WFTW Body: 

පිලදෙල්පියා සභාව විශ්වාසවන්ත සභාවක් බව එළිදරව් 3 හි අප කියවමු. වැඩිමහල්ලා විශ්වාසවන්තව සිටිය නිසා සභාව විශ්වාසවන්තවූ සභාවක් විය. ස්වාමීන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: '' මෙන්න කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ'' (එළිදරව් 3: 8 ).

ස්වාමීන් වහන්සේ අප උදෙසා දොරක් අරින විට කිසිවෙකුට එය පියන්ට බැරිය. "යතුර ඇත්තේ මටය, කිසිවෙකු නොපියන ලෙස මම එය අරිමි" යැයි ස්වාමින් වහන්සේ පවසන සේක ( එළිදරව් 3 : 7 ). කිසි දොරකට තට්ටු කරමින් යාමට අපට අවශ්‍ය නැත. අප උදෙසා හරිව තිබෙන දොරටු අප විසින් අතින් අල්ලන්නෙවත් නැතුව අපගේ ස්වාමීන් වහන්සේ ඒවා අප හට හැර දෙන සේක. ඒවා, ඔබ ළඟට පැමිණි වහාම විවෘත වන, සමහර ගුවන්තොටුපලවල්වල අප දැක ඇති, ස්වයංක්‍රීය දොරවල් මෙනි. ඔබ ඔබ හට දේවසේවය උදෙසා දොරක් සොයන්නේද? ඔබ ඔබ හට එවැනි දොරක් විවෘත කිරීමට උත්සාහ කරමින්ද සිටින්නේ, එසේ නැතිනම් ඔබට එම දොර විවෘත කර දීමට බලපුළුවන්කම ඇති මිනිසෙකු දෙස බලමින් සිටින්නේද? අන් කෙනෙකුට තිබෙන දේවසේවයට ඔබ ආශා කරමින් සිටින්නේද? එය නපුරුය.

සුළු දේවල් හිදී දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටින්න. එවිට උන්වහන්සේ යහපත් කාලයේ දී සේවය උදෙසා හරි වූ දොරටු ඔබ හට විවෘත කර දෙන සේක. එවිට ඔබ බොහෝ වැරදි දොරටු තුළින් යෑමෙන් ඔබගේ ජීවිතය හෝ ඔබගේ කාලය නාස්ති නොකරනු ඇත. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස වන්තව සිට ඔබ උදෙසා එම දොරටු උන්වහන්සේම හැර දෙන්ට ඉඩහරින්න. එවිට උන්වහන්සේ ඔබ හට සැලසුම් කර ඇති ස්ථාන වලට යෑමට පියවරින් පියවර මඟ පෙන්වන සේක.

එක් වතාවක් යම් රටකට ගමන් කරමින් සිටියදී ස්වාමීන් වහන්සේ මා හට පැවසූ දේ මතක් වේ. එහිදී ස්වාමීන් වහන්සේ මට කියා සිටියේ "ඒ රටට ඔබ යන විට එහි සිටින්නාවූ ඔබ දන්නා වූ කිසිවෙකුට ඔබ එහි එන වග දැනගන්න සලස්වන්න එපා. ඔබ නිකංම එහි යන්න". එසේ මම එහි ගිය විට මට කිසි සේවාවන් කිරීමට නොමැතිව නැවත හැරී ආවෙමි. මම උන් වහන්සේට කීකරු වන්නේ ද යන්න එහිදී උන්වහන්සේ පරීක්‍ෂාකර බැලූ සේක. ඊළඟ වතාවේ මා ඒ රටට ගිය විට ස්වාමීන් වහන්සේ මාහට බොහෝ දොරටු හැරදි මා කිසිදින නොදැන සිටි බොහෝ සෙනඟක් මා හට මුණ ගැස්සීය. ස්වාමින් වහන්සේහට මා යා යුතුව තිබුණා වූ ස්ථාන වූයේ ඒවාය. එතකොට මම දැක්කා දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයෙන් හරි දොරවල් විවෘත කරනවා කියලා. මා හට සේවාවක් උපදවා ගැනීම පිණිස ඊට කලින් වතාවේදී මා විසින්ම යම් දොරටු විවෘත කර ගත්තේ නම්, දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම මගෙන් ගිලිහී යන්නට තිබුණි. එම නිසා කිසි ස්ථානයක දී ප්‍රගතිය උදෙසා ඔබව ඉක්මන් කරගන්න එපා. ස්වාමීන් වහන්සේ කෙරෙහි රැඳී සිට ඔබ උදෙසා හරි වූ දොරටු උන්වහන්සේටම විවෘත කරන්නට ඉඩ හරින්න. පිලදෙල්පියාහි අය මෙන් ඔබටද ඇත්තේ ස්වල්ප බලයක් විය හැක. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ වචනය රක්‍ෂාකොට උන්වහන්සේගේ නාමය ප්‍රතික්‍ෂේප නො කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන බව ඔබගේ සතුරන්ට පවා උන්වහන්සේ දැනගන්ට සලස්වන සේක ( එළිදරව් 3:8,9 ).

ඉන්පසු ස්වාමීන් වහන්සේ මේ සභාවට මෙසේ පැවසීය. “මම ඉක්මනින් එමි. කිසිවෙක් ඔබේ ඔටුන්න නොගන්නා ලෙස ඔබට තිබෙන දේ තදින් අල්ලාගන්න" (එළිදරව් 3:11 ). ස්වාමීන් වහන්සේ අප හට යම් සේවයක් දෙන විටදී එය ඉෂ්ඨ කිරීම පිණිස අප විශ්වාසවන්ත විය යුත්තෙමු. එසේ නොවුවහොත් උන්වහන්සේ එම සේවය තව කෙනකුට දෙන අතර එම පුද්ගලයා ඔබට ලැබෙන්නට තිබුණා වූ ඔටුන්න ලබා ගන්නවා ඇත ! ඔහු ඔහුට යුතු වූ ඔටුන්න ලබා ගන්නවාත් සමඟම ඔබගේ ඔටුන්නද ලබා ගන්නේය. එම නිසා විශ්වාසවන්ත වන්න. ජය ගන්නා වූ අයව ස්වාමීන් වහන්සේ "උන්වහන්සේගේ සභාවේ කණු" කරගන්නා සේක ( එළිදරව් 3 :12 ). ගොඩනැගිල්ලක් රඳා පවතින්නේ කුළුණු මතය. සැම්සොන් කුළුණු දෙකක් ඇද හෙලූ විටදී මුළු ගොඩනැගිල්ලම කඩා වැටුණි. සමහර අවස්ථාවලදී වැඩිමහල්ලන් දෙදෙනෙක් පමණක් මුළු සභාවම උසුලාගෙන සිටිති. ඔවුන් මිය යන විට සභාවද මිය ඇදෙන්නේය. දෙවියන් වහන්සේගේ සභා තුළ උන්වහන්සේට බොහෝ කුළුණු අවශ්‍ය වන්නේය. ඔබගේ පුද්ගලික ජීවිතයේ සහ සිතුවිලි තුළ පාපය ජයගැනීමට උත්සුක වන්නේ නම් ඔබටද කුළුණක් වන්නට පුළුවන.