08 - ඇදහිල්ල


Transcript of Faith

ඔබට විශ්වාස කරන්නට පුළුවන් නම් සියළුදේ කළහැකි බව බයිබලය පවසයි. පසුතැවීම යනු දෙවියන්වහන්සේ වෙතට හැරීමකි. දෙවියන්වහන්සේගේ පාප කමාව සහ ගැලවීම ලැබීම සඳහා අවශ්‍යය දෙවෙනි දෙය නම් පසුතැවීම සමග නිවුන් සහෝදරයෙකු වැනිවූ ඇදහිල්ලයි.

බයිබලය ඇදහිල්ල ගැන බොහෝ දේ කථා කරයි. යේසුස්වහන්සේ, උන්වහන්සේ පොළොවට පැමිණි විට, දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා ගැණීම පිණිස ජනතාව ‍ධෙර්‍යමත් කළසේක. ඇත්ත වශයෙන්ම එය උන්වහන්සේගේ මුළු සේවයේ ප්‍රධානතම තේමාවක් විය - දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම. අප විශ්වාස නොකරන්නේ නම් අපට දෙවියන්වහන්සේගේ පාප කමාව ලැබිය නොහැකිය. පාප කමාව උපයා ගැණීම උදෙසා අපට වැඩ කිරීමට නැත. පාපකමාව යනු අපට වැඩ කිරීමෙන් හෝ, මුදලට හෝ ඕනෑම වාර ගණනාවක් වන්දනා ගමන් යෑමෙන් හෝ එවැනි ඕනෑම දෙයක් තුළින් අපට උපයා ගැණීමට නොහැකි තරම්, මිල අධික දෙයකි. දෙවියන්වහන්සේ අපට පාපකමාව නොමිලේ ලබා දෙනසේක. ඇයි නොමිලේ? මක්නිසාද එය වටින්නේය, ඉතා මිල අධිකය, එනම් අපගේ ඕනෑම ප්‍රමාණයක් හොඳ වැඩ වලින් වුව එයට ගෙවිය නොහැක. ඇදහිල්ල එතරම් ව්‍යාකූල දෙයක් නොවේ. හරියටම එහි අර්ථය වන්නේ අපගේ දෑත් දිගුකර දෙවියන්වහන්සේ අපට ප්‍රධානය කරන දෙය ලබා ගැණීමයි. එපීස 2:8, 'ඇදහිල්ල කරණකොට අනුග්‍රහයෙන් අප ගැලවී සිටින බව' බයිබලය පවසයි. මේවා අලුත් ගිවිසුමේ එන වැදගත් වචන දෙකකි. එසේම ඒවායෙහි සරල අර්ථ ඇත.

