02 - දෙවියන් වහන්සේ නපුර යහපත උදේසා ක්‍රියා කරවන සේක


Transcript of God Makes Evil Work For Good

අපි ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් දෙස බලමු. දේවදූතයන්ගේ නායකයාවූ ලූසිෆර් ගේ වැටීයාම කරනකොටගෙන නපුර ආරම්භ වූයේ නම්, දෙවියන් වහන්සේ ඔහුව ක්‍ෂනයකින්ම විනාශ නොකෙරුවේ ඇයි? දෙවියන් වහන්සේට එය කිරීමට හැකියාව තිබුණේය. ලෝකයේ සෑම නපුරකටම හේතුව සාතන් නම්, දෙවියන් වහන්සේ සාතන්ව විනාශ නොකරන්නේ මන්ද? යක්‍ෂාත්ම කරනකොටගෙන අපව පීඩාකරනු නොලබන පිර්‍ණස, දෙවියන් වහන්සේ යක්‍ෂයන් සියල්ලම විනාශ කර නොදමන්නේ ඇයි? මනුෂ්‍යයන් නානාප්‍රකාර විධි වලින් දුක් විඳිය යුත්තේ මන්ද?

දෙවියන් වහන්සේ එය නොකරන නිසා, උන්වහන්සේට ඒගැන ඉතාමත් යහපත් අභිප්‍රායක් ඇත්තේය කියා අපහට සැබවින්ම සහතික කරගත හැකිය. දෙවියන් වහන්සේ ගැන බොහෝ දේවල් සම්පූර්ණයෙන්ම අපහට තේරුම් ගත නොහැකිය. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සාගරයක් මෙන් නම් අපගේ මනස කුඩා කෝප්පයක් මෙනි. එයට දැරීමට හැකි වන්නේ ඒ සාගරයෙන් ඉතා ස්වල්පවූ වතුර ප්‍රමාණයක් පමර්‍ණ. ඒනිසා අපහට ස්වල්පයක් තේරුම් ගැනීමට හැකි වන නමුත් සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට හැකියාවක් නැත්තේය. ඉතින් ඒ ස්වල්පයෙන්, දෙවියන් වහන්සේ අපහට දී ඇති අල්පවූ ඥානයෙන් අල්පවූ තේරුම් ගැනීමෙන්, අපහට, දෙවියන් වහන්සේ සාතන්ව විනාශ නොකලේ මන්ද යන්න ; පොළොව මතුපිට ජීවිතය මෙතරම් දුෂ්කර වන්නේ, මෙතරම් අනතුරු සහිත වන්නේ; මෙතරම් අස්ථීර වන්නේ ඇයි කියා ස්වල්ප වශයෙන් තේරුම් ගැනීමට හැකි වන්නේය.

දෙවියන් වහන්සේ පොළොව මතුපිට ජීවිතය ඉතාමත්ම සැපපහසුවූත්, ලෙහෙසිවූත් එකක් බවට පත් කරන්නේ නම් සෙනඟ සදාතනිකත්වය ගැන තැකීමකින් තොරව ජීවත්වන්නේය යන්න මෙයට එක් හේතුවකි. මෙම පොළොව මතුපිට ඔහුගේ කෙටිකාලීන ජීවිතයට පමණක්ම මනුෂ්‍යයාව මවනු ලැබුවේ නැත. ඔබ අවුරුදු 100 ක් මේ පොළොව මතුපිට ජීවත්වූවත් සදාතනිකත්වය සමඟ සසඳන කළ එය ඉතා කෙටි කාලයකි. ශාක සහ සත්වයන් සදාකාලයටම පවතින්නේ නැත. නමුත් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාව මැවූ විට උන්වහන්සේ ඔහුව සදාකාලීන මැවිල්ලක් ලෙස මවන ලදි. එනම් අවසානයකින් තොරව ජීවත්වන ලෙසටය. අවුරුදු 70 , 80 එසේත් නැතිනම් 100 ක් මෙම පොළොව මතුපිට ජීවත්වුනායින් පසුව ශරීරය මිය ගියද ඔහු තුළ ඇත්තාවූ අමරණීය ආත්මය කිසි කළකත් නසින්නේ නැත. වතාවක් ඔබ ඉපදුනායින් පසු එම ආත්මය කිසි කලෙකත් නොනසින අතර එය සදාකාලයටම පවතින්නේය. ඔබ මෙය තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්ය.

