06 - ක්‍රිස්තුස්වහන්සේට මැරෙන්නට සිදුවූයේ ඇයි


Transcript of Why Christ Has To Die

පාපය මනුශ්‍යයාව දෙවියන්වහන්සේ ගෙන් වෙන් කරන්නේය. මනුශ්‍යයා දෙවියන්වහන්සේ සමග සහභාගිත්‍වයට නැවත පැමිණීමට හැකිවීමට පෙර විසඳීමට තිබූ ප්‍රශ්ණය මෙයයි.

දෙවියන්වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි. උන්වහන්සේ ප්‍රේමණීය පියෙකි එමෙන්ම උන්වහන්සේ යහපත් කම සහ ප්‍රේමය පිරි දෙවි කෙනෙකි. නමුත් උන්වහන්සේ කෙතරම් ප්‍රේමණීය වූවත් උන්වහන්සේට අපගේ කැරලිකාරකම සහ පාපය නොබලා සිටීමට නොහැක මක්නිසාද උන්වහන්සේ ශුද්ධවන්තද වේ. දැන්, බොහෝ මිනිසුන් අවබෝධ කරගෙන නැති බවට පෙනෙන දෙය නම් දෙවියන්වහන්සේගේ මෙම ශුද්ධකම සහ ප්‍රේමය අතර සමබරතාවයයි. බොහෝ මිනිසුන්ගේ අදහස නම් මෙයයි: ඔවුන් නිකම් දෙවියන්වහන්සේ වෙතට ගොස් උන්වහන්සේ සමාව දෙයි කියා සිතමින් පවසනවා,"හොදයි, දෙවියන්වහන්ස මම කළ දේවල් ගැන මට කණගාටුයි". නමුත් උන්වහන්සේට ඔවුනට සමාව දිය හැක්කේ කුමණ පදනමක් යටතේද? ඔබ දේශයේ නීතියට එරෙහිවූ වරදක් කර තිබුණා නම් එවිට පොලීසිය ඔබව අධිකරණය වෙත ගෙන ගියේ නම්, එසේම විනිශ්‍චයකරුවෙකු ලෙස සිටියේ ඔබට අධික ලෙස ප්‍රේම කරන ඔබගේම භූමික පියා නම්, ඔහුට කියන්නට හැකි වෙයිද, "හොඳයි මම ඔබට ආදරෙයි මාගේ පුත්‍රය, මම ඔබ නිදහස් බවට නියම කරමි?" ඔහු ඔබට අධික ලෙස ප්‍රේම කරනවා විය හැකියි, නමුත් ඔහු එහි විනිශ්චයකරුවෙක් ලෙස සිටින තාක් ඔබව යන්නට හැරීම ඔහුගේ අසාධාරණ ක්‍රියාවක්වේ.

දැන් මිනිසෙකුට එතරම් නිවරදි , සාධාරණ හා ධර්මිෂ්ඨ වීමට හැකි නම්, දෙවියන් වහන්සේ ඊටත් වඩා කෙතරම් නිවැරදි හා ධර්මිෂ්ඨ වන සේක්දැයි ඔබට සිතාගත හැකිද? නමුත් එම පියාට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? ඔහුට නීතියේ ඇති පූර්ණ දන්ඩනයෙන් දඬුවම් කිරීමට හැක. අප හිතමු ඔහු විනිශ්චයකරු ලෙස ඔබට නියම කරන්නේ රුපියල් 100000 දඩයක් කියා. ඉන්පසු, ඔහු තම ආසනයෙන් බැස, ඔහුගේ ලෝගුව ගලවා තබා ඔබගේ පියා ලෙස ඔබ වෙතට පැමිණ බොහෝ වෙහෙසවී උපයාගත් ඔහුගේම මුදලින් රුපියල් 100000 ක චෙක්පතක් ලියා දඩය ගෙවීමට ඔබට දෙනු ලබයි. එවිට එතැන කිසිදු අසාධාරණයක් නොමැත, මන්ද ඔහු සම්පූර්ණ දඬුවමින් ඔබට දඬුවම් කර ඇත, ඉන්පසු එම දඩය ඔහු විසින්ම ගෙවා ඇත. දෙවියන්වහන්සේට අපගේ පාප කමා කළ හැක්කේද මෙම ආකාරය තුළින්ම පමණි. ඒ අපගේ පාප උදෙසා අප විසින් කනගාටු වීම තුළින් පමණක්ම නොවේ; එය දෙවියන්වහන්සේ උන්වහන්සේගේ විනිශ්චය තුළ අපගේ පාප උදෙසාවූ මිලය ගෙවා ඇති කළාවූ මාර්ගය තුලින් පමණි.

