04 - පාපය පැමිණෙන්නේ අවිශ්වාසය නිසාය


Transcript of Sin Comes From Unbelief

පාපය යනු කුමක්ද? පාපය යන පදය ලොවෙහි සෑම ආගමකම පාවිච්චි කරනු ලබන්නේය. නමුත්, භක්තිවන්තවූ බොහෝ මනුෂ්‍යයන්ගේ මනස් වල පාපය යන්න කුමක්ද කියා හරි අවබෝධයක් නැතැයි පැවසීම සත්‍යයැයි මම සිතමි. බයිබලය කියවන්නාවූ අයගෙන් පවා පාපය යනු සැබවින්ම කුමක්දැයි ඔබ අසන්නේ නම් ඔවුන්ටද අවබෝධයක් නැත්තේය. අපි රෝගයක් හඳුනාගන්නා විටදී එයට නිසි ප්‍රතිකාරය සොයා ගන්නට හැකි සේම පාපය හඳුනා ගැනීමේදීද සිදු වන්නේය.

දෙවියන්වහන්සේ විසින් මවන ලද පළමු මනුෂ්‍යයා සහ ස්ත්‍රිය පාපයට වැටුනේ කෙසේද යන්න බයිබලය පවසන්නේය. අනිවාර්‍යයෙන්ම ඔවුන් පව් කළේ, ඔවුන්ගේ යහපත උදේසා ආඥා දුන්නාවූ, දෙවිඳුන් ඔවුන්ට ප්‍රේම කරන යහපත්වූ දෙවි කෙනෙකු බව, ඔවුන් විශ්වාස නොකළ නිසාය. දෙවියන්වහන්සේ ඔවුන්ව උයනකට පිවිසා එහිදී ඔවුන්ට ඕනෑම දෙයක් කන්නටද කිරීමටද අවසරය දුන් අතර, උයනේ තිබූ එක විශේෂ ගසකින් ඵල කෑම පමණක් තහනම් කළ සේක. එලෙස ඔවුන්ගේ කීකරු කම පරික්‍ෂා කිරීමට දෙවියන්වහන්සේට අවශ්‍ය විය. ඔවුන්ගේ කීකරු කම පරික්‍ෂා කරනවා පමණක්ම නොව, වැරදි දෙය එපා කර හරි දේ තෝරා ගැනීමට ඔවුන් හට අවස්ථාවක් දීමද උන්වහන්සේගේ අරමුණ විය. එතුළින් ඔවුන්ගේ චරිතය වර්ධනය වන්නේය. දෙවියන්වහන්සේ විසින් ඔවුන් හට කරන්න එපාය කී දේ කිරීම පිර්‍ණස ඔවුන්ව පරික්‍ෂා කිරීමට සාතන් ඒ උයනට ආ හැටි අපි උත්පත්ති 3 වන පරිච්ඡේදයේ කියවමු. ඔබලා මේ තහනම් ගහෙන් කෑවොත් යම් යම් වාසි ලැඛෙන බව පවසමින් ඔවුන්ව පරික්‍ෂා කරනු ලැබීය. ඔබලාගේ පෞරශත්වය ගොඩ නැගී ඔබලා දෙවියන්වහන්සේ මෙන් වන්නේය කියා ද සාතන් ආදම් සහ ඒවට පැවසීය.