අපගේ ජීවිතයේ අපට මුහුණ දීමට ඇති සෑම කාර්‍යයකදීම දෙවියන් වහන්සේගේ උපකාරය, උන්වහන්සේගේ ආශීර්වාද, සමාව හා ශක්තිය අපට ලබා දීමට අප වෙත දිගු කරන දෙවියන් වහන්සේගේ හස්තය, අනුග්‍රහය ලෙස අපට කිව හැකිය. ඇදහිල්ල යනු කුමක්ද? ඇදහිල්ල යනු එම උපකාරය සහ දෙවියන් වහන්සේගේ අත්වලින් ලැබෙන ආශීර්වාද ලබා ගැනීම සඳහා අපගේ දෑත් දිගු කිරිමය. ඉතින්, මම ඔබට බයිබලයක් දෙන්නේ නම්, එමෙන්ම ඔබ එය ලබාගැණීමට නම්, ඔබට ඔබගේ දෑත් දිගුකර එය ගැණීමට අවශ්‍යයි. එයයි ඇදහිල්ල; දෙවියන්වහන්සේ අනුග්‍රහය තුළ මට යමක් ප්‍රධානය කරන විට, එය ලබා ගැණීමට මම මගේ දෑත් දිගු කරනවා. මම කළින් අධ්‍යනයකදී ඔබට කිව්වා එනම් දෙවියන්වහන්සේ අපගේ උගුරට බලෙන් යමක් නොදමන බව. අපට පිළිගැණීමට අවශ්‍ය නැති දෙයක් පිළිගැණීමට උන්වහන්සේ අපට බල කරන්නැහැ මන්ද උන්වහන්සේ අපට තෝරා ගැණීමේ නිදහස දී තිබනවා. සිහිකල්පනාවෙන් තොර සැලසුම් කරන ලද දත්ත්වයන්ට අනුව වැඩ කරන රොබෝවරු උන්වහන්සේට අවශ්‍ය නැත. අප විසින් තෝරාගැණීමක් කිරීම උන්වහන්සේට අවශ්‍යය වේ. මම විශ්වාස කිරීම තෝරා ගත්විට, මම තේරීමක් කර තිබේ. මම කියනවා 'ස්වාමිණී ක්‍රිස්තුස්වහන්සේ මගේ පාප උදෙසා මැරුනු බව සහ මළවුන්ගෙන් නැගිටුණු බව මම විශ්වාස කරමි එනිසා මම උන්වහන්සේව මාගේ ස්වාමින්වහන්සේ ලෙස බාරගනිමි'

බයිබලය අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය තුළ ඇති බලය ගැන බොහෝ දේ කථා කරයි. ඒ නාමය තුළින් හැර අපට ගැලවීම ලබාගත හැකි , පාප කමාව ලබාගත හැකි අන් නාමයක් පොළොවෙහි නැත. ඔබගේ අත දිගු කරන්නේ නම් පමණක් ඔබට එය ලබාගත හැකිවේ. වෙනත් වචනයකින් කියන්නේ නම් ඔබ ස්වාමින්වහන්සේට 'ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්ස, මා පව්කරුවෙකි. මට මගේ පාප වලින් හැරෙන්නට අවශ්‍යයි. මම විශ්වාස කරනවා ඔබ මා උදෙසා මැරුණු බව, එබැවින් මේ දැන් මා ඔබව මගේ ජීවිතය තුළට ලබා ගනිමි.'යි පවසනවා නම් එය සරල යාඤාවකි. එම යාඤාව කිරීමට ඔබට විනාඩියකටත් අඩු කාලයක් ගත වෙන්නේ, එසේම ඔබ අවංකභාවය තුළ එලෙස යාඤා කරන්නේ නම්, මොහොතකින් ඔබට දෙවියන්වහන්සේගේ දරුවෙකු විය හැකියි. මෙය මැජික් සූත්‍රයක් නොවේ. ඔබට පෙනෙනවාද, දෙවියන්වහන්සේ යම් වචන මාලාවක් දෙස නොවේ බලන්නේ. හරියටම පියෙක් වගේ, ඔහු තම පුත්‍රයාට සවන් දීමේදී, ඔහු දරුවා යම් නැවත නැවත යම් සූත්‍රයක් කියවනවාදැයි හෝ නිවැරදි භාෂාවෙන් යම් දෙයක් කියනවා දැයි බලන්නේ නැහැ. දරුවාගේ ව්‍යාකරණ ගැණවත් ඔහු කරදර වෙන්නැහැ. ඔහු තම දරුවාගේ හදවතේ ආශාවන් වලින් ප්‍රකාශවන එම දරුවාගේ වචන වලට සවන් දෙයි. ඒ ආකාරයටම ඔබ දෙවියන්වහන්සේට කථා කරන විට දෙවියන්වහන්සේ ඔබගේ වචන වලට වඩා හදවතට සවන් දෙන සේක. ශු: යොහාන් 6:37 යේසුස්වහන්සේ මෙම වචන පවසා තිබේ " මා ලඟට එන තැනැත්තා මවිසින් කිසිසේත් අහක දමන්නේ නැත." ඔබ කව්රු වුනත් කමක් නැහැ. ක්‍රිස්තුස්වහන්සේ ක්‍රිස්තියානි අය උදෙසා පමණක් මැරුණේ නැහැ. උන්වහන්සේ මැරුණේ මුළු ලෝකයේම පාප උදෙසායි. බයිබලය සියළු මිනිසුන් එක් වර්ගීකරණයකට දමන්නේය - පව්කරුවන්. අපගේ ආගම කුමක් වූවත්, අප සියළු දෙනා පව්කරුවන්. එක්කෙනෙක් සහ තවත් කෙනෙක් අතර කිසිම වෙනසක් නැහැ. අප සියළු දෙනාම එකම ස්වභාවයකින් යුතුව ඉපදී ඇත. අප සියළු දෙනාම දෙවියන්වහන්සේට ඉතා ඈතින් ඉපදී ඇත. එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සියළු දෙනා උදෙසා මරණයට පත්වූ බව පවසමින් බයිබලය සියළු දෙනාට සමානව පව් කමාව ප්‍රධානය කරන්නේය. එබැවින් ඇදහිල්ල යනු අපගේ දෑත් දිගු කර දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ අප වෙනුවෙන් පොරොන්දු වූ සියල්ල ලබාගැනීමයි. දේව වචනයෙහි එක් පදයක මෙසේ ප්‍රකාශිතය "දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථාන තුළෙහි අපව සියළු ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කර තිබේ."(එපීස 1:3).

