WFTW Body: 

අප ඵලදායි ආත්මික යුද්ධයක් කිරීමට නම් අප කිසිසේත් සාතන්ගේ වැඩ පිළිවෙලවල්, උපක්‍රම, උපාය මාර්‍ග නොසලකා නොහැරිය යුතුය. වනන්තරයේදී ආහාර සම්බන්‍ධව සාතන් යේසුස්වහන්සේව පරීක්‍ෂා කළ ආකාරයට අනුව සාතන් අපවද අපගේ ශරීරයේ සම්මත ආශාවන් තුළින් පරීක්‍ෂා කිරීමට උත්සහ කරන බවට නිගමනය කරන්නෙමු. ආහාර සහ ඇඳුම් පැළඳුම් ගැන ඕනෑවට වඩා සැළකිලිමත්වීම ගැන ප්‍රවේසම් වන ලෙස යේසුස් වහන්සේ තම ගෝලයන්ට පැවසූ සේක. ආහාර හෝ විසිතුරු ඇදුම් අපව ඇදබැඳ තබා තිබේ නම් සාතන් ඇත්ත වශයෙන්ම අප කෙරෙහි බලය ලබනු ඇත මන්ද එවිට අපේ රාජ්‍යය මේ ලෝකයේ වනු ඇත. අප සභාවේ තරුණියන්ව අලංකාර ඇඳුම් සමග කාලය ගත කිරීමට ඉඩ නොහරීන පිණිස ඔවුන්ව පුරුදු පුහුණු කිරීමට අප වගබලාගත යුතුය. එසේ නොවුවහොත් ඔවුන් සාතන්ගේ ග්‍රහණයට ලක් වන්නෝය.

දේවදූතයන් අතර (දේවදූතයන්ගේ ප්‍රධානියා ලෙස) තමන් වැදගත් අයෙකු ලෙස සිතන්නට පටන්ගත් මොහොතේ ලුසිෆර් සාතන් බවට පත්වුනි (එසකියෙල් 28: 11 – 18; යෙසායා 14:12 – 15). සාතන් බොහෝ ඇදහිලිවන්තයන්ගේ හදවත් වලට ඇතුළු වන්නේද මෙලෙසින්ය. යම් සහෝදරයෙකු තමන් සභාවේ යම් වැදගත් අයෙකු ලෙසට සිතීමට පටන්ගත් මොහොතේම, ඔහු සාතන්ගේ ආත්මයෙන් ආසාදනය වී ඇති බව පැහැදිලිය. එවිට, ඔහු වටා සිටින වටහා ගැනීමේ ශක්තියක් නැති ඇදහිළිවන්තයින්, ඔහු වැදගත් අයෙකු ලෙස හැඟෙන්නට සලස්වා ඔහුගේ මමත්වය පෝෂණය කළත්, ඔහු ආත්මික සටනට ඵලදායි නොවන්නේ ය !!

යම් සහෝදරයෙකු රැස්වීම තුළ තමන් තුළ ආත්මිකව අඩංගුව ඇති ප්‍රමාණයට වඩා බොහෝ වේලාවක් කතා කරන්නේ නම්, සහ දීර්ඝ වේලාවක්, ඉතා ඉවසිලිවන්තව සභාව තුළ රැඳී සිටින අසරණ සහෝදර සහෝදරියන් වෙත, තම බයිබල් දැණුම වමාරන්නේ නම්, පැහැදිළිවම පෙනෙන්නේ ඔහු තමන් වැදගත් අයෙකු ලෙසත් , ඔහු අන් අයට වඩා උසස් ලෙසත් හැඟීමකින් සිටින බවය. එය තමයි සාතන්ගේ ආත්මය. එසේම එවැනි සහෝදරයෙකු සිත්අමනාපයට පත්වීම වැනි මූලික කාරනා පවා ජයගෙන නොමැති බව නිතර අපට සොයා ගැණීමට ලැබේ. රැස්වීමෙන් පසු ඔහුට කෙටි කරණ ලෙසට උපදේශයක් ලැබුණොත් ඔහු අමණාපයට පත්වේ. එවැනි සහෝදරයින් නිත්‍ය ස්වයං විනිශ්චයක නොයෙදෙන බව එයින් පැහැදිලිවේ. මන්ද ඔවුන් එසේ වූවේ නම්, ආත්මයාණන්වහන්සේ ඔවුන්ගේ අහංකාරය සහ උඬඟුව ගැන වටහා දෙන බව දැනෙනු ඇත.

තනතුරු පදවි නාම භාවිතයට එරෙහිව යේසුස් වහන්සේ තම ගෝලයන්ට අනතුරු ඇඟවූ විට, උන්වහන්සේ අවවාද කළේ සභාව තුළ තමන්ව ඔසවා ගැණීමට උත්සහ කරන මෙම සාතන්ගේ ආත්මය ගැනමය. "ගෞරවනීය" අයෙකු සාමාන්‍ය සහෝදරයෙකුට වඩා උසස්ය. "දේවගැතිවරයෙකු" ද සාමාන්‍ය සහෝදරයෙකුට වඩා උසස්ය. නමුත් අප සියළු දෙනා සාමාන්‍ය සහෝදරයන් පමණක් වියයුතු බව යේසුස්වහන්සේ පැවසූසේක. බබිලෝනීයයන්ට ඔවුන්ගේ තණතුරු තබාගන්ට ඉඩහරිමු. ආත්මයෙන් පවා අප ඒවායින් වැලකෙමු. සැමවිටම ඔබගේ ආත්මය තුළ සභාවේ වඩාත් කනිෂ්‍ඨම සහෝදරයා වන්නට සොයමු, එවිට ඔබ විසින් ඔබවම ආරක්‍ෂා කරගන්නවා පමණක් නොව, නමුත් සාතන්ට එරෙහි ඔබගේ සටනේදී ප්‍රතිඵළදායකද වනු ඇත.