සාතන් නිතරම පැමිණෙන්නේ එයාකාරයෙනි. යම් වැරදි දෙයක් කරන පිර්‍ණස සෙනඟව සාතන් විසින් පරික්‍ෂා කරන විටදී ඔහු කිසි විටෙකත් එහි ප්‍රථීවිපාක ගැන ඔවුන් හට සඳහන් කරන්නේ නැත. යමෙකුට පළමු වතාවට මධ්‍යපානය පාවිච්චි කිරීමට සාතන් පොලඹවන විටදී, අවසානයේදී කෙලෙසද ඔහු මධ්‍යපානයට වහලෙකු වී, බේබද්දෙකුවී, ඔහුගේ මුදල් නාස්ති කර, පවුල විනාශ කර, නිවසට ධරිද්‍රතාවය විත්, භාර්‍යාව හා දරුවන් දුක් විඳින්නට යන්නේ කෙලෙස ද කියා සියල්ල කිසි විටෙකත් සාතන් ඔහුට පවසන්නේ නැත. « ඔබ හොඳ ආස්වාදයක් ලබන්නට යන්නේය » යන්න පමණක්ම සාතන් ඔහුට පවසන්නේය. ඔහු තරුණයෙකුව මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීමට පරික්‍ෂා කරන විට ඒ තරුණයා අවසානයේදී මනස විකෘති වී ජීවිතය විනාශවී යන බව කලින් පවසන්නේ නැත. බොහෝ විට අකල් මරණයකට මුහුනදීමට සිදුවන්නේය, ඔහුගේ සියළු මුදල් නැතිවන්නට යන්නේය. තෘප්තියට නොපැමිණෙන දැඩි ආශාව සංසිඳුවා ගැනීමට මුදල් වඩ වඩා අවශ්‍ය වීමෙන් සොරකමට පුරුදුවන්නේ ය. සාතන් මේ තරුණයාට මේ කිසිදෙයක් කලින් පවසන්නේ නැත. ඔහු පවසන්නේ, මේ තහනම් මත් ද්‍රව්‍ය ටිකක් ගත් විට ඔබ ලබන්න යන්නාවූ අමිහිරි ආස්වාදය ගැන පමර්‍ණ.

ඒදන් උයනේදී ආදම් සහ ඒව වෙතට සාතන් පැමිර්‍ණ විටදී මෙයාකාරයෙන්ම සිදු විය. තමුන්ට ලාභයක් කරගත හැක්කේ කුමක් දැයි පවසමින් අදද සාතන් සෑම මනුෂ්‍යයෙකු වෙතටම එන ආකාරය ගැන හොඳම ආදර්ශයකි එය. ඔහු මනුෂ්‍යයෙකුට සොරකම් කරන්නැයි කියන විට, එහි ආදීනව ඔහුට මුහුණ පාන්නට වන අනතුරු ; ඔහුව සිරගත වෙන්න යන්නේ කියා හෝ ඔහුගේ ආදර්ශය අනුව හැදී වැඩෙන ඔහුගේ දරුවන් සොරකමට ඇබ්බැහි වන්නේය කියා යනාදි වශයෙන් කිසිවක් පවසන්නේ නැත. නමුත් ඔහු පවසා තිඛෙන්නේ ක්‍ෂනික ලාභය වන මුදල් ටිකක් ලැබීම ගැන පමණමය. වෛශ්‍යාකම ගැන ද එයාකාරමය, සාතන් සෙනඟට එහිදී ඇතිවන ප්‍රතිවිපාක ගැන සඳහන් නොකර ලැබෙන ක්‍ෂනික තෘප්තිය ගැන පමණක්ම කියා සිටින්නේය. ඔබ පරික්‍ෂාවට ලක්වන්නාවූ ඕනෑම අවශථාවක දී පරික්‍ෂාව සැම විටම ඔබට ලබා දෙන්නේ යම් තහනම් ආශ්වාදයක් බව මතක තබා ගන්න. නමුත් ඔබ කල්පනාකාරීනම් පමණක් ඔබ ඒවායේ ප්‍රිතිවිපාක ගැන ද සිතන්නේය. සිහිනුවණ ඇති මනුෂ්‍යයෙකු ඒ මොහොත ගැනම පමණක් නොසිතා, නිතරම අනාගතය ගැන සිතන්නේය. මගේ ක්‍රියාවේ ප්‍රතිඵලය කුමක් වන්නට යන්නේ දැයි ඔහු සිතන්නේය. එමෙන්ම ඔබ ඔබගේ ක්‍රියාවන් වල ප්‍රතිඵලය ගැන සිතන්නේ නම් ඔබ නොකර අත්හරින්නා වූ බොහෝ දේවල් ඇත්තේමය.සාමාන්‍යයෙන් සත්වයන් තමුන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාකය ගැන නොසිතන නමුත් සමහර සත්වයන් ඒ ගැන සිතති. සිහිනුවණ ඇති බොහෝ සත්වයන්, මනුෂ්‍යයන්ට වඩා සිහිනුවණ ඇත්තෝ වෙති. නමුත් බොහෝ විට සත්වයන් තම ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාකය නොදන්නා නමුත් අපි එය දනිමුව. වැරදි ක්‍රියාවන් නිසා තමුන්ගේ ජීවිත විනාශ කරගත් බොහෝ මිනිසුන් උදාහරනයක් ලෙස අප දැක ඇත්තෙමු. ආදම් සහ ඒව එදා දවසේ ඉතාමත් වැදගත් තීරණයක් ගත් අතර එහි ප්‍රතිවිපාකයන් ඔවුන්ගේ ජීවිතකාලය පුරාම පමණක්ම නොව ඔවුන්ගේ දරුවන් ද, දරුවන්ගේ දරුවන් ද ඔවුන්ගෙන් පැවතුන පරම්පරාවන්ටද බලපෑවේය. එයින් අප එක් කාරනයක් ඉගෙන ගත යුතුය. එනම් ජීවිතයේ අප ගන්නා සෑම තීරණයන් නිසා ඒවාට යුතු ප්‍රතිවිපාක ඇති බවත් අප වපුල දෙයින්ම කපා ගත යුතු බවත් ය. බයිබලයෙහි මෙයම සඳහන් වන්නේය. බොහෝ අවස්තාවන් වලදී අප පමණක්ම දුක් නොවිඳ අපගේ දරුවන්ද අප වපුල දෙයින් ඵල නෙලාගත යුතු වන්නහුය. මෙය අන් අතට ද එයාකාරයෙන්ම ක්‍රියා කරන්නේය. ඔබ යහපත් වූ දේ වපුලේ නම් ඔබ ගේ දරුවන් ද ඔබ වපුල යහපත් දෙයින් ඵල නෙලා ගන්නෝය.

