11 - සාතන්ව ජයගැනීමට දේව වචනය අපට උපකාර කරයි


Transcript of God's Word Helps Us Overcome Satan

දෙවියන් වහන්සේ අපට ලබා දී ඇති වැදගත් ආයුධයක් සලකා බැලීමට අපට අවශ්‍යය, එමඟින් අපගේ ආත්මික සතුරා වන සාතන්ව ජය ගත හැකි අතර එම ආයුධය උන්වහන්සේගේ 'වචනය' වේ.

දෙවියන් වහන්සේගේ වචනය අපව නැවත ඉපදීමට ගෙන එන බීජයක් වැනිය (1පේතෘස් 1:23). 1පේතෘස් 2:2න් අපි ඉගෙන ගන්නේ දෙවියන් වහන්සේගේ වචනය අපට වැඩීමට උපකාර වන කිරි වැනි බවයි. දෙවියන් වහන්සේගේ වචනය කඩුවක් වැනි බවද එපීස6හි අපට පෙනේ - සාතන්ට එරෙහිව අපට සටන් කළ හැකි ආත්මයානන්ගේ කඩුව; " ... සහ දෙවියන් වහන්සේගේ වචනය වන ආත්මයේ කඩුව " (එපීස. 6:17). එය සාතන්ගේ ප්‍රහාරවලට එරෙහි වීමට දෙවියන් වහන්සේ අපට දී ඇති අපූරු ආයුධයකි.

බොහෝ ඇදහිලිවන්තයන් අධෛර්‍යමත් වී ඇත - ඒ මන්දැයි ඔබ දන්නවාද? මක්නිසාද යත්, සාතන් අධෛර්‍යමත්කම භාවිතා කර ඔවුන්ට පහර දෙන විට මෙම කඩුව පාවිච්චි කරන්නේ කෙසේදැයි ඔවුන් නොදන්නා බැවිනි. බොහෝ ඇදහිලිවන්තයන් ජීවත් වන්නේ හෙළා දකිනු ලද සහ වරදකාරී හැඟීම් යටතේය. එය ඔවුන්ට ලබා දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ නොවේ! ඔබ ජීවත් වන්නේ වරදකාරි හැඟීමෙන් සහ හෙළා දැකීම සමඟද? දෙවියන් වහන්සේ ඔබව පිළිගෙන තිබේද - දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවාද, දෙවියන් වහන්සේ ඔබගේ පව් කමා කර තිබේද, දෙවියන් වහන්සේ ඔබට විරුද්ධව ඔබගේ අතීතය තවමත් මතකයේ තබා තිබේද යන්න ගැන ඔබට අවිනිශ්චිත බවක් දැනෙනවාද? මෙය සාතන්ඇදහිලි වන්තයන්ට හිරිහැර කරන ආකාර කිහිපයකි. එමෙන්ම ඇදහිලිවන්තයන් ඔවුන් දරා ගත යුතු නැති වරදකින් බර වී ලොව පුරා පීඩාවට පත්වී ඇත.

ඔවුන්ට සාතන්ව ජයගත හැක්කේ කෙසේද? ඔබට සාතන්ව ජයගත හැක්කේ කෙසේද? දෙවියන් වහන්සේගෙන් ඔබව ඈත් කිරීමට පැමිණෙන කුමන හැඟීම් - අධෛර්‍යමත් කිරීම්, හෙළා දැකීම්, වරදකාරී හැඟීම් - ඔබ දේව වචනය ආයුධයක් ලෙස ගන්නේ නම් මේ සෑම එකක්ම ජය ගත හැක., උදාහරණයක් ලෙස, යේසුස්ක්‍රිස්තුස් වහන්සේ ඔබව පිළිගත් බව ඔබට විශ්වාස නැතැයි සිතීම. අප හිතමු යක්‍ෂයා ඔබ වෙත පැමිණ, 'ඔව්, ඔබ සිතන්නේ යේසුස්වහන්සේ ඔබව පිළිගත්තා කියලද? ඔබ වැනි පව්කාරයෙකු පිළිගැනීමට නොහැකි තරම් යේසුස්වහන්සේ ශුද්ධයි. ඌ එසේ පැවසූ විට ඔබ කුමක්ද කරන්නේ? ඔබ ඌ සමඟ තර්ක කිරීමට යන්නේද? මම ඔබට කියන්නම්, ඔබ පරාජය වනු ඇත.