ලුසිෆර්, දෙවියන්වහන්සේ තමන්ව තබා තිබූ තත්වයන් ගැනද සෑහීමකට පත් නොවීය. ඔහු යක්‍ෂයෙකු බවට පත්වූයේ එලෙසිණි. සාතන් විසින් ලොවපුරා මිනිසුන්ගේ හදවත්වල දැන් පතුරවන්නේ මෙම සෑහීමට පත් නොවීමේ ආත්මයයි. එසේම බොහෝ ඇදහිලිවන්තයින්ට මෙම රෝගය වැළඳී ඇත. ඔබට ඇති ලෞකික, ද්‍රව්‍යයමය තත්වයන් වැඩිදියුණු කිරීම කිසි වරදක් නොවේ. නමුත් තවත් සහෝදරයෙකුට ඔබට වඩා දෙයක් ඇති බව දකිනවිට ඔහුට ඊර්‍ෂයා නොකරන්න, ඔහුට ඇතිදේට ආශා නොකරන්න, එසේම ඔහුගෙන් කිසිදු ත්‍යාගයක් බලාපොරොත්තු නොවන්න. දෙවියන්වහන්සේ ඔබට දීමට තබා ඇති දෙයින් සෑහීමට පත්වන්න. "එහෙත් අල්ලසට (ත්‍යාගයට) ද්වේෂ කරන්නා ආයු ලබන්නේය ( හිතෝප. 15:27 බී ). සාතන්ගේ උපායන් ගැණ නොසැලකිලිමත් නොවන්න. ඔබගේ වැටුප, ඔබගේ නිවස, ඔබගේ සමේ පාට, හෝ එවැනිවූ ඕනෑම දෙයක් ගැන ඔබ සෑහීමට පත් නොවන මොහොතේදීම ඔබ ඔබගේ හදවත් දොරටුව සාතන්ට විවෘත කරන්නේය.

සාතන් බොහෝ ක්‍රිස්තියානි අයව අංශභාග තත්වයට පත්කර තමන්ට එරෙහි ආත්මික සටනේදී ඔවුන්ව ඵලදායි නොවන අන්දමට පත්කර ඇත. මක්නිසාද ඵලදායි නොවීම සඳහා ඔවුන්ව තම සහෝදර සහෝදරියන්ට එරෙහිව කෙඳිරීම සහ චෝදනා කිරීම, නෑදෑයින් සහ අසල්වාසීන්ට එරෙහිව, තමන් මුහුණදෙන තත්වයන්ට එරෙහිව සහ දෙවියන්වහන්සේට පවා එරෙහිවීමේ ආත්මය වැළඳීමට සැලැස්වීම තුළ ඔහු සාර්ථකවී ඇත. මෙම අනුශාසනා අනුගමනය කිරීම තුළින් අපට සාතන්ට එරෙහිව ජයගත හැක: (1) "ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබූවහුය ; ස්තූතිවන්තවද සිටපල්ලා" ( කොලොස් 3:15 ). (2) "සියළු මනුශ්‍යයන් උදෙසා ස්තූති කරනමෙන් ඉල්ලමි ( 1 තිමෝති 2:1 ). (3) "අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියළුදේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තූති කරපල්ලා"( එපීස 5:20 ).

අප ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ අපගේ සහෝදරයන් සහ සහෝදරියන් උදෙසා ස්තූතිවන්තවීමට ඉගෙන ගන්නාවිට, සියළු මනුශ්‍යයන් උදෙසා ස්තූති දීමටත් ඉන්පසු අපගේ සියළු තත්වයන් සඳහා ස්තූති කිරීමටත් අපට ඉගෙන ගතහැක. අපගේ ස්වර්ගීය පියාණන් සර්වඥ ලෙස සියළු මනුශ්‍යයන් සහ සියළු තත්වයන් පාලනය කරනබව අප දන්නෙමු. අප සැබෑ ලෙසම මෙය විශ්වාස කරන්නේ නම්, අප ඇත්තෙන්ම සෑම වෙලේම දෙවියන්වහන්සේට ස්තූති කරන්නෙමු, මෙලෙස අපගේ රාජ්‍යය ස්වර්ගයේ බවත් මෙලොව නොවන බවත් ඔප්පු කර පෙන්වන්නෙමු. එවිට සාතන් අප කෙරේ ඇති බලය නැති කරගනී. එවිට පමණක් ඔහුට එරෙහිව ඵලදායි සටනක් කිරීමට අපට හැකිවනු ඇත. එළිදරව් 12:8 ආශ්චර්‍යමත් වචනයක් ලියැවී ඇත එනම් සාතන් සහ ඔහුගේ දූතයින්ට ස්වර්ගයේ කිසිදු ස්තානයක් තවත් නොවීය. අපගේ ජීවිත වලද - අපගේ හදවත් තුළත්, අපගේ නිවෙස් තුළත් සහ අප සභා තුළත් - එය එසේ ම විය යුතු ය. මෙම තැන්වල සාතන් සහ ඔහුගේ දූතයින්ට කිසිදු ස්ථානයක් සොයාගන්නට නොහැකි විය යුතුය.