07 - පසුතැවිලිවීම


Transcript of Repentance

පසුතැවිලිවීම යනු අපගේ ජීවිතවල නැවත හැරීමක්වේ. අපට දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නට උදව් කරන්නේ එයයි. මනුශ්‍යයාට ඔහුගේ පාප කමා කිරීමට පෙර ඔහු උන්වහන්සේව තෝරා ගන්නේදැයි දෙවියන්වහන්සේට දකින්නට අවශ්‍යය. කිසිදු මනුශ්‍යයෙකුට ඔහු අකමැති දෙයක් තෝරා ගැණීමට දෙවියන්වහන්සේ බල නොකරයි. දෙවියන්වහන්සේ ඔබට නිදහස් කැමැත්තක් දී ඇත. උන්වහන්සේ ප්‍රධානය කරන දෙය ඔබට අවශ්‍ය නොමැති නම්, උන්වහන්සේ එය බලෙන් ඔබගේ උගුරට ඇතුල් නොකරයි. බයිබලය පවසන්නේ යේසුස්වහන්සේ ඔබගේ හදවත් දොරටුව ලඟ සිට තට්ටු කරන බවයි. ඔබ විසින් දොර අරින තෙක් උන්වහන්සේ බලා සිටී මක්නිසාද උන්වහන්සේ සත්පුරුෂයෙකි. උන්වහන්සේ කිසිදා ඔබ අකමැති කිසිම දෙයක් කිරීමට බල නොකරයි. ඔබ විසින් උන්වහන්සේගේ ආරාධනයට ප්‍රතිචාර දැක්වීම උන්වහන්සේට අවශ්‍යවේ.

ක්‍රිස්තුස්වහන්සේ සමග එක්සිත්වීම හරියට කසාද බඳිනවා වගෙයි. එක් මනුශ්‍යයෙකු සිටිනවා තරුණියෙකුට 'ඔව්, මම ඔබව කසාද බැඳීමට කැමතියි' කියන, නමුත් තරුණිය විසින්ද 'මමත් කැමතියි' කියන තුරු කසාදය සම්පූර්‍ණ නොවේ. දෙදෙනාම තම කැමැත්ත ප්‍රකාශ කරන විට පමණක්, කසාදය සිදුවේ. දැන් මනුශ්‍යයා තරුණියව කසාද බැඳීමට කැමති යැයි කියා තිබෙන්නට පුළුවන් ඉන්පසු තරුණිය ඔව් කීමට පෙර ඔහුට වසර පහක් බලා සිටින්නට විය හැකියි. දෙවියන්වහන්සේ සමගද එය එයාකාරයි. උන්වහන්සේ ඔබට පවසන්නේ 'මම ඔබ සමග එක්සිත් වීමට කැමතියි. මට ඔබගේ පාප කමා කිරීමට අවශ්‍යයි, මට ඔබගේ හදවත තුළට පැමිණ වාසය කිරීමට ඕනා එසේම මට ඔබව ආශිර්වාද කිරීමට අවශ්‍යයි. ඔබගේ ජීවිතය වෙනස් කිරීමට මට අවශ්‍යයයි, එවගේම ඔබගේ ජීවිතයේ නරක පුරුදු වලින් ඔබව නිදහස් කිරීමට මට අවශ්‍යයි'. නමුත් ඔබ කැමතියි කියන තුරු උන්වහන්සේ එය නොකරනු ඇත. ඔබගේ උනන්දුවක් නොමැති නම් උන්වහන්සේ බලහත්කාරයෙන් උන්වහන්සේව ඔබ සමග විවාහයකට ඇතුළු නොකරනු ඇත. ලෝකයේ බොහෝ මිනිසුන් දෙවියන්වහන්සේ නැතුව ජීවත් වෙන්නේ එනිසයි.

මේ ලෝකයේ බොහෝ මිනිසුන් ආගමක් ඇතුව ජීවත්වීම දැන් ඔබට දකින්නට පුළුවන්. ආගමක් ඇතුව ජීවත්වීම දෙවියන්වහන්සේ සමග ජීවත්වීම