WFTW Body: 

අධෛර්‍යට පත් මිනිසුන් ධෛර්‍යමත් කිරීමේ ආශිර්වාදලත් සේවයක් සෙකරියාට තිබුණි. යුදෙව්වරු තම පියවරුන් වහල් කමෙන් සිටි බබිලෝනියෙන් නැවත පැමිණි මොහොතේ, ඔවුන් දුගීව, භීතියට පත්ව සහ අධෛර්‍යට පත්ව සිටියෝය. ඔවුහු පහර කෑමට ලක්වූ සමූහයක් වූවෝය. ඔවුන්, වසර 200 ට පෙර සිටි තම මුතුන් මිත්තන් මෙන් සීලාචාර, ශිෂ්ඨව හෝ ධනවත්ව නොසිටියෝය. ඔවුන් ධෛර්‍යමත් කිරීමට සෙකරියාව කැඳවනු ලැබීය.

" මෙම ගිනිමය පවුර (බිත්ති) ඇතුළත රැස්වෙන දෙවියන් වහන්සේගේ මහිමය තමන් අතර තිබෙන්නා වූ දෙවියන් වහන්සේ උදෙසා මුළු හදවතින් ජීවත්වන මිනිසුන් සමඟ සිටීමට මට අවශ්‍යය”.

"මම ම ජෙරුසලම (සභාව) වටා ගිනි පවුරක්ව වන්නෙමියි” කියා ස්වාමින් වහන්සේ ඔවුනට කීසේක සෙකරියා 2: 5. සභාවට කිසිදු භූමික, නිකායික පවුරු නොමැත. ඔබට දේවධාර්මික මතවාද ලියවිල්ලක් අත්සන් කර එතුළට පැමිණිය නොහැක . සෑම අයෙකුටම සැබෑ සභාවේ අවයවයක් වන්නට අවශ්‍ය නම්, එම ගිනි පවුරතුළින් පැමිණිය යුතුවේ. එම ගින්න ඔහුගේ සියළුම භූමික ආශාවන් සහ තමන් උදෙසා ජීවත්වීමේ කැමැත්ත පුළුස්සා දමන්නේය. ඔහුට ක්‍රිස්තු ශරීරයේ අවයවයක් විය හැකි වන්නේ එවිට පමණකි.

ගිනි පවුරකින් වටවූ නගරයක් සිතෙහි මවාගමු. එම නගරයට ඔබ ඇතුළුවන්නේ කෙසේද? එම ගිනිපවුර තුළින් යාමෙන් පමණි. දැවිය හැකි සියළු දේ, ඔබ එම පවුර තුළින් ඇතුළුවන විට දෙවියන් වහන්සේ විසින් දවා ලන්නේය. ගින්න තිළින් යා හැකි වන්නේ නොදැවිය හැකි දේට පමණි. "අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන (විනාශ කරන) ගින්නක්ය" (හෙබ්‍රෙව් 12: 29). "මේ දැවෙන ගින්නෙහි අප අතරෙන් කවරෙකුට ජීවත් වියහැකිද"? (යෙසායා 33: 14 ).

වසර ගණනාවක සිට, දේශකයින්, එම ගින්නට වතුර විසිකොට එය නිවා දමා ඇති හෙයින්, මේකාලයේ ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ලෞකික අදහස්, ඔවුන්ගේ ලෞකික ආශාවන් සහ ලෝකය කෙරෙහි ඇති ඔවුන්ගේ ප්‍රේමය තවදුරටත් එළෙසම (අත්නෑර) තබාගෙන, සභාවට පැමිණ සම්බන්ධවීමට පුළුවන. දෙවියන් වහන්සේ එවැනි සභාවක නැති බව ඔබට සහතික කරගත හැකිය, මක්නිසාද උන්වහන්සේ වැඩවසනා කොතැනක හෝ එම සභාව වටා උන්වහන්සේම ගිනිමය පවුරක් වන්නේය.

