 දක්වා). ඉදිරිය බැලීම (අනාගතය) දෙස බැලීම. අනාගතයේදී දෙවියන් වහන්සේ කරණු ලබන්නාවූ පුදුමාකාර දේවල් දෙස බළා සිටින පණිවිඩ දෙකක් (පරිච්ඡේද 32 සිට 33 දක්වා). මෙම බැලීම් තුන අප සියලු දෙනාගේ ජීවිතයෙහි තිබීම අත්‍යවශ්‍යය. අපි කොතෙක් වයස් ගත වූවත් මෙම බැලීම් තුනෙහි පැවතීමෙන් නතර නොවිය යුතු ය.

1. පසුපස දෙස බැලීම ( ද්විතීය කථාව 1-11 )

අප පසුපස බැලිය යුතුය. ස්වාමින් වහන්සේ මට, මඟ පෙන්වූ ආකාරය ගැන මම බොහෝ වාරයක් ආපසු හැරී බළා ඇත - එය මගේ ඇදහිල්ල අලුත් කර ඇත. ගැළවීමට මඟක් නොමැති යැයි පෙනෙන්නට ඇති දුෂ්කර තත්වයකට මුහුණ දීමට මට සිදුවූ විට, මම බයිබලයේ පොරොන්දු ගැන මතක් කර, වෙනත් ඇදහිළිවන්තයින් මට දෙන දිරිගැන්වීම්වලට සවන් දෙමි. නමුත් සියල්ලටම වඩා මගේ ඇදහිල්ල වැඩියෙන්ම ශක්තිමත් කරන දෙය වන්නේ මම ආපසු හැරී බැලීමය. ස්වාමින් වහන්සේ මගෙන් අසන්නේ “එක් වරක් වත් මම ඔබව මඟ හැර තිබේ ද?” මට පිළිතුරු දීමට සිදුවන්නේ “නෑ ස්වාමිනි එක් වරක් වත් නැත” කියා ය. එවිට උන්වහන්සේ කියා සිටින්නේ “දැන් වුවද මම නුඹව මඟ හරින්නේ නැත” කියා ය. පසුපස බැල්ම හැම දෙයකටම වඩා මාව දිරිගන්වන්නේ ය .

ඔබ නැවත වැටී තිබේද? අතීතය බළා ස්වාමින් වහන්සේ ඔබට සමාව දුන් ආකාරය දෙස බලන්න. උන්වහන්සේ ඔබට සමාව දුන් විට ඔබ නැවත වැටෙන බව උන්වහන්සේ දැන නොසිටියේද? ඔබ නැවත වැටීම එය උන්වහන්සේව මවිතයට පත් කළේද? නැත. එසේ නම්, උන්වහන්සේ ඔබට නැවත සමාව දේවි. කෘතඥථාවයෙන් අතීතය දෙස බලන්න. එය ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කර යි. උන්වහන්සේගේ දයාණුකම්පාව ට ස්තූතිවන්ත වන්න. අතීතයේ ඔබගේ අසාර්ථකත්වයන් දෙස බැලූ විට, ඔබ වටා අසාර්ථක සිටින අනෙකුත් ඇදහිළිවන්තයින්ට දයාණුකම්පාව දක්වන්න ඔබ ඉගෙන ගනීවි. නමුත් අප ආපසු හැරී නොබැලිය යුතු තවත් ක්‍රමයක් තිබේ. පාවුලුතුමා කිව් පරිදි “අතීතයේ දේවල් අමතක කරණු” ( පිලිප්පි 3: 13). අපි වැරදි ආකාරයකින් ආපසු හැරී බැලුවහොත්, අපගේ ජීවිතයේ වසර ගණනාවක් නාස්ති කිරීමෙන්, අපි අධෛර‍්‍යයට පත්වී අප ජීවිතයේ නිෂ්‍ප්‍රයෝජන අය සහ අසාර්ථකයින් යයි සිතන්නට පුළුවන.

තමන්ගේ ජීවිතය නාස්ති කර ඇතැයි හැඟෙන අයට මම ධෛර‍්‍යයමත් වචනයක් දෙන්නෙමි. වැඩ කරන දිනක පැය 12න් පැය 11ක්ම වැඩ නොකරපු සමහර කුළී කරුවන් සම්බන්ධව උපමාවක් යේසුස් වහන්සේ කීසේක. 11වැනි පැයේදී තම මිදි වත්තේ වැඩ කරන මෙන් ඔවුන්ට මනුෂ්‍යයෙක් ආරාධනා කෙරුවේය. ඔවුන් ගොස් එක් පැයකට පමණක් වැඩ කළෝය. නමුත් ඔවුන්ට ඔවුනගේ කුළිය මුළින්ම ලැබුණ බව යේසුස් වහන්සේ කීසේක! පැය 12ක් වැඩ කරපු අය ඔවුනගේ කුළිය ලබාගත්තේ අන්තීමට ය ! එය ඔබව ධෛර‍්‍යයමත් කරාවි යැයි මම බළාපොරොත්තු වෙමි. අධෛර‍්‍යයමත්කමින් අප අතීතය දෙස නොබැලිය යුතු ය. උඬඟුකමින් ද අප අතීතය දෙස නොබැලිය යුතු ය. ඔබව අධෛර‍්‍යයමත් කරන හෝ උඬඟු කරන යම් දෙයක් ගැන ඔබට සිතිය හැකි නම්, ඉතා ඉක්මණින් එය අමතක කරන මෙන් මම ඔබෙන් හුදෙක්ම ඉල්ලමි. නමුත් දෙවියන් වහන්සේ අතීතයේ අප වෙනුවෙන් කර ඇති දේ ගැන අප සැමවිටම කෘත්‍යඥථාවයෙන් ආපසු හැරී බැලිය යුතු ය. මා පවසන අතීත (පසුපස) බැල්ම එය යි. එලෙස අතීතය නොබළා, තමන්ගේ පාපවලින් පවිත්‍ර කිරීම අමතක කරන අය අන්ධ හා කෙටි දැක්මක් ඇති අය බව යි පේදුරුතුමා පවසන්නේ ( 2 පේදුරු 1: 9 ).