ඔබට කිසිදා සාතන් සමඟ වාද විවාද කළ නොහැක. ඌ ඔබට වඩා දක්‍ෂයි. ඔබ දන්නවාද සාතන් මෙසේ කියමින් යේසුස්ක්‍රිස්තුස්වහන්සේව පරීක්‍ෂා කළ බව, "ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල් රොටි බවට පත්කරන්න" (ශු.මතෙව් 4:3), ඌ යේසුස්වහන්සේගෙන් ප්‍රශ්න කළා - ඔබ ඇත්තටම දෙවියන්ගේ පුත්‍රයාද? ඌට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙන්ම එවැනි ප්‍රශ්නයක් ඇසීමට හැකි නම්, සාතන් එම ප්‍රශ්න ඔබ සමඟ උත්සාහ නොකරනුඇතැයි ඔබ සිතනවාද? ඇත්තෙන්ම ඌ එසේ කරනු ඇත. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්දැයි ඌ ඔබට සැකයක් ඇති කරයි. අපට එය ජයගත හැක්කේ කෙසේද? අපට දේව වචනය අවශ්‍යයි. මෙන්න ඔබට භාවිතා කළ හැකි වචනයක් - යේසුස්වහන්සේ පැවසුවේ, "මා වෙතට එන තැනැත්තා, මම කිසිසෙත් අහක දමන්නේ නැත" (යොහන් 6:37).

මම කුඩා කාලයේ දී යේසුස් වහන්සේට අවුරුදු ගණනාවක් මගේ ජීවිතයට එන ලෙස ඉල්ලා සිටියෙමි - දින, මාස නොව, නමුත් අවුරුදු ගාණක්. ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම මාව පිළිගත්තේද යන්න සැකයෙන් මම ජීවත් වුණෙමි. මම සැකයෙන් ජීවත් වූ එම වසර ගණනාව තුළ මම මගේ ජීවිතයේ කිසිදු අධ්‍යාත්මික ප්‍රගතියක් ලබා නොගත් අතර එය ඔබටත් එසේම විය හැකිය. නමුත් මීට වසර 38 කට පෙර, මගේ ජීවිතයේ දවසක් උදා විය, මම මෙම වචනය විශ්වාස කර සාතන්ට පැවසීමට මට හැකි වුනා, 'යේසුස් වහන්සේ මා සිටින ලෙසම මා පිළිගෙන ඇත, මන්ද උන් වහන්සේ මා වෙත එන තැනැත්තා මම කිසිවිටක අහක දමන්නේ නැතැ 'යි පවසා ඇත. "එවිට මම ස්වාමින් වහන්සේට කීවේ, 'ස්වාමීවූ, යේසුස් වහන්ස, මම ඔබ වෙත පැමිණියෙමි. අද සිට ඔබ මා අත්හැර නොදැමූ බව මම විශ්වාස කරමි.' ඒක හරියට නැංගුරමක් දැම්මා වගේ.. මම අවුරුදු 38ක් තිස්සේ ඒ තත්‍වයෙන් කවදාවත් ඈත්වෙලා නැහැ.

ඔබ යේසුස් වහන්සේ වෙත පැමිණ තිබේ නම්, ඔබ එම වචනය රැගෙන අද සිට විශ්වාස කිරීම මට අවශ්‍යයයි. මේ ලෝකේ ඉන්න ලොකුම පව්කාරයා ඔබ උනත් කමක් නෑ. ඔබ උන් වහන්සේ වෙතට පැමිණ තිබේ නම්, උන්වහන්සේ පවසන්නේ, "මම කිසිසේත් ඔබව අහක දමන්නේ නැත." ඒක ගැන ස්ථිරත්වයක් තියෙනවා. ඔබ තවදුරටත් යක්‍ෂයාගේ බොරු විශ්වාස කළ යුතු නැත. යක්‍ෂයාට කියන්න, 'යේසුස්වහන්සේ පවසනවා උන්වහන්සේ සැබැවින්ම මාව පිළිගත්තා' කියලා.

දැන් ඔබ අද සිට විශ්වාස කරන්නේ කාවද - යේසුස්වහන්සේවද හෝ යක්‍ෂයාව ද? එය ඔබගේ කැමැත්ත. ඔබට දිගටම යක්‍ෂයා විශ්වාස කිරීමට අවශ්‍ය නම්, කිසිවෙකුට ඔබට උදව් කළ නොහැක. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්නේ නම් - එම කඩුව අතට ගන්න, එවිට යක්‍ෂයා ඔබ වෙතින් පලා යනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ ඔබව පිළිගෙන ඇති බවට ඔබේ ජීවිතයේ ඉතිරි කාලය තුළ ඔබට නැවත කිසිදා සැකයක් ඇති නොවනු ඇත.