බයිබලය තුළ ඇති සම්පූර්ණ සුභාරංචිය මෙයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කළාවූ දෙය එයයි. දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් නම් පුද්ගලයා තුළින් පොළොවට පැමිණ එම මිලය ගෙවා දැමූ සේක. උන්වහන්සේ නීතියේ ඇති සම්පූර්ණ දඬුවමින් අපට දඬුවම් කළ සේක; පාපයයේ දඬුවම මරණයයි. ඔබ සහ මම අපගේ පාප ස්වල්පයක් හෝ බොහෝ වූවත් එම මරණය ලැබිය යුතුවෙමු. එක් මරණයක් සිදුකළ තැනැත්තේ එල්ලා මරනු ලබන අතර මරණ දහස් ගණනක් සිදුකළ තැනැත්තේද එල්ලා මරනු ලැබේ. පාප ප්‍රමාණය තුළින් වෙනසක් සිදු නොවේ. අපගේ පාප එකක් වුණත් බොහෝ වුණත් අප වැරදි නම් අප මරණ දඬුවමට සුදුස්සෝය. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය තුළ, අපගේ පාප කමා කළහැකි මෙම මාර්ගය සෑදූ සේක: යේසුස්වහන්සේ පොළොවට පැමිණ කුරුසියේදී මැරුණවිට අපගේ දඬුවම භාරගත් සේක. දෙවියන්වහන්සේට අප මෙන්ම මනුශ්‍යයෙකු වන්නට තිබුණි. අප මනුශ්‍යයන් ලෙස මුහුණ දෙන්නාසේම උන්වහන්සේටත් පරීක්‍ෂා සහ දුෂ්කරථාවයන් තුළ ජීවත් වීමට සිදුවිය. උන්වහන්සේ අප වෙනුවට පූජාවක් වී අපගේ පාප උදෙසාවූ දඬුවම උන්වහන්සේ වෙතම ගනිමින් මරණයට පත්වුණි.