ආදම් ගේ සිද්ධියේදී ඔහු හා ඔහුගේ බිරිඳව දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් නෙරපා මුළු ජීවිත කාලයටම එම උයනෙන් ඔවුන්ව පන්වා දමනු ලැබීය. එමනිසා ඔබගේ ජීවිතයේ ඔබ ගන්නාවූ කුඩා කුඩා තීරණයන් කිසි වැදගත්කමක් නැති ඒවා යැයි නොසිතන්න. එලෙසම ඔබ අද වපුරන දෙයින් අනාගතයේදී කිසි නෙලීමක් නැත්තේයැයි කිසි විටකත් නොසිතන්න. එය සැබෑ නොවේය. සාතන් එවැනි දේවල් සිදු නොවන්නේයැයි සිතන පිර්‍ණස සාතන් ඔබගේ සිත අන්ධ කරන්නේය. නමුත් ඒවා එලෙසම සිදුවන්නේමය. අපගේ පළමු පාඩමකදී දෙවියන්වහන්සේට අපව පරික්‍ෂා කරනු ලැබීමට අවශ්‍ය වන්නේ මන්ද යන්න ගැන සලකා බැලීමුව. එසේ කිරීමෙන් අපේ චරිතය ගොඩ නැගෙන්නේය. උන්වහන්සේට රොබෝ යන්ත්‍ර අවශ්‍ය නැත. ස්වභාධර්මයේ යම් නීති මාලාවන්ට අනුව ස්වයංකක්‍රියව ගමන් කරන්නාවූ නීරස අප්‍රාර්‍ණක ජීවින් උන්වහන්සේට අවශ්‍ය නැත. අප, හරිව තිඛෙන දේ කිරීම තෝරාගන්නා වූ අධ්‍යාත්මීක ජීවීන් වනවා දැකීම උන්වහන්සේගේ කැමැත්ත වේ. අප හට දේව දරුවන් විය හැකි එකම මාර්ගය මෙය වේ. යහපත් වූ දේ තේරීමට එරෙහිව විකල්පය වූ තේරීම ඉතාමත් ආකර්‍ෂනශීලී නොවන්නේ නම් එම යහපත් වූ දේ තේරීමේ කිසි ගුණවත්කමක් නැත්තේය.