දෙවියන් වහන්සේගේ අපරිමිත ප්‍රඥාව කරන කොට ගෙන, පොළොව මතුපිට ජීවිතය අසීරුවූ එකක් බවට පත් කර ඇත්තේ මනුෂ්‍යයා උන්වහන්සේ ගැන සිතීමට පොලඹවන පිර්‍ණස බවය යන්න අපට සහතික කර ගත හැකි එක් කාරනයකි. එම නිසා සාතන් හා නපුරු ආත්ම කරන කොට ගෙන, ප්‍රශ්න, රෝග, පරික්‍ෂා සහ කරදර ඔබ වෙතට ගෙන ඒමට ඉඩ හැර ඇත්තේ ප්‍රේමනීය දෙවියන් වහන්සේ විසින් වන අතර ඒ ඔබ උන්වහන්සේ වෙතට හැරෙන පිර්‍ණසය. ඒ අන්දමට ඒ පරික්‍ෂාවන් සහ අසීරුකම් පවා ඔබ කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිලිඹිබු කරන්නේය. නපුර පවා උන්වහන්සේගේ අරමුණු ඉෂ්ඨ කරගන්නා පිර්‍ණස පාවිච්චි කිරීමට හැකි තරම් උන්වහන්සේ බලවත්ය සර්වබලධාරීය. දැන් අපට මෙය තේරුම් ගත නොහැකිය. අපට සිතාගත හැකි එකම දෙය වන්නේ යහපත යහපත් බවත් නපුර නපුරු බවත් යන්නත් යහපත් දේවල් පමණක්ම තවදුරටත් උන්වහන්සේගේ අරමුණු වන බවත්ය. නමුත් එය එසේ නොවේය. දෙවියන් වහන්සේ කෙතරම් සර්වබලධාරීදයත් මනුෂ්‍යයන්ගේ යහපත උදේසා නපුර තවදුරටත් යහපත වන්නට සැලැස්වීමට උන්වහන්සේට හැකිය.

ඔබ හට මම උදාහරණයක් පවසන්නම්. සැබවින්ම බයිබලයේ මුළු පර්‍ණවුඩයම මෙය වන්නේය. එනම් සාතන්ව සහ අශුද්ධ ආත්මයන්ව උන්වහන්සේගේ පරමාර්ථයන් උදේසා යොදවා ගන්නාවූ ආකාරයය. ඔවුන්ව දෙවියන් වහන්සේ විනාශ නොකර සිටින්නේ ඒනිසාමය. ලෝකයේ ක්‍රියා කරමින් පවතින්නාවූ සියළුම නපුර, යම් පුදුමාකාර ක්‍රමයකින් දෙවියන් වහන්සේගේ අරමුණු ඉෂ්ඨ කරන්නාවූ ආකාරය අවසානයේදී අප දැනගන්නට යන්නෙමුව. දෙවියන් වහන්සේ නපුර මැව්වේ නැත. නමුත් දේවදූතයන් සහ මනුෂ්‍යයා නපුරු වන්නට තීරණය කල විට දෙවියන් වහන්සේ එයම තමන්වහන්සේගේ අරමුණු කරා පාවිච්චි කිරීමට තීරණය කල සේක. ඉතින් එහිදී දෙවියන් වහන්සේගේ සර්වබලධාරී බලය ගැන යමක් දකින්නෙමුව. අපි එය දකින විට අපේම ඇදහිල්ල සවිමත් වන අතර අපේම යහපත උදේසා වන පිර්‍ණස දෙවියන් වහන්සේට ක්‍රියා කළ හැකි නිසා අපි තවදුරටත් නපුරට භය නැති බව දැනගන්නෙමුව.

