WFTW Body: 

1. අප එක් එක් කෙනාගේ ජීවිතයට දෙවියන් වහන්සේට පරිපූර්ණ සැළැස්මක් ඇති බව විශ්වාස කිරීම :

දෙවියන් වහන්සේ පෙර සූදානම් කළ යහපත් ක්‍රියාවන් තුළ අප ගමන් කරන පිණිස, අපව යේසුස් වහන්සේ තුළ එම යහපත් ක්‍රියාවන් සඳහා මවන ලද්දේ ය (එපීස 2: 10). බොහෝ කළකට පෙර දෙවියන් වහන්සේ අපව ක්‍රිස්තුස් වහන්සේ තුළ තෝරාගත් විට, අපගේ භූමික ජීවිත සමඟ අප කළ යුත්තේ කුමක් කියා ද උන්වහන්සේ සැළසුම් කළ සේක. දැන් අපගේ වගකීම වන්නේ එම සැළැස්ම දිනෙන් දින සොයා ගැනීම සහ එය අනුගමනය කිරීම යි. දෙවියන් වහන්සේගේ සැළැස්මට වඩා හොඳ සැළැස්මක් අපිට කිසි විටෙකත් සැළසුම් කළ නොහැකිය. අන් අය කරන දේ අප අනුකරණය නොකළ යුතු ය, මක්නිසාද දෙවියන් වහන්සේගේ එක් එක් දරුවන් සඳහා වූ උන්වහන්සේගේ සැළැස්ම වෙනස් ය. නිදසුනක් වශයෙන්, යෝසෙප් සඳහා දෙවියන් වහන්සේගේ සැළැස්ම වූයේ, ඊජිප්තුවේ මාළිගාවේ නැවතී සිට ඔහුගේ ජීවිතයේ අවසාන අවුරුදු 80 බොහෝ සැප පහසුවෙන් (සැනසීමෙන්) ජීවත් වීම යි, අනෙක් අතට මෝසෙස් සඳහා දෙවියන් වහන්සේගේ සැළැස්ම වූයේ, ඊජිප්තුවේ මාළිගාවෙන් පිටත්ව ගොස් ඔහුගේ ජීවිතයේ අවසාන අවුරුදු 80 කාන්තාරයේ මහත් අපහසුතාවයෙන් ජීවත් වීමයි. මෝසෙස්, සැප පහසුවට ඇලුම් වී යෝසෙප්ව අනුගමනය කළා නම්, තමන්ගේ ම ජීවිතය උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔහුට අහිමි කර ගැනීමට ඉඩ තිබුණි. හරියටම එයාකාරවම අද දවසේද, දෙවියන් වහන්සේට එක් සහෝදරයෙකුට සිය මුළු ජීවිත කාලයම එක්සත් ජනපදයේ සැප පහසුවේ ජීවත්වීමට අවශ්‍ය ව ඇති අතර, තව සහෝදරයෙකු උතුරු ඉන්දියාවේ අව් රශ්මියේ හා දූවිල්ලේ සිය මුළු ජීවිත කාලයම වෙහෙසෙන්නට අවශ්‍යව ඇත. එකිනෙකා තම ජීවිතය උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත ගැන ඒත්තු ගැනීම වෙනුවට, ඔහුගේ කොටස අනෙක් සහෝදරයා සමඟ සැසඳීම හා ඔහුට ඊර්ෂ්‍යා හා විවේචන කිරීම නොකළ යුතු ය. දෙවියන් වහන්සේ මට ඉන්දියාවේ සේවය කිරීමට කැඳවූ බව මා දනිමි. නමුත් තව කෙනෙකුට මාගේ සේවාව තිබිය යුතු යැයි මා කිසිසේත් බළ කිරීමක් කර නැත. කෙසේ වෙතත් අප අපගේම ගෞරවය සොයන්නේ නම් හෝ මුදලට ආශා කරන්නේ නම්, හෝ සැප පහසුව සොයන්නේ නම් හෝ මනුෂ්‍යයාගේ අනුමැතිය සොයන්නේ නම්, අපට කිසි දිනක දෙවියන් වහන්සේගේ සැළැස්ම සොයා ගැනීමට නොහැකි වනු ඇත.