මෙය මතක තබාගමු: පාපයට දඬුවම ශාරීරික වේදනා විඳීමක් , හෝ රෝග, හෝ දුගීකම, හෝ පහත් මට්ටමකින් ලෝකයට නැවත පැමිණීම, හෝ එවැනි ඕනෑම දෙයක් නොවේ. පාපයට ද ුවම නම් සදාකාල මරණයයි. එහි අර්ථය නම් දෙවියන්වහන්සේගෙන් සදහටම වෙන්වීමයි. එසේම අපගේ පාපය අප දෙවියන්වහන්සේට ඇති ණයක් මෙනි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේ මැරුණු මොහොතේ, අප උදෙසා එම ණය ගෙවූ සේක. අපගේ යහපත් ක්‍රියා, බයිබලය පවසන්නේ දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ කිලිටි වස්‍ත්‍ර මෙන් බවයි. සමහර ක්‍රියා හොඳ ක්‍රියා ලෙසත් සමහර ක්‍රියා නරක ක්‍රියා ලෙසත් අප සිතන්නෙමු. ඒ මක්නිසාද අප අපට වඩා නරක අනෙක් මිනිසුන් සමග අපව සංසන්ධනය කිරීම නිසාවෙනි. පංති කාමරයෙන් නිදසුනක් ගනිමු, ගණිතයෙන් 25% ක් ගත් ශිෂ්‍යයෙකු 5% ක් ගත් අනෙක් සිසුවෙකු හා සැසඳීමේදී තමන් ඉතා දීප්තිමත් ශිෂ්‍යයෙකු බව සලකන්නට පුළුවන. එය සැබෑ වන්නට පුළුවන, නමුත් අනෙක් සිසුවා අසමත්වූ ලෙසම ඔහුද අසමත්වී ඇත. එක් අයෙකු 20% ක් අනෙක් කෙනාට වැඩියෙන් ගත්තත් දෙදෙනාටම ඊළඟ වසරේදී එකම පන්තියේ සිටීමට සිදුවනු ඇත. ඉතිං අප හොදයි හෝ වෙනත් අයෙකු හොඳයි යැයි අප පවසන විට, එය සාපේක්‍ෂ යෙදුමකි; නමුත් සර්‍වබලදාරි දෙවියන්වහන්සේගේ තත්‍වයන්ට සැසඳීමේදී, එනම් 100%, සියළු දෙනා අඩුව(හීනව) සිටී. ඔබ කර ඇති යහපත් ක්‍රියා ලෙස සැලකෙන දේවල් පවා දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ නොවටිනා බව බයිබලය පවසන්නේ එනිසයි. ඒවා දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ කිලිටි වස්‍ත්‍රවේ; ඒවාට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබව පිළිගැණීමට සැලැස්වීමට නොහැකිය. අප කරන යහපත් ක්‍රියා ස්වල්පය නිසා උන්වහන්සේට අපව පිළිගත හැකි යයි අප සිතන්නේ, ඒ අපට දෙවියන්වහන්සේගේ තත්‍වයන් ගැන ඇති එවැනි අඩු අවබෝධය නිසාය.

දෙවියන් වහන්සේගේ ශුද්ධකම පිළිබඳ ප්‍රමිතිය අසීමිත වන අතර අපෙන් කිසිවෙකුට එය කරා ළඟා විය නොහැක. අප සියල්ලන්ම බලාපොරොත්තු සුන්වූ තත්‍වයක සිටී, අප අතර සෑම කෙනෙක්ම. අපගේ හොඳ ක්‍රියා වුවත්, එසේම ඕනෑම කලෙක අපට කළ හැකි හොඳම ක්‍රියා, දෙවියන්වහන්සේගේ ප්‍රමිතියේ ප්‍රමාණයට නොපැමිණේ, එවිට එතැන අපට ඇත්තේ මොන බලාපොරොත්තුවක්ද? අප බලාපොරොත්තු රහිතව පරාජයවී තිබේ. දෙවියන්වහන්සේ තම ඒකජාත පුත්‍රයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ පාප උදෙසා මරණයට පත්වීමට එවා මෙම මාර්ගය පිළියෙල කලේ එනිසාය. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තුළින් සෑම මනුෂ්‍යයකුගේ සෑම පාපයක්ම සම්පූර්‍ණයෙන්ම වන්දි ගෙවා අවසන් කර ඇත - එහි අර්ථය එහි මිලය ගෙවා ඇත යන්නයි. ඔබේ නය ගෙවා දමා ඇත. නමුත් මම පටන් ගැන්මේදී භාවිතා කළ උදාහාරණය අනුව, විනිෂ්චයාසනයෙන් බැස ඇවිත් දඩය ගෙවීම පිණිස පුත්‍රයාට ලියා අත්සන් කරදුන් චෙක්පත, ඔහු විසින් පියාගෙන් එම චෙක්පත භාරගන්නා තුරු නිදහස් වන්නේ නැත. පියා විසින් චෙක්පත ලියා තිබීම ප්‍රමාණවත් නොවේ. පුත්‍රයා විසින් එය ගත යුතුව ඇත. දෙවියන් වහන්සේ, මිනිසා විසින් කරනතෙක් බලා සිටින්නේ එයයි.