ආදම් සහ ඒවව එම උයනේ පදිංචි කරන විටදී, දෙවියන්වහන්සේ ඒ තහනම් ගස ඉතා අවලක්‍ෂණ වූ, පිළිකුල් උපදවන්නාවූ, කටු සහිතවූ හා ඉතා අප්‍රසන්නවූ එකක් ලෙස සෑදුවේ නම් එයට ළංවන පිර්‍ණස කිසි විටෙකත් ආදම් සහ ඒවව පරික්‍ෂාවට පොළඹවන්නේ ද? නමුත් මෙම ශාකය ඉතාමත් ආකර්‍ෂණමත් එකක් වූ බව අපි දේව වචනයේ කියවමුව. ආදම් සහ ඒවගේ කටට කෙල උනන තරම් වූ බැවින් ඒ අය විසින් කන්නට ඉතා ආශා වූවෝය. පරික්‍ෂාවක්, පරික්‍ෂාකිරීමක් වන්නට නම් එය ඉතාමත් ආකර්‍ෂණමත් විය යුතුමය. එසේ නැතිනම් එය පරික්‍ෂාවක් නොවන්නේය. ලෝකයේ යමක් ආකර්‍ෂණශීලී නොවන්නේ නම් එය තුළින් ඔබව කිසි විටෙකත් පරීක්‍ෂා කරනු නොලබන්නේය. පරීක්‍ෂාව ආකර්‍ෂණශීලී වුවද එය වරද බව දන්නා ඔබ එයට එරෙහි වී, එයට ඔබ නැතැයි කියනා විටදී ඔබගේ චරිතය ගොඩ නැගෙන්නේය. ඔබ සදාචාරාත්මක කෙනෙකු වන්නේ එලෙසය.

ලෝකයේ ඇති බොහෝ දේවල් ආකර්‍ෂණශීලී වීමට දෙවියන්වහන්සේ ඉඩහැර ඇත්තේ මේ නිසාය. ඒ සමහර දේවල් තහනම් වූ දේවල්‍ ය. උදාහරණයක් ලෙස ඔබගේ භාර්‍ය්‍යාව නොවන ආකර්‍ෂණමත් ස්ත්‍රියක්. ඔබ ඇය කෙරෙහි තෘෂ්ණා නොවිය යුතුය. ඔබ ඇයගේ රූපාලංකාරය අගය නොකල යුතුය. එය ඔබව විනාශ කරන්නේය. මුදල් ඉතා ආකර්‍ෂණමත්‍ ය, නමුත් බොහෝ අය කරන්නාක් මෙන්, ඔබ මුදල් දෙවියන්වහන්සේටත් ඉහළින් තබා දෙවියන්වහන්සේව අතපසුවන තරමට මුදල් පස්සේ දුවන්නේ නම් ඔබේ ජීවිතය විනාශ වන්නේය. එමනිසා අප කරන්නා වූ සෑම දෙයක්ම අප ගන්නාවූ සෑම තීරණයක්ම, වපුරන්නාවූ බීජයෙන්ම ඵල හටගන්නාක් මෙනි.

දැන් අපි ආදම් සහ ඒවගේ පාපය දෙස බලමු. දෙවියන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කළ සේක. උන්වහන්සේ ඔවුන්ට ඔවුන්ගේ ශරීරයන් දුන් සේක, සුවය දුන් සේක, ජීවනය දුන් සේක, ඔවුන්ට එකිනෙකාව දුන් සේක.

« මෙතරම් යහපත්වූ දෙවියන්වහන්සේ, සියළු යහපත්වූ දේ අපහට දෙන්නේමය. යම් දෙයකට සහභාගිවීමෙන් අපව වලක්වන්නේ නම් ඒ ඉතාමත්ම යහපත්වූ හේතුවක් නිසා විය යුතුමය » කියා සිතීමට ඔවුන් හට යුතු වූයේය. ඔවුන්ට ඒ විශ්වාසය තිබුණේ නම් ඔවුන් නොමඟ යෑමෙන් වලකින්නට තිබුර්‍ණ. නමුත් ඔවුන් දෙවියන්වහන්සේව එලෙස විශ්වාස නොකළෝය. ඔවුන් දෙවියන්වහන්සේ මෙන් වෙනවාට දෙවියන්වහන්සේ අකමැති බව සාතන් ඔවුන් හට කී විටදී, දෙවියන්වහන්සේ යහපත් බව ඔවුන් විශ්වාස නොකළෝය. « මේ ගසෙන් කෑම තහනම් කිරීමට යම් හේතුවක් ඇත්තේය ; ඔබ වර්ධනය වෙනවාට උන්වහන්සේ කැමති නැත » යන බොරුව ඔවුන් විශ්වාස කළෝය. එලෙසම සාතන්ගේ බොරුව විශ්වාස කරන විටදී මනුෂ්‍යයන් පාපයට වැටෙන්නෝය.