2. දෙවියන් වහන්සේ ව සමීපව දැන හැදින ගැනීම, ශක්තිමත් වීමේ රහස යි :

“තම දෙවියන් වහන්සේ හදුණන සෙනඟ ශක්තිමත් වන්නෝ ය” (දානියෙල් 11: 32). අද, අනුන් තුළින් අප දෙවියන් වහන්සේව දැන හදුණා ගැනීම කෙරෙහි උන්වහන්සේ කැමැත්තක් නොදක්වයි. උන්වහන්සේ ළාබාලම ඇදහිළිවන්තයාට පවා උන්වහන්සේව පෞද්ගලිකව ම දැන හදුණා ගැනීම ට ආරාධනා කරන සේක (හෙබ්‍රෙව් 8: 11). සදාකාල ජීවනය නම්, දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව පෞද්ගලිකව ම දැන හදුණා ගැනීම බව යේසුස් වහන්සේ අර්ථ දැක්වූ සේක (යොහාන් 17: 3). මෙය පාවුලුතුමාගේ ජීවිතයේ ලොකුම ආශාව වූ අතර, අපගේ උතුම් ම ආශාවද විය යුතු ය ( පිලිප්පි 3 : 10). දෙවියන් වහන්සේව ඉතා සමීපව දැන හදුණ ගැනීමට අපේක්ෂා කරන කෙනෙකු, උන්වහන්සේට නිතරම ඇහුම්කන් දිය යුතු ය. මිනිසෙකුට තමන්ව ආත්මීකව ජීවමානව තබාගත හැකි එකම ක්‍රමය වන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකට සවන් දීමෙන් බව යේසුස් වහන්සේ පැවසූ සේක ( මතෙව් 4 : 4). තවද උන්වහන්සේගේ පාමුල හිඳගෙන උන්වහන්සේට සවන් දීම කිතුණු ජීවිතයේ වැදගත්ම දේ බව උන්වහන්සේ පැවසූ සේක (ලූක් 10: 42). සෑම දිනකම අළුයම පටන් පියාණන්ට සවන් දීමේ පුරුද්ද (යෙසායා 50: 4), දවස මුළුල්ලේ ; පසුව රාත්‍රී කාලයේදී අප නින්දෙදි සිටින අවස්ථාවන්හී ද සවන් දීමේ ආකල්පයකින් සිටීමේ පුරුද්ද යේසුස් වහන්සේට තිබූ ලෙසට ම අපද වර්ධනය කළ යුතු ය - එබැවින් රාත්‍රියේ අප අපගේ නින්දෙන් අවදි වුවහොත් “ස්වාමිනි කථා කරණු මැන, ඔබවහන්සේගේ දාසයා අසා සිටි යි” යැයි අපිට කිව හැකි ය (1 සාමුවෙල් 3: 10). දෙවියන් වහන්සේ කැමැත්ත දැන ගැනීම අපව සියළු තත්වයකදීම ජයගන්නන් බවට පත් කරනු ඇත - මන්ද අප මුහුණ දෙන සෑම ගැටළුවකටම දෙවියන් වහන්සේ ට විසඳුමක් ඇති බැවින් - අප උන්වහන්සේට සවන් දෙන්නේ නම්, උන්වහන්සේ එම විසඳුම කුමක් දැයි අපිට කියා දෙන සේක.


3. දෙවියන් වහන්සේ පිළීගත් සියල්ලන් පිළිගන්න :

“ශරීරය තුළ අවයවයන් උන්වහන්සේ ම අපේක්ෂා කළ ආකාරයට දෙවියන් වහන්සේ තබා ඇත්තේ..... ශරීරය තුළ කිසිඳු බෙදීමක් නොවන පිණිස ය” (1 කොරින්ති 12: 18, 25). දෙවියන් වහන්සේ, විවිධ කාලවලදී විවිධ දේශවල මනුෂ්‍යයින් නැගිටුවා ඇත්තේ උන්වහන්සේට නිර්මල සාක්ෂියක් නැවත ගොඩනඟන පිණිස ය. එහෙත් එම දේව-භක්තික මිනිසුන් මිය ගිය පසු, ඔවුන්ගේ අනුගාමිකයෝ, ඔවුන්ගේ කණ්ඩායම් අන් අයගෙන් වෙන්වූ (සුවිශේෂි) හා අන්තවාදී (ව්‍යාජ මූලධර්ම තුළ පවතින්නන්) බවට පත් කළෝය. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය අන් සියලු කණ්ඩායමකට ම වඩා විශාල ය. අප එය කිසිවිට අමතක නොකළ යුතු ය. ක්‍රිස්තුස් වහන්සේගේ මනාළිය (ශරීරය) එක් එක් කණ්ඩායම් තුළ සොයාගත හැක. එම නිසා දෙවියන් වහන්සේගේ වචනය අර්ථ නිරූපනය කිරීමේ වෙනස් කම් නිසා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සමඟ අපට එකට වැඩ (සේවය) කිරීමට නොහැකි වුවද, අප, ස්වාමින් වහන්සේ පිළිගත් සියලු දෙනා සමඟ සහෝදරත්ව සහභාගිකම් පැවැත්වීමට සෙවිය යුතුය.