දැන් ඔබගෙන් සමහරෙකුට තවත් ගැටළුවක් ඇති විය හැක. ඔබේ අතීත ජීවිතයේදී ඔබ කළ සමහර පාපයන් ඉතා නරක වූ - බරපතල ඒවා වනු ඇති බව ඔබට හැඟෙන්නට පුළුවන. ඔබගෙන් සමහරෙක් කාමමිථ්‍යාචාරය හෝ මිනීමැරුමක් කර ඇති හෝ එය ඕනෑම බිහිසුණු දෙයක් විය හැකිය. දෙවියන් වහන්සේ සමහර කුඩා පාපවලට ඔබට සමාව දී ඇති බව ඔබට හැඟෙනු ඇත, නමුත් ඔබ හැර වෙන කිසිවෙක් නොදන්නා, එම සමහර බිහිසුණු, දුෂ්ට දේවල් සමහරක්, දෙවියන් වහන්සේ ඔබ ගැන සිතන විට ඒවා නිතරම මතකයේ තබා ගනීද? ඒක එහෙමද?.

දන්නවනේ ඒක කොහොමද කියලා. කවුරුහරි ඔබේ පුතාව මරා දැම්මා යැයි සිතමු, ඔහුට සමාව දීමට තරම් ඔබ කරුණාවන්තයි. ඒත් ඔබ ඔහුව දකින හැම වෙලාවකම ඔබට මතක් වෙයි ඔබ ඔහුට සමාව දුන්නත් මේ මගේ පුතාව මරපු කෙනා කියලා. දෙවියන්වහන්සේ අපි දිහා බලන්නේ එහෙමද? ඒ අපිව දකින වාරයක් පාසා උන්වහන්සේට සිතෙන්නේ අප ගැන මීට වසර විස්සකට පෙර හෝ අවුරුදු දහයකට පෙර හෝ පසුගිය සතියේ ඒ සියලු දුෂ්ට ක්‍රියා කළ අය ලෙසද. බයිබලය පවසන්නේ කුමක්ද? නැවතත් පිළිතුර නම් දෙවියන් වහන්සේගේ වචනය දැන ගැනීමයි. මේ සියලු වධ දෙන සිතුවිලි සමඟ සාතන් ඔබ වෙත පැමිණෙනු ඇත. උගේ අරමුණ ඔබව දෙවියන් වහන්සේගෙන් බොහෝ ඈත් කර තැබීමයි. ඔබට තර්ක හෝ මනෝවිද්‍යාව හෝ එවැනි දෙයකින් ඔහුව ජය ගත නොහැක. ඔබ දෙවියන් වහන්සේගේ වචනය උපුටා දැක්විය යුතුය.

ඔබ දන්නවා යේසුස්වහන්සේව සාතන් විසින් පරීක්‍ෂාවට ලක් කළ මොහොතේ උන්වහන්සේ මොනවද කිව්වේ කියා. උන්වහන්සේ කීවේ, ‘දේව වචනය මෙසේ පවසයි කියා ලියා තිබේ’ කියා පමණි. දෙවන වතාවේදී සාතන් තවත් පරීක්‍ෂාවක් සමඟ උන්වහන්සේ වෙත පැමිණි අතර යේසුස්වහන්සේ පැවසුවේ 'දේවවචනය මෙසේ පවසයි' කියායි. එවිට සාතන් දෙවියන්වහන්සේගේ වචනයක් උපුටා දක්වමින් උන්වහන්සේ වෙතට පැමිණි නමුත් යේසුස්වහන්සේගේ පිළිතුර වූයේ, 'නමුත් දෙවියන්වහන්සේගේ වචනයෙහි මෙසේද පවසයි' යන්නයි. සෑම අවස්ථාවකදීම, පාළුකරයේ එම පරීක්‍ෂාවන් තුනේදී, යේසුස්වහන්සේ සාතන්ව ජයගත්තේ ශුද්ධ ලියවිල්ල උපුටා දැක්වීමෙන් පමණි - සාකච්ඡාවක් නැත, තර්කයක් නැත, කිසිවක් නැත. සාතන් සමඟ සාකච්චා සහ වාද කල කෙනා “ඒව” යි එබැවින් ඒවට සිදුවූ දේ ඔබ දන්නවා - ඇය වැටුනා.