දෙවියන්වහන්සේගේ පරිපූර්ණ වූ ප්‍රේමය විශ්වාස නොකරන විටදී පාපය ආරම්භ වන්නේය. එය අකීකරුකම කරා මගපෙන්වන්නේය. දේව වචනය තුළ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වීම යන දෙකම නිතරම ඉතාමත් ළංව බැඳී තිඛෙන්නේ මේ හේතුව නිසාමය. එලෙසම අවිශ්වාසය හා දෙවියන්වහන්සේගේ ආඥාවන්ට අකීකරු වීම යන දෙකමද එක්ව ගමන් කරන්නේය. කීකරුකම ඇදහිල්ලේ ඵලය වන්නාක් සේම අකීකරුකම නොඇදහීමේ ඵලය වන්නේය. උදාහරනයක් ලෙස දෙවියන්වහන්සේ විසින් තහනම් කරන ලද සියල්ල මට හානිකර වන්නේ යැයි මම විශ්වාස කරන්නේනම් ඒවා සියල්ලෙන් වැලකී සිටීමට මම ඉතාමත් කැමැති වන්නෙමි. මන්දයත්, දෙවියන්වහන්සේ යහපත් දෙවි කෙනෙකු බව මම විශ්වාස කරන නිසාය. එමෙන්ම, දෙවියන්වහන්සේ මා හට කරන්නට කියන්නාවූ ඕනෑම දෙයක්, සැබවින්ම එය මාගේ යහපත උදේසාය කියා විශ්වාස කරන්නේ නම්, මම කීකරු වන්නෙමි. එමනිසා දෙවියන්වහන්සේගේ ප්‍රේමය කෙරෙහි මා හට විශ්වාසයක් නැති විට මම පව් කරමි. එය පාපය කරා ගමන් කරවන්නාවූ අවිශ්වාසයය.