ඉතින් සමහර ක්‍රිස්තියානි අය අන් අයට වඩා ආත්මිකව වර්ධනයට නැඹුරු වන්නේ ඇයි? එයට හේතුව ඇදහිල්ලයි. අපට කියන්නට පුළුවන් දෙවියන්වහන්සේගේ ආශිර්වාද මේසයක් උඩ තැබූ මංගල භෝජනයක් වගේ. නමුත් ඔබ මේසය මත තැබූ දිවා ආහාරයක් සඳහා ආපන ශාලාවකට ගියොත් සෑම ආහාරයක්ම එහි තබා තිබෙනවා. කිසිවෙකු ඒවා ඔබේ පිඟාන මතට බෙදන්න යන්නැහැ. ඔබට මේසය වෙත ගොස් ඔබ කැමති ඕනෑම දෙයක් බෙදා ගැණීමට සිදුවෙනවා. ඉතින්, ඔබ ස්වල්පයක් ගත්තොත් ඒ ඔබේ කැමැත්තයි. තව කව්රු හරි මේසය මත ඇති සෑම දීසියකින්ම ඔහුගේ පිඟාන පුරවා ගනියි. ඔබටත් එලෙසම කළහැකිව තිබුණා, නමුත් ඔබ කළේ නැහැ. බොහෝ ක්‍රිස්තියානි අය සම්බන්‍ධවද එය මේ වගෙයි. ඔවුන් දෙවියන්වහන්සේ ප්‍රධානය කරන සෑම දෙයම ගන්නේ නැහැ. ඉතින් ඔවුන් දුගීවම සිටින්නේ එනිසයි.