වසර 2000 ට ප්‍රතම ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේදී මැරුණුවිට දෙවියන්වහන්සේ දැනටමත් මනුෂ්‍යයාගේ පාප උදෙසා මිලය ගෙවා අවසන්ය. නමුත් එම සමාව ඔබ පිළිගන්නා තෙක් එය කිසිසේත් ඔබගේ වන්නේ නැත. ඔබට එය ලබා ගත යුතුව ඇත, ඔබට කීමට තිබෙන්නේ" මා වෙනුවෙන් මැරුණු නිසා ස්තූතියි ස්වාමිණී" කියාය. මිනිසෙකුට නොමිලයේ පිරිනැමෙන දේ ලබා නොගන්නා විට ඔහුගේ මෝඩකම ඔබට පෙනේ. අධිකරණයේ සිටින එම පුත්‍රයා, ඔහුගේ පියා රුපියල් 100000 ක එම චෙක්පත ලියා දෙන විට ඔහු භාරගන්නේ නැත්නම් ඔහු ගැන ඔබ මොනවද හිතන්නේ? සෑම තැනම මනුෂ්‍යයාගේ අඥානකම එයයි. එම පුත්‍රයා පවසනවානම් "එපා දඩය මා විසින්ම ගෙවන්නම්"කියා. හොඳයි ඔහු වසර ගණනාවක් හිර කූඩුවේ සිටින්නයි යන්නේ ඒත් මේවන තෙක් ඔහුට එම දඩය ගෙවීමට හැකි වන්නේ නැහැ. මනුෂ්‍යයාගේ තත්‍වය එයයි. මනුෂ්‍යයාට ඔහුගේ පාප උදෙසා ගෙවීමට බැහැ. අපේ පාප කමා කරගත හැකි එකම මාර්ගය පැහැදිලි ආකාරයකින් පැමිණේ, අපගේ අවශ්‍යතාවය සිහිපත් කරමින් සහ "ස්වාමිණී, මාගේ පාප කමා කරගැණීමේ අවශ්‍යතාවය මට සපුරා ගත නොහැකියි. මට එය ඔබගෙන් ලබා ගැණීමට අවශ්‍යයි. මට කිසිසේත් මගේ පාප උදෙසා ගෙවීමට බැහැ. ස්තූතියි ඔබට, යේසුස්වහන්සේ මා උදෙසා මැරුණා එමෙන්ම උන්වහන්සේ කුරුසියේදී ලේ වගුරුවලා එසේම උන්වහන්සේගේ ශරීරය පූජාවක් ලෙස ඔප්පු කලා; එය මගේ සියළුම පාප උදෙසාවූ දඬුවම සපුරා ලූවා" යි පවසන විට ඉන්පසු දෙවියන්වහන්සේගේ විනිෂ්චය ඉටුවී ඇත.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවීම ශුද්ධ දෙවියන්වහන්සේ විසින් පිලිගත්තාද නැද්ද යන්න අප දැන ගන්නේ කොහොමද? මෙය දැන ගැණීම ඉතා වැදගත්ය. ඒගැන සහතිකය නම් තුන් දවසකට පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණින් උත්ථානවූ සේක. බලන්න මෙම කරුණු දෙක බයිබලයේ පණිවිඩය සහ ක්‍රිස්තියානි සුභාරංචිය අති විශිෂ්ඨ කරනු ලබනවා. එය වෙනත් ඕනෑම පණිවිඩයකට වඩා වෙනස්. ලෝකයේ සෑම ආගමක්ම අපට උගන්වනවා අප හොඳවිය යුතුයි, අප කරුණාවන්ත විය යුතුයි ආදිය. ඒ සියල්ල ඇත්ත. නමුත් ක්‍රිස්තියානි සුභාරංචියේ පදනමක් තිබෙනවා එය අති විශිෂ්ඨයි, එය කුමක්ද? ප්‍රාතමිකව කරුණු දෙකක්: ක්‍රිස්තියානි සුභාරංචිය "යහපත් වන්න, කරුණාවන්ත වන්න, එසේම බොරු නොකියන්න, ආදියෙන්" ආරමිභ නොවේ. එය වඩා ප්‍රමාදවී පැමිණේ. එය ආරමිභ වන්නේ "ඔබට යහපත් වෙන්න බෑ, ඔබට ඍජු අවංක වෙන්න බෑ, එසේම ඔබ කරන ඕනෑම දෙයක් දෙවියන්වහන්සේට පිළිගත නොහැකියි. සියල්ලට ප්‍රථමව ඔබේ පසුගිය ජීවිතයේ වැරදි ඉවත් කල යුතුව ඇත. ඔබගේ පරන ගණන් දීම අපගේ අලුත් ගණන් දීම ආරමිභ කිරීමට පළමුව පියවිය යුතුයි. පරණ ණය ගෙවා අවසන් කළ යුතුය. එය පියවා අවසන් වන්නේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ පාප උදෙසා මළසේක. පැරණි වාර්ථා පියවෙන්නේ එමගින් වන අතර, ණය, මාර්ගයෙන් ඉවත්කොට ඇත.