ඉන් පසුව "එය මධ්‍යයේ මම තේජාලංකාරයෙන් (මහිමයෙන්) සිටින්නෙමියි දෙවියන් වහන්සේ තවදුරටත් පවසන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය (මහිමය) ඔබගේ සභාවේ පවතින්නට ඔබට අවශ්‍ය නම්, ඔබගේ සභාව වටා උන්වහන්සේම ගිනිමය පවුරක් වන්නට ඉඩ හැරිය යුතුය. මේ දෙකම එක්ව (එකට) යන්නකි. දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන් උසස් වැඩි යයි පවසමින්, ඔබ ඒ ගින්නට වතුර විසි කරහොත්, එවිට දෙවියන් වහන්සේගේ මහිමය ඔබ සභාවේ තිබෙන්නට යන්නේ ද නැත. ගිනි පවුර ඉවතට යන විට, මහිමයද ඉවත්ව යන්නේය. ධාර්මික මතවාද වැදගත්ය. නමුත් කිසිදු ධාර්මික මතවාදයක් ගිනිමය පවුරක් වන්නේ නැත. දෙවියන් වහන්සේම ගිනිපවුර වියයුතුය. සභාවක වැදගත්ම කරුණ වන්නේ නිවැරදි ධාර්මික මතවාදය නොව, නමුත් දෙවියන් වහන්සේගේ මහිමයයි. එය එතැන තිබේ නම්, නිවැරදි ධාර්මික මතවාදය ද අනුගමනයවේ (පිළිපැදේ). එය එතැන නැතිනම්, හුදු ධාර්මික මතවාදයේ නිවැරදිකම ප්‍රයෝජනවත් නොවේ.

"බබිලෝනියෙන් පිටතට එන්න. යෙරුසලමට පලා යන්න" (සෙකරියා 2: 6). එය කෙබඳු වචනයක්ද! අප අද දවසේත් දෙවියන් වහන්සේගේ මිනිසුන්ට එය ප්‍රකාශ කළ යුතුය! සෑම ඇඳහිළිවන්තයෙකුටම බබිලෝනියෙන් පිටතට පැමිණීමට තීරණයක් ගත යුතුවේ. දෙවියන් වහන්සේ කිසිවෙකුගේ බෙල්ලෙන් අල්ලා එළියට අදින්නට යන්නේ නැත. වගකීම එක් ඒක් අය සතුව ඇත්තේය. එම තීරණය ඔබම ගත යුතුය. නමුත් පෞද්ගලිකව මා පවසන්නේ, දෙවියන් වහන්සේට හෝ උන්වහන්සේගේ වචනයට ගරු නොකරන කිසිදු ආගමික වැඩපිළිවෙලක් සමඟ කොටස්කාරයකු වීමට මට කිසිදු අවශ්‍යථාවයක් නොමැත. මෙම ගිනිමය පවුර (බිත්ති) ඇතුළත රැස්වෙන දෙවියන් වහන්සේගේ මහිමය තමන් අතර තිබෙන්නා වූ දෙවියන් වහන්සේ උදෙසා මුළු හදවතින් ජීවත්වන මිනිසුන් සමඟ සිටීමට මට අවශ්‍යය.

ඔබ සභාවක් ගොඩනැගීමට බලාපොරොත්තු වන්නේනම්, මෙවැනි සභාවක් ගොඩනගන්න. අන් කවර ආකාරයක සභාවක්වත් ඵලදායි නොවේ. නමුත් මෙවැනි සභාවක් ගොඩනැඟීමට ඔබට මිලයක් ගෙවීමට සිදුවේ. ඔබ කොතැන හෝ දැක ඇති යම් හුදු රටාවක් අනුකරණය කරමින් ඔබට එය නැවත නිර්මාණය කරීමට නොහැක. ඔබ, උන්වහන්සේව ප්‍රසන්න කරන සභාවක් ගොඩනැඟීමට ප්‍රථම, දෙවියන් වහන්සේට ඔබ ජීවිතයේ දැවීමට හැකි සියළු දේ දවාලීමට සිදුවේ. එනිසා ඔබ තුළ ඇති සෑම භූමික ආශාවක්ම දැවී ඇත් දැයි සහතික කරගන්න. දෙවියන් වහන්සේ ආශා නොකරන කිසි දෙයක් ඔබද ආශා නොකරන වගටත්, දෙවියන් වහන්සේ පිළිකුල් කරන සියළු දේ ඔබද පිළිකුල් කරන බවටත් සහතික කරගන්න. එවිට උන්වහන්සේගේ සභාව ගොඩනැඟීමට දෙවියන් වහන්සේට පාවිච්චි කළ හැකි මිනිසෙක් / ස්ත්‍රියක් වන්නට ඔබට පුළුවන.