එක් කාලයකදී දෙවියන් වහන්සේට ඉතාමත් ලංව සිටියාවූ ව්‍යාපාරිකයෙකු ගැන කතාවක් මම අසා ඇත්තෙමි. නමුත් ඔහුගේ ව්‍යාපාරය දියුණු වෙනවාත් සමඟම කාලයක් යනවිට ඔහු දෙවියන් වහන්සේගෙන් ඈත් විය. ඔහු යමින් සිටියාවූ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන් ඔහුව නැවතත් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට හරවා ගන්නා පිර්‍ණසත් නැවතත් ක්‍රිස්තුස් වහන්සේ වෙතට තම ජීවිතය යටහත් කරවන පිර්‍ණසත් විටින් විට ඔහුට කතා කලෝය. ඔහු ඔහුගේ ව්‍යාපාර කටයුතු වල කාර්ය බහුලව නිරතව සිටියේය. ඉරිදාවලදී පවා රැස්වීමට ඒමට වේලාවක් නැතිවන තරමට ඔහු ඔහුගේ ව්‍යාපාර කටයුතු වල නිරත විය. ඔහුගේ ව්‍යාපාරය දියුණු වෙමින් පැවතුනි. පසුව එක් දිනයකදී ඔහුගේ පුතුන් තිදෙනාගෙන් බාලම පුතාට විසකුරු සර්පයෙකු දෂ්ඨ කර මරණාසන්න විය. වෛද්‍යවරුන් මේ දරුවාගේ ජීවිතය ගැන සියළු බලාපොරොත්තුන් අත් හල විට මෙම පියා ඉතාමත් කනස්සල්ලට පත් විය. ඔහු, ඇවිත් දරුවා උදේසා යාච්ඤාකරන්නය කියා සභාවේ එක් වැඩිමහල්ලෙකු හට පර්‍ණවුඩයක් යැව්වේය. ඒ වැඩිමහල්ලා ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකි. ඔහු ඇවිත් මෙසේ යාච්ඤාකළේය «ස්වාමිනි, මේ දරුවාට දෂ්ඨ කරන පිර්‍ණස මේ සර්පයාව එවීම ගැන ස්තුති වන්ත වෙමි, මන්දයත් අවුරුදු 6 ක් මුළුල්ලේම මොහුගේ පවුල ඔබ වහන්සේ දෙස බලන පිර්‍ණස මා දැරූ වෑයම අසාර්ථක වුනි. නමුත් අවුරුදු 6 ක් තිස්සේ මට නොහැකිවූ දේ මේ සර්පයා එක මොහොතකින් ඉතාමත් සාර්ථක ලෙස ඉෂ්ඨ කළේය. දැන් ඔවුන් පාඩම ඉගෙන ගෙන ඇත්තේය. ස්වාමිනි, මෙම දරුවාව සුව කළමැනවි. එලෙසම නැවතත්කිසි සර්පයෙකු විත් ඔබවහන්සේ ගැන මතක් කරන්නට අවශ්‍ය නැති බව මෙම පවුලට ඒත්තු ගැන්වුව මැනවි ».

සර්පයෙකු දෂ්ඨ කිරීම යහපත් දෙයක්ද නැතිනම් නපුරුවූ දෙයක් කියාද ඔබ සිතන්නේ. එය නපුරුවූ දෙයක්ය කියා ඒකාන්ත​යෙන්ම අප සියළු දෙනාම එකඟ වන්නට පුළුවනි. නමුත් මෙම පවුලේ විශේෂිත සිදුවීමේදී දෙවියන් වහන්සේ එය යහපත උදේසා පාවිච්චි කළේද නැද්ද? සහතික ලෙසම උන්වහන්සේ යහපත උදේසා එය එසේ කළ සේක. ඒපවුල දෙවියන් වහන්සේගෙන් ඈත් වෙමින් සිටි අතර මුදල් පසු පස යෑමෙන් තම ජීවිත විනාශ කර ගන්නට ගියෝය. නමුත් සර්පයෙකු කරනකොටගෙන (ඌ යම් නපුරක් කළේය) ඔවුන්ගේ එක් දරුවෙකුට දෂ්ඨ කිරීම තුළින් ඔවුන්ව නැවත දෙවියන් වහන්සේ වෙතට හැරවීම නිසා ඔවුන්ගේ ජීවිත ආත්මීකව ආශිර්වාදමත් විය; සදාකාලීක වටිනාකම් මත ජීවත්වීමට හැකියාව ලැබුර්‍ණ. නපුර වූවද දෙවියන් වහන්සේ යහපත උදේසා පාවිච්චි කරන්නේය යන්නට මෙය එක් උදාහරණයකි. ලොවෙහි සර්පයන් සිටියේ නැතිනම් ඒදරුවාට දෂ්ඨ කරන්නට සර්පයෙකු සිටින්නට නොගියේය, එලෙසම පෙනෙන හැටියට ඔවුන්ගේ ජීවිත සදා කාලීකවම විනාශ වන්නට ඉඩ තිබුර්‍ණ. ඉතින් සර්පයෙකු වැනි නපුරු දෙයක් දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ කෙළෙසද යන්න අපි දකිමුව. ඒවාගේම බොහෝ අවස්ථාවන් හිදී රෝගද එයාකාරම වේ. පිළිකාව හෝ යම් වෙනකුත් දරුණු රෝගයක් වැලඳී හදිසියේම යම් දිනයක රෝහල් ගත වන තෙක් තම ජීවිතයේ කිසි දිනෙක දෙවියන් වහන්සේ ගැන නොසිතන්නාවූ මනුෂ්‍යයන් සිටිති. අවුරුදු 40 ක් විතර කාලයක් තිස්සේ කිසි විටෙක දෙවියන් වහන්සේ ගැන නොසිතූ මෙම මනුෂ්‍යයන් ක්‍ෂනයකින්ම දෙවියන් වහන්සේ ගැන සිතන්නට පටන් ගන්නෝය.