යේසුස්වහන්සේ කවදාවත් එසේ කළේ නැහැ. උන්වහන්සේ දේවවචනය උපුටා දැක්වූවා පමණි, ඔබත් කළ යුත්තේ එයයි. මෙන්න පොරොන්දුවක් - දෙවියන් වහන්සේ පවසන්නේ, "මම ඔවුන්ගේ අයුතුකම්වලට අනුකම්පා කරන්නෙමි, ඔවුන්ගේ පව් තවදුරටත් සිහි නොකරන්නෙමි" (හෙබ්‍රෙ. 8:12). 'මම ඔබේ පව්වලට සමාව දෙන්නෙමි' පමණක් නොව - එයම පුදුම සහගතය - 'නමුත් ඔබට විරුද්ධව ඔබේ පව් මම තවදුරටත් මතක තබා නොගනිමි.' එනම්, දෙවියන් වහන්සේ මා දෙස බලන විට, මා අතීතයේ කළ කිසිම පාපයක් උන්වහන්සේ මට විරුද්ධව තබා නොගනී; මම අවුරුදු 40කට කලින් කල ඒවා පමණක් නෙවෙයි ඊයේ කල ඒවාද වේ. මම මගේ පව් පාපොච්චාරණය කර ඇත්නම්, බයිබලය පවසන්නේ "අපගේ පව්වලට සමාව දීමට දෙවියන් වහන්සේ විශ්වාසවන්ත හා ධර්මිෂ්ඨය; යේසුස් වහන්සේගේ රුධිරය සියලු පාපවලින් අපව පවිත්‍ර කරයි."

මේවා බලවත් ආයුධ වේ. මෙම දේව වදන් කඩු හා සමානය. අපට කිව හැක්කේ බයිබලය බොහෝ කඩු සහිත අවි ගබඩාවක් හා සමාන වන අතර යක්‍ෂයා එක් හෝ වෙනත් ආකාරයක ප්‍රහාරයක් සමඟ ඔබ වෙත පැමිණෙන විට ඔබ සුදුසු එක අරගත යුතුය. ඔබ අතීතයේ බොහෝ පව් කර ඇති බව ඌ ඔබට මතක් කර දෙන විට, ඔබට මෙසේ පැවසිය හැකිය, 'ජේසුස් වහන්සේගේ රුධිරය සියලු පාපවලින් මා පවිත්‍ර කර ඇත'. සාතන් මහා චෝදනා කරන්නෙක්. ඔහු ඇදහිලිවන්තයන්ට චෝදනා කිරීමට, වධ දීමට සහ හිරිහැර කිරීමට උත්සාහ කරයි, ඔවුන් සතුටින් සිටීම වළක්වයි. බොහෝ ඇදහිලිවන්තයන් දිගු මුහුණු සහිතව ගමන් කරයි. එය ඔබ ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි මිත්‍රයා. ඔබ සිතන්නේ දෙවියන් වහන්සේ ඔබ දිගු මුහුණකින් මේ ලෝකයේ සැරිසැරීමට කැමතියි කියාද? ඔබ දිගු මුහුණකින් එහේ මෙහේ ගියහොත් ඔබට කවදා හෝ ක්‍රිස්තුස් වහන්සේ වෙතට යමෙකු ආකර්‍ෂණය කර ගත හැක්කේ කෙසේද? ඔබට සතුටින් සිටිය හැක්කේ කෙසේද? ඔබට මනෝවිද්‍යාත්මකව සතුට උපදවාගත නොහැකියි, ඔබට පුළුවන්ද? ඔබේ පව්වලට සමාව ලැබී ඇති බව ඔබ දැනගතයුතුය; ඔබව ක්‍රිස්තුස් වහන්සේ විසින් පිළිගෙන ඇත. එපමණක්ද නොව, දෙවියන් වහන්සේ ඔබේ පව් තවදුරටත් සිහි නොකරනසේක.