2. ඉහළ දෙසට බැළීම ( ද්විතීය කථාව 12-31 )

අප ඉහළ ද බැලිය යුතු ය. ස්වාමින් වහන්සේගේ මහිමය දැකීම අපි කිසි විටෙකත් නතර නොකළ යුතු ය. අප තවමත් නොදැකපු බොහෝ යේසුස් වහන්සේගේ මහිමය ඇත. අප මෙය උදෙසා වැඩි වැඩියෙන් ප්‍රිය විය යුතුය, මක්නිසාද ශුද්ධාත්මයාණන් අපව පරිවර්ථනය කිරීමට උත්සහ කරන රූපය එයයි. ස්වාමින් වහන්සේගේ මහිමය අප දකින කළ අපගේම අවශ්‍යථාවය අපි දකින බැවින් එය අපිව යටහත් කරයි. අපගේ ජීවිතයේ අවසානය දක්වාම යටහත්ව සිටීමේ රහස මෙයයි. දෙවියන් වහන්සේ ආළේප කර බලවත් ලෙස පාවිච්චි කළ කෙනෙකුට උඬඟුවීම ඉතා පහසුය. මම එවැනි දේශකයන් බොහෝ දැක ඇත්තෙමි. දෙවියන් වහන්සේ ඔවුන්ව පාවිච්චි කර ඇති නිසා ඔවුන් ඉතා උඬඟු වී මිනිසුන්ගෙන් ඈත්ව සිටිති. අපගේ ජීවිතයේ අවසානය දක්වාම කැඩුණුභාවයෙන් හා යටහත්කමින් සිටීමට අපට හැකිවන්නේ කෙසේ ද? එක් දෙයකට පමණි. අපගේ ඇදහිල්ලේ කතෘ සහ අවසන් කරන්නා වන යේසුස් වහන්සේ දෙස බැලීම ය. අප යේසුස් වහන්සේ දෙස බලන විට උඬඟු වීමට කොහෙත්ම අපහසු ය. මිනිසෙකු අන් අය දෙස බැලීමට ආරම්භ කරන විට ඔහු උඬඟු වී, ඔහු ඔවුන්ට වඩා යහපත් හෝ ආළේප ලත් හෝ ඔවුන්ට වඩා පාවිච්චි කිරීම යනාදී...ලෙස සිතයි. කෙසේවෙතත් ඔහු යේසුස් වහන්සේ දෙස ඉහළ බැලුවහොත්, ආපොස්තුළු යොහාන් තුමා පත්මොස් දූපතේදී කළාක් මෙන් - ඔහු මුණින් අතට දූවිල්ලේ වැටී පසුතැවිළි වනු ඇත. ඔහු දිගින් දිගටම යේසුස් වහන්සේ දෙස බැලුවහොත් සදහටම තම මුහුණ දූවිල්ලෙහි තබා ගනීවි. සෑමවිටම අපගේ මුහුණ දූවිල්ලෙහි තබා ගැනීමට අප සියලු දෙනා ඉගෙන ගත යුතුය. එයයි ආරක්ෂිත ස්ථානය. එබැවින් ඔබගේ කාලය අවසන් වන තුරු දෙවියන් වහන්සේ ඔබ සමඟ සතුටින් සිටීමට ඔබට අවශ්‍ය නම්, ඉහළ බලමින් සිටින්න. අපි කිසිවිටෙකත් ඇතුළතට නොබැලිය යුතුය. අපි සැමවිටම මුළින්ම ඉහළ බැලිය යුතුය. අප යේසුස් වහන්සේ දෙස බළා, උන්වහන්සේගේ මහිමය දකින කල්හි, අප අපේ පාපය දකිණු ඇත. අපගේ පාපය දැකීමට හොඳම ක්‍රමය එයයි. එසේ නොවුවහොත් අප අධෛර‍්‍යයමත් වනු ඇත.

3. ඉදිරිය බැළීම ( ද්විතීය කථාව 32-33 )

අප ඉදිරියද බැලිය යුතුය - ඇදහිල්ලෙන්. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් අපූරු දේවල් තැන්පත් කර ඇත. අපට තුළින් ඉෂ්ටකිරීමට මහත්වූ කාර‍්‍යයක්, උන්වහන්සේ ට ඇත. අපට කවදා මේ ලෝකය හැර යන්නට වේද අප දන්නේ නැත. නමුත් ස්වාමින් වහන්සේ පැමිණීමට ප්‍රථම උන්වහන්සේට මේ පොළොවේ ප්‍රයෝජනවත් යමක් කිරීමට අපි බළා සිටිමු. ලෝකයේ බොහෝ මිනිසුන් අනාගතය දෙස බලන්නේ බියෙන් හා කණස්සල්ලෙනි. නමුත් අප ඇදහිල්ලෙන් බළා සිටින්නෙමු. දෙවියන් වහන්සේ මෝසෙස්ට ද්විතීය කථාවෙහි පැවසුවේ ඉශ්‍රායෙල්වරුන්ට කානාන්හි ජීවත්වන කාලය දෙස බළා සිටින ලෙසට පවසන ලෙසය. උන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ අනාගතයේ බොහෝ කාලයකින් සිදුවන්නට යන ඒ දේ සම්බන්ධව අනාගතවාක්‍ය ද්විතීය කථාවෙහි පැවසූ සේක.