පළමු කොටම අප එක කාරනයක් තහවුරු කර ගත යුතු වෙමුව දෙවියන් වහන්සේ ගැන සිතීම යහපත් වූ දෙයක්ද නොවෙයිද? සහතික ලෙසම එය යහපත්ය. තම ජීවිතයේ දෙවියන් වහන්සේ නොමැතිව ජීවත්වන මිනිසා කිසි අරුතක් හෝ අභිප්‍රායක් නැතිව ජීවත් වන්නේය. ඔහු බොහෝ මුදල් උපයා ගත්තද අවසානයේදී නිෂ්ඵලව මිය යන්නේය. ඔහු හිස්භාවයකින් මිය යන්නේය. දෙවියන් වහන්සේ අපව මවා ඇත්තේ උන්වහන්සේ අපගේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් සාධකය වන ලෙසය. ඉතින් අපි උන්වහන්සේ ගැන නොසිතමු නම් අපි අපගේ ජීවිතයේ අරුත සහ අරමුණ සම්පූර්ණයෙන්ම වරද්දාගනිමුව. එමනිසා යම් මනුෂ්‍යයෙක් අවුරුදු 40 ක් හෝ 50 ක් තිස්සේ දෙවියන් වහන්සේ ගැන නොසිතා ජීවත් වන්නේ නම් ඉන්පසුව ඔහුට පිළිකාවක් වැළඳීම කරනකොටගෙන දෙවියන් වහන්සේ ගැන සිතන්නට පටන් ගෙන උන්වහන්සේ වෙතට හැරෙන්නේ නම් එම පිළිකාව යහපත් වූ එකක්ද නැතිනම් නපුරු වූ එකක් වන්නේද? සැබවින්ම ඔබ පිළිකාව දෙස පමණක්ම බලන්නේනම් පිළිකාව නපුරුය කියා අපි සියල්ලෝම කියන්නෙමුව. නමුත් පිළිකාව සෑදී දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්නට පටන්ගත් බොහෝ අය ගැන උදාහරණ ඇත්තේය. පිළිකාව නපුරු වූ දෙයක් වූවත් දෙවියන් වහන්සේ එය යහපත් වූ අරමුණක් උදේසා, සර්පයාව පාවිච්චි කලාක්සේම පාවිච්චි කරන්නාවූ ආකාරය අපූර්වය.