ඇදහිල්ල යනු දෙවියන්වහන්සේ අපට දී ඇති දේවල් බලා ඒවා ගැණීමයි. අප මේ දැන් කියෙව්වාවූ එපීස 1:3 පොරොන්දුව ගැන හිතන්න, යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අපව ස්වර්ගීය ස්ථානවල සියළුම ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කර ඇත. එහි අර්ථය නම් අපගේ ආත්මයට අවශ්‍යය සෑම එක් දෙයක්ම ආරම්භ වන්නේ පව්කමාව තුලින්ය. මතක තබා ගන්න පාපවලට කමාව ලැබීම ආරම්භය පමණි. පසුගිය අධ්‍යන වල අප කියමින් සිටි සියළු දේ, ඉදිරියට එන්නාවූ අධ්‍යයනයන් වලදී ආශ්චර්යමත් ආකෘතියක් ගොඩනැගීමට, පදනමක් දැමීම උදෙසා පමණි. පදනම එයයි, අපගේ පසුගිය නපුරු ඉතිහාසය ශුද්ධ කිරීම, අපගේ වරද කාරිත්වය ඉවත් කිරීම, අපගේ ණය ගෙවීම, පැරණි ගනුදෙනු පියවීම. ඉතින් එය ආරම්භවන්නේ පසුතැවීම සහ ඇදහිල්ල සමගින්ය - දෙවියන්වහන්සේ වෙතට හැරීම; අප අතීතයේ කළාවූ වැරදි දේවලට සම්බන්‍ධ කාරණා හරිගැස්වීම සහ නොමිලේ දෙවියන්වහන්සේගේ පාප කමාව ලබා ගැණීම; අපගේ දෑත් දිගුකර 'ස්වාමිනී, ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියළුම ආත්මික ආශිර්වාද වලින් මාව ආශිර්වාද කර තිබේ. මට එය ලබා ගැණීමට අවශ්‍යයි' පැවසීමයි.

බලන්න, බයිබලය පුරා අපට හමුවන මූලධර්‍මය එයයි. වරක් අන්ධ මිනිසුන් දෙදෙනෙක් යේසුස්වහන්සේ වෙතට පැමිණ යේසුස්වහන්සේගෙන් ඒ අයව සුවපත් කරන ලෙස ඉල්ලීම(ශු;මතෙව් 9) අපට සුභාරංචියේ කියවන්නට පුළුවන්. යේසුස්වහන්සේට ඔවුන්ගේ අන්ධ ඇස් සුවපත් කළ හැකි බලය තිබුණා යැයි ඔවුන් දැන සිටියා, එබැවින් ඔවුන් පැමිණ එය ඔවුන් සඳහා කරන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවා. මෙහිදී ඔවුන් උදෙසා ඒ දෙය කිරීමට යේසුස්වහන්සේ කැමැත්තෙන් සිටියා. ඔවුන්ද එය ලබා ගැණීමට ආශාවෙන් සිටියා. නමුත් යේසුස්වහන්සේ තවදුරටත් ඔවුන්ගෙන් එක් ප්‍රශ්නයක් ඇසුවා: ඔබලා විශ්වාස කරනවද ඔබලා උදෙසා මෙය කිරීමට මට පුළුවන් කියා. බලන්න, දෙවියන්වහන්සේ අප සමග සියළුම කටයුතු කිරීමේ දී මූලධර්‍මය මෙයයි, උන්වහන්සේ ප්‍රශ්නයක් අසනසේක. ඔබ උන්වහන්සේගෙන් යමක් අසයි; ඔබ උන්වහන්සේගෙන් පව්කමාව අසයි, අපි කියමු - එයයි අප අසන පළමු දෙය. එවිට ස්වාමින්වහන්සේ පවසනුයේ, 'ඔබ විශ්වාස කරනවද මම ඔබට සමාව දෙයි කියලා?' ඔබ ප්‍රතිචාර දැක්වුවහොත් 'හොඳයි ස්වාමිනී මට එතරම් විශ්වාස නෑ' කියා ඔබට එය ගතහැකි වන්නේ නෑ. එය හරියට ශු:මතෙව් 9:27 - 29 අප කියෙවූ අන්ධ මිනිසුන් වගේ. අප කියෙව්වා ඔවුන් පැමිණියා, ඔවුන් තම ඇස් අරින මෙන් ඉල්ලුවා, එවිට යේසුස්වහන්සේ ඇසුවා 'ඔබ විශ්වාස කරනවද මට මෙය ඔබ වෙනුවෙන් කළ හැකි බව?