දෙවනුව, සාක්‍ෂිය නම් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනු සේක. මනුශ්‍යය සංහතියේ ඉතිහාසයේ මනුශ්‍යයාගේ ප්‍රධානම හතුරාවූ මරණය ජය ගෙන මිනී වලෙන් නැගිටුනේ එකම මනුශ්‍යයෙකි. මනුශ්‍යයාට කිසි දිනක ජය ගැණීමට නොහැකිවූ එක දෙයක් ඇත. මනුශ්‍යයා අභ්‍යවකාශය ජය ගෙන ඇත; මනුශ්‍යයා බොහෝ රෝගාබාධ ජය ගෙන ඇත; නමුත් ඔහු කිසිදා මරණය ජයගෙන නැත එසේම කිසිදා මරණය ජය ගන්නේද නැත. මරණය ජයගත් එකම කෙනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේම පමණි. උන්වහන්සේගේ පූජාව පිළිගත් බවට මුළු මනුශ්‍යය සංහතියටම ඇති එකම සාක්‍ෂිය මෙයයි. දැන් අප සියළු දෙනාටම කරන්නට ඇති දෙය නම් විශ්වාස කිරීම සහ ලබා ගැණීමයි.

බයිබලය පවසනුයේ යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව හදවතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නෙහිය යන්නයි. නුඹේ පාප කමා කරනු ලැබේ - එය හරියට පියා දෙන අර චෙක්පත භාරගෙන "මගේ දඩය ගෙව්වාට ස්තූතියි පියාණනී. මට මෙම අධිකරණයෙන් සම්පූර්‍ණ නිදහස ලබා පිටව ගියහැකියි" යනුවෙන් පැවසීම වගෙයි.

බයිබලය පවසනුයේ මෙහි ජීවත්වූ සෑම මනුශ්‍යයෙකුම විනිශ්චය කරන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත මෙම ලෝකයට එන බවයි. එම අවස්ථාව පැමිණීමට පෙර, අපගේ ජීවිත දෙවියන්වහන්සේ සමග හරිව තිබෙනවාද, අපගේ පාප වලට කමාව ලැබී තිබේද යන්න සහතික කර ගත යුතුය. ඔබ වෙතට අද පැමිණෙන ආරාධනාව මෙයයි. මොනවද ඔබට කරන්නට තිබෙන්නේ? ඔබ පව්කරුවෙක් බව සිහිපත් කරගන්න. ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ පාප උදෙසා මැරී නැවත නැගිටුනු බව විශ්වාස කරන්න. ඔබගේ ජීවිතය තුළට උන්වහන්සේව ලබා ගන්න. ඔබට සමාව දෙන ලෙස උන්වහන්සේ ගෙන් ඉල්ලන්න. උන්වහන්සේ ඔබගේ ස්වාමියා බවට ප්‍රකාශ කරන්න. එහි අර්ථය නම්, 'යේසුස් ක්‍රිස්තුස්වහන්‍සේ දැන් මාගේ ස්වාමියාය'යි ඔබගේ මුඛයෙන් පැවසීමයි එය එතරම් සරලයි. එම තීරණය අද දවසේ ගැණීමට දෙවියන්වහන්සේ ඔබට උපකාර කරන සේක්වා.

ප්‍රකාශන හිමිකම - සැක් පූනන්. කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ.

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)