උදාහරණයක් ලෙස, ඔවුන් හට පාසැලට යන්නැයි අප කියන විට අපේ දරුවන් ගැන සලකා බලන්න. අවුරුදු 4 , 5 පමණ වයස කාලයේදී ඔවුන් පාසැලට යෑමට අධික ආශාවක් දක්වන්නේ නැත. අප, ඔවුන් හට බලකල යුතු වෙමුව. සමහරවිට ඔවුන් මෙසේ සිතමින් ; නිවසේ සිට මට සෙල්ලම් කරන්නට ඉඩ නොදී නපුරු අම්මයි, තාත්තයි දෙන්නම, පාසැලට යන්නැයි මට බල කරනවා කියා අඬමින් පාසැලට යන්නේය. නමුත් ඔවුන් හට යහපත්වූ දේ කුමක්දැයි අපි දනිමුව. ඔවුන් හට යහපත්වූ දේ කුමක්දැයි ඔවුන් නොදනිති. නමුත් ඔවුන් වැඩුනු විට අම්මයි, තාත්තයි ඔවුන් හට බලකලාවූ දේම ඔවුන් හට යහපත් දේ වූ බව යම් දිනකදී ඔවුන් වටහා ගන්නේය. මේ ආකාරයෙන්ම අපටත් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කළ හැකි නම්, උන්වහන්සේ අපහට කරන්ට කියන්නාවූ සියළු දේ අපගේම යහපත උදේසා වන බව අප තේරුම් ගන්නවා පමණක් නොව අප ඒවා පවත්වමුව. එම නිසා දෙවියන්වහන්සේ වෙතට පැමිණීමේ පළමු පියවර ඇදහිල්ල වන අතර දෙවනුව කීකරුකමය. අලූත් ගිවිසුම තුල අප දකින්නාවූ දේ මෙය වන්නේය. අලූත් ගිවිසුමේ ගැලවීම පැමිණෙන්නේ ඇදහිල්ල කරනකොට ගෙනය. ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතුය. ඔබ උන්වහන්සේ ගැන විශ්වාස කිරීමේදී, උන්වහන්සේ යහපත්වූ, කරුනාවන්තවූ, එමෙන්ම ඔබ ගැන සලකන්නාවූ දෙවිඳුන් බව විශ්වාස කළ යුතුය. පාපය යනු අවිශ්වාසයය. දෙවියන්වහන්සේ යහපත්වූ දෙවිඳුන් බව ඔබ විශ්වාස නොකරන්නේය. එමනිසා උන්වහන්සේ කරන්නට එපාය කියන්නාවූ දේවල් ඔබ කරන්නේය. එනම් ඔබේම හෘද සාක්ෂිය තුළින් උන්වහන්සේ ඔබට වැලකී සිටින්නය කියන්නාවූ දේවල් ඔබ කරන්නේය. උන්වහන්සේ ඔබට කීකරුවන්න කියා කියන්නාවූ දේවලට ඔබ කීකරු නොවන්නේය. ඇයි ඒ? මන්දයත් ඔබ විශ්වාස නොකරන නිසාය.පාපය යනු මවන ලද දේවල් තෝරාගැනීම කියාද අපට කිව හැකිය. එනම් අපවම සහ අපේ මාවත් දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ මාවත් වලට ඉහළින් තැබීම ; දෙවියන්වහන්සේව සතුටු කරනවාට වඩා අපවම සතුටු කර ගැනීම. ආදම් සහ ඒව කළ දේ මෙයය. එහි තමුන්ගේ ආශාව සංසිඳවා ගැනීමට හැකි ශාකය තිබුර්‍ණ. එයින් අනුභව නොකරන්නය කියා දෙවියන්වහන්සේ ඔවුන් හට කීවද ඔවුන් එයින් අනුභව කළෝය. මනුෂ්‍යයන් කාමයේ වරදවා හැසිරෙන්නේ මන්ද? මන්දයත් ඔවුන් හට ස්ව කැමැත්ත කරමින් තමුන්ව තෘප්තියට පත්කර ගැනීමට අවශ්‍ය හෙයිනි. එයින් ඔවුන් හට වන්නට යන හානිය ගැන දෙවියන්වහන්සේ පවසන විට ඔවුන් එය විශ්වාස නොකරති.දෙවියන්වහන්සේ යහපත්‍ ය යන සත්‍යය දැකීමට අපගේ මනස ආලෝකමත් වන විට, සම්බන‍ධකම් පවත්වන්නට එපාය කියා උන්වහන්සේ පවසන සියල්ලම අපගේ යහපත උදේසාය, උන්වහන්සේ අපට කරන්නට අනකරන සියල්ල අපේ යහපත උදේසාය, අපි දෙවිඳුන්ට කීකරු වෙමුව, අපි යේසුස් වහන්සේට කීකරු වෙමුව. දේව වචනය තුළ ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් වලට අපි අපගේ හදවත් විවෘත කර « ස්වාමීනි ඔබවහන්සේගේ වචනයට කීකරු වීමට මට අවශ්‍යය කියා පවසමුව. බයිබලය වෙතට හැරී එය කියවන්නය කියා ඔබලාව දිරිගන්වන්නට මට අවශ්‍යය. ඔබ යාච්ඤා කරන විටදී මෙලෙස පවසන්න. « ස්වාමීවූ යේසුනි ඔබවහන්සේ මා හට අත් හරින්නට කියන්නාවූ සියළු දේ අත් හැරීමට මට උපකාර කළ මැනවි. එලෙසම ඔබවහන්සේ මට කරන්නට කියන්නාවූ සියල්ල කිරීමට ද උපකාර කළ මැනවි. ඔබවහන්සේ යහපත් දෙවිඳුන් බව මම විශ්වාස කරමි»

ප්‍රකාශන හිමිකම - සැක් පූනන්. කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ.

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)