දැන් එක් අයෙක් ප්‍රතිචාර දක්වමින් මෙසේ කිව්වා යැයි අපි හිතමු 'ඔව් ස්වාමිනී මට විශ්වාස නැහැ ඔබ එය කරයිද කියා' ඔබ දන්නවද කුමක්ද සිදුවන්න තිබුණේ කියලා? ඔහු තවදුරටත් ඇස් අන්ධවම ඉවතට යන්න තිබුණා. ඔවුන් කිසිදු වෙනසක් නොමැතිවම ඉන්න තිබුණා. බලන්න එතැන තත්‍වය? ඔහුට තම ඇස් සුවකර ගැණීමට අවශ්‍යවුනා, යේසුස්වහන්සේට ඔහුගේ ඇස් සුව කිරීමට ඕනෑවුනා, නමුත් ඔහුට තවදුරටත් එය ලැබුණේ නැහැ. කුමක්ද අඩුව තිබුණේ? ඇදහිල්ලයි. එය පමණමයි. ඉතින් සමහර අවස්ථාවල ඔබ යමක් ගැන මහත් ආශාවකින් යුතුව දෙවියන්වහන්සේ වෙතට එන්න පුළුවන්. එය ඔබට ලබා දීමට දෙවියන්වහන්සේටද මහත් ආශාවක් තිබෙන්නට පුළුවන්. නමුත් ඔබ කිව්වොත් 'හොදයි, මට ආශාවක් තිබෙනවා නම් සහ දෙවියන්වහන්සේට ආශාවක් තිබෙනවා නම්, එවිට මට එය ලැබෙයි' කියා, නැහැ ඔබට නොලැබෙයි, මක්නිසාද එතැන පිළිතුරු දීමට තව ප්‍රශ්නයක් තිබෙනවා: ඔබට විශ්වාසද දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් එය කරයි කියා? ශු:මතෙව් 9:28 හි අප කියවන්නාවූ ප්‍රශ්නය එයයි. නමුත් ඔවුන් 'අපට විශ්වාස නැතැයි' කිව්වේ නැහැ. ඔවුන් පැවසුවා'ඔව් ස්වාමිනී ' - එය තදබල ප්‍රකාශයක් - 'ඔව් ස්වාමිනී අප විශ්වාස කරනවා, ඔබට මෙය කිරීමට පුළුවන්'. ඉන්පසු යේසුස්වහන්සේ මොනවද කළේ? උන්වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ෂ කලා, ඉන්පසු උන්වහන්සේ පැවසුවා: ඔබගේ විශ්වාසය ලෙස ඔබට සිදුවේවා. දැන් ප්‍රවේසමෙන් එය සලකා බලන්න? ඔබගේ ආශාව අනුව නොවේ, මාගේ ආශාව අනුවද නොවේ. නමුත් ඔබගේ ඇදහිල්ලට අනුවයි.