එක් දිනයකදී යේසුස් වහන්සේ මේ පොළොවට නැවත එන විට, සෑම මනුෂ්‍යයෙකුගේ ම ජීවිතයේ සම්පූර්ණ කතා පුවත අප දැනගන්නට යන්නෙමුව. අපි ඒදිනයේදී උන්වහන්සේ ඉදිරියේ සිටින විට පටන්ගැන්මේ සිට මේ පොළව මතුපිට ජීවත් වූ සියළු මනුෂ්‍යයන්ව දකින්නට යන අතර අපි ඔවුන්ගේ කතා පුවත අසන විට දෙවියන් වහන්සේ, මනුෂ්‍යයන්ගේ පාපිෂ්ඨ ජීවිත වලින් ඔවුන්ව ස්වර්ගය දෙසට හරවන පිර්‍ණස සුව කළ නොහැකි රෝග, නොයෙකුත් ආබාධයන්, වන සත්වයන්, සර්පයන්, දරිද්‍රතාවයන් දුක් විඳීම් සහ තවත් බොහෝ නපුරු දේවල් උපයෝගී කරගත් ආකාරය ගැන දැනගන්නෙමුව. මෙලෙස සෑම නපුරක්ම උපයෝගී කර ගනිමින් දෙවියන් වහන්සේ සෙනඟව තම පව්කාර ජීවිත වලින් හරවා ස්වර්ගය, ඔවුන්ගේ සදාකාලික නිවහන ලෙස සොයා ගැනීමට සලස්වන සේක. එම නිසා මේ සෑම උදාහරණයකින්ම, සාතන් විසින් සෙනඟට කරන්නාවූ සෑම නපුරු දෙයකින්, දෙවියන් වහන්සේ ඒ නපුරම යහපත උදේසා පාවිච්චි කරමින් සෙනඟව සාතන්ගේ යදමින් ගලවන ආකාරය දකිමුව. නිරයේ සදාකාලීක මරණයට නියම වූ යක්‍ෂයා උදේසා ජීවත් වන්නාවූ මනුෂ්‍යයෙක් සිටින්නේය. ඔහු දෙවියන් වහන්සේගෙන් ඈත්ව ජීවත් වන අතර යක්‍ෂයා ඔහු මත ක්‍රියා කරන්නේය. එවිට රෝගයක් වැනි නපුරු දෙයක් තුළින් මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නේය. සාතන් විසින් ලොවට ගෙන එන්නාවූ නපුරු දේම උපයෝගී කරගනිමින් දෙවියන් වහන්සේ, මනුෂ්‍යයාව සාතන්ගේ යදමින් මුදවා ඔහුව සදාකාලීක ගැලවීමට ගෙනෙන ආකාරය අපි දකිමුව. එහිදී දෙවියන් වහන්සේගේ සර්වබලධාරී බලය පුදුමාකාර ලෙස පාවිච්චි කරන ආකාරය දකිමුව. එලෙස දෙවියන් වහන්සේ, නැවත නැවතත් සාතන්ව මෝඩයෙකු බවට පත් කරන්නේ යැයි පැවසිය හැක. මෙයයි බයිබලයෙහි පුදුමාකාර පර්‍ණවුඩය. යක්‍ෂයාගේ ක්‍රියා විනාශ කරන පිර්‍ණස යේසුස් වහන්සේ පැමිණුන බව (1 යොහාන් 3 : 8) හි බයිබලය සඳහන් කරන්නේය.

ක්‍රමානුකූලව ඔතන ලද නූල් පන්දුවක් ලෙස අප සියල්ලෝම අපගේ ජීවිතයන් ආරම්භ කළ බව අපට කිව හැකිය. නමුත් අවුරුදු ගණනාවක් තුළදී එම නූලේ ගැට දස දහසක් හෝ කෝටි දහයක් ගැට වැටී අවසන් විය හැක. දැන් අපි ඒනූල් බෝලය දෙස බලන විට කලකිරී, අධෙර්යයට පත් වී අප හට කුමක් කළ හැකි දැයි කල්පනා කරමුව. එවිට යේසුස් වහන්සේට සියළුම ගැට ලිහා දමන්නට පුළුවන්ය යන බයිබලය තුළ ඇති පුදුමාකාර පර්‍ණවුඩය පැමිණෙන්නේය. ප්‍රිය මිත්‍රය කොපමණ ගැට ප්‍රමාණයකින් ඔබගේ ජීවිතය බැඳී තිබේද යන්න මම නොදනිමි. නමුත් ඔබ හට පැවසීමට සුභාරංචියක් මට ඇත්තේය. එනම් ඒසෑම ගැටයක්ම ලිහන්නට යේසුස් වහන්සේට හැක්කේය යන්නය. අලූත්ම අලූත් නූල් බෝලයක් ලෙස එනම් දැන් අලූතින් ඉපදුනාක් වැනි වූ ජීවිතයක් ඔබ හට දීමට උන්වහන්සේට හැකිය. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරී උන්වහන්සේගේ නම කියා හඬගසා « ස්වාමිවූ යේසුනී, ඔබ වහන්සේ පැමිණුනේ යක්‍ෂයාගේ ක්‍රියා විනාශ කරන්නටය, මගේ ජීවිතයේ එම ක්‍රියාවන් විනාශ කළ මැනවි, ආමෙන් » යැයි පවසන්නේ නම් ඔබගේ ජීවිතය නැවතත් ඔබ හට අලූතෙන් පටන් ගත හැකි වන්නේය.

ප්‍රකාශන හිමිකම - සැක් පූනන්. කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ.

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)