දැන් මට ඔබව තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට අවශ්‍යයි. දෙවියන් වහන්සේ අපගේ පාපයට සමාව දෙන බව පමණක් නොවේ. උන් වහන්සේ අපගේ පව් තවදුරටත් සිහිපත් නොකරන බව පමණක්ද නොව, උන්වහන්සේ තවත් යමක් කරයි. රෝම පොතේ සඳහන් වන 'නිර්දෝෂ කිරීම' යනුවෙන් වචනයක් තිබේ - දෙවියන් වහන්සේ අපව නිර්දෝෂ කර ඇත. එය පවසන්නේ, "ඇදහිල්ලෙන් යුක්ති සහගත කර ඇත" (රෝම 5:1). නිර්දෝෂ කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ දන්නවාද? එහි තේරුම ‘ධර්මිෂ්ඨ යැයි ප්‍රකාශ කරන ලද’ යන්නයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබව ධර්මිෂ්ඨ පුද්ගලයෙක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. දැන් අපි උපමාවක් භාවිතා කරමු: මට අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මා උසාවියට ගෙන ගොස් ඇතැයි සිතමු. විනිසුරුවරයා කියනවා, 'හරි, ඔබට සමාව ලැබුණා' කියලා. මට සතුටුයි, මට සමාව දීලා උසාවියෙන් එළියට එන නිසා, නමුත් මම තවමත් ලැජ්ජාවෙන් හිස නවා සිටිනවා, මට දරුණු අපරාධයකට චෝදනා එල්ල වී ඇති නිසා. නමුත් අනෙක් අතට, විනිසුරුවරයා පවසන්නේ නම්, 'හොඳයි, සියලු සාක්‍ෂි සලකා බැලීමෙන් පසු ඔබ කිසිසේත්වැරදිකරුවෙකු යැයි මම විශ්වාස නොකරමි. සමාව දීමට අවශ්‍ය නැත, ඔබ ධර්මිෂ්ඨය. ඔබට ගෙදර යන්න පුළුවන්.' ධර්මිෂ්ඨය! එතකොට මම උසාවියෙන් එළියට එන්නේ සමාව දීපු අපරාධකාරයෙක් විදියට නොවෙයි, හිස කෙලින් තබා යන කෙනෙක් විදියට. නිර්දෝෂී කිරීමේ අර්ථය මෙයයි. එය සමාව දීමට වඩා වැඩි දෙයක් වන අතර බොහෝ කිතුනුවන් එය තේරුම් ගෙන නැත.

දෙවියන්වහන්සේ අපගේ පාප කමා කරනවා පමණක් නොව, උන්වහන්සේ නිර්දෝෂ කරනසේක. උන්වහන්සේ මාව ධර්මිෂඨයෙක් ලෙස ප්‍රකාශ කරනසේක. වෙනත් වචන වලින් කිවහොත්, උන්වහන්සේ මාව ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂඨ කමින් පළඳවනසේක. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේගේ යහපත් කම මාගේ වස්ත්‍රය ලෙස මා මත තබන සේක. ඔබට ඒගැන සිතන්නට පුළුවන්ද - ක්‍රිස්තුස්වහන්සේගේ යහපත්කම ඔබව සැරසීම? ක්‍රිස්තුස්වහන්සේගේ යහපත් කමින් ඔබව සරසන විට ඔබව පෙනෙන්නේ කොහොමද? මම ඔබට කියන්නම්: පරිපූර්‍ණයි. ඔබ එය විශ්වාස කරනවාද? අහෝ එතනයි ගැටළුව තිබෙන්නේ, ඔබ එය විශ්වාස කරන්නේ නැහැ! එවිට එය ඔබ කෙරෙහි සැබෑ වෙන්නේ නැහැ. එය පවසන්නේ ඇදහිල්ලෙන් නිර්දෝෂ කළා කියායි. දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂඨකම ඔබ මත තැබුවා කියා ඔබ විශ්වාස කරනවාද? ඒ ගැන උන්වහන්සේට ස්තූති කර මෙම දේවවචනය නැමැති ආයුධය සමඟ සාතන්ට එරෙහි වන්න. කියන්න 'ක්‍රිස්තුස්වහන්සේ මාව පිළිගෙන තිබෙනවා' දැන්ම එය කියන්න, 'මාව පිළිගෙන තිබෙනාවා, මට කමාකර තිබෙනවා'. දෙවියන්වහන්සේ මට එරෙහිව මගේ අතීතය කවදාවත් සිහි කරන්නේ නැහැ. මාව නිර්දෝෂ කර තිබෙනවා. මම ධර්මිෂඨ මනුශ්‍යයෙක් මගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේගේ යහපත් කමින් පළඳවලයි තියෙන්නේ. දෙවියන්වහන්සේට යේසුස්වහන්සේ මෙන්ම මාවද බොහෝ වටිනවා.

සාතන් අපෙන් පලා යන ආයුධ මේවාය.

©Zac Poonen –[email protected]

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)