දැන් මේ කෙරේ අවධානය යොමු කරන්න මගේ මිතුර. ඔබට ඔබ ආශා කරන ඕනෑම සෑම දෙයක්ම ලබා ගැනීමට පුළුවන් නම් ඔබ දෙවියන්වහන්සේ ගෙන් මේ වනවිට බොහෝ දේ ලබාගෙන ඇත. එසේම දෙවියන්වහන්සේ ආශා කරන දේවල් ඔබට ලබා ගැනීමට පුළුවන් නම්, නැවතත්, මේවන විට ඔබ දෙවියන්වහන්සේ ගෙන් බොහෝ දේ ලබා තිබෙනු ඇත. එසේ නම් ඇයි ඔබට නැත්තේ? එය ඔබට ලබා දීමට දෙවියන්වහන්සේ ආශා වේ, එය ලබා ගැනීමට ඔබත් ආශා වේ, එහෙත් තාමත් එය ඔබට ලැබී නැහැ. මොකක්ද හේතුව? මක්නිසාද දෙවියන්වහන්සේ පවසන විට ' මම ඔබට දෙන බව ඔබ විශ්වාස කරනවද' ? ඔබ කියනවා මට එතරම් විශ්වාස නැහැ කියා? එවිට දෙවියන්වහන්සේ පවසන්නේ' එය ඔබගේ ආශාව ලෙස නොව ඔබගේ ඇදහිල්ල ලෙස ඔබට ලැබේ' එතැන ඇතිවන වෙනස එයයි. ඔබ දකිනවා එළියේ වැස්ස වැටීම, එවිට ඔබ කුඩා කෝප්පයක් එළියට ගෙනියනවා එය පිරවීමට. තවත් පුද්ගලයෙකු බාල්දියක් ගෙන යනවා එසේම තවත් අයෙකු විශාල භාජනයක් ගෙනයනවා. ඔවුන් නිවස ඇතුලට එනවිට කව්ද වැඩිපුරම වතුර නිවස තුළට ගෙන එන්නේ - ඒ විශාල භාජනයක් රැගෙන ගිය කෙනායි? දෙවියන්වහන්සේ ඔහුට වැඩියෙන් දුන්නා කියා ඔබට කියන්නට බැහැ එනම් දෙවියන්වහන්සේ ඔහුට පක්‍ෂපාතීයි කියා. නැහැ, ඔබ කුඩා කෝප්පයක් සමගයි ගියේ, ඉතින් ඔබ ලැබූ සියල්ල එපමණයි. තවත් පුද්ගලයෙකු විශාල භාජනයක් ඇතුව ගියා, ඔහු ඉතා වැඩියෙන් ලැබුවා. එය ඒ වගෙයි. ඇදහිල්ල ඒ ආකාරය.

දෙවියන්වහන්සේගේ ආශිර්වාද සෑම කෙනෙක් උදෙසාම තිබෙනවා. උන්වහන්සේ අපව සෑම ආත්මික ආශිර්වාදයකින්ම ස්වර්ගීය ස්ථාන තුළ ආශිර්වාද කර තිබෙනවා, නමුත් ඔබ සියළු දෙනාම එකම ප්‍රමාණයන්ගෙන් ලබන්නට යන්නේ නැහැ. එය ඔබගේ ඇදහිල්ල මත රඳා පවතී. ඇදහිල්ල දෙවියන්වහන්සේව ගෞරවයට පත් කරන බව ඔබ දන්නවාද. ඔබ 'මම විශ්වාස කරමි ස්වාමිනී' කියන විට ඔබ පවසන්නේ එයයි. 'ස්වාමිනී ඔබ විශ්වාසනීය බව මම ව්ශ්වාස කරමි' එනිසයි එය එතරම් වැදගත් වන්නේ. එහි අදහස නම් 'ස්වාමිනී ඔබ ප්‍රකාශ කර ඇති සියළු දේ සත්‍යය බව මම විශ්වාස කරමි.' ඔබ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය තුළ ප්‍රකාශ කර ඇති සියළු දේ සත්‍යය බව විශ්වාස කරනවා.

දැන් ඔබ විසින් මේ යාඤාව කිරීම මට අවශ්‍යයි. ඔබ ඔබගේ ඇස් වසාගෙන මෙම වචන පවසනවාද: 'ස්වාමීවූ යේසුස්වහන්ස, ඔබ මා වෙනුවෙන් මැරුණු බව මම විශ්වාස කරමි. මේ මොහොතේ ඔබ මාගේ පව් කමා කරන්නයි යන්නේ. එසේම ඔබගේ ජීවිතයේ තවත් අවශ්‍යථාවයක් තිබෙනවා නම්, මේ මොහොතේ එය පවසන්න, එසේම කියන්න'ස්වාමිනී ඔබ එය පවා ඔබ මට දෙන බව මම විශ්වාස කරමි. මම විශ්වාස කරමි. ආමෙන්.

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
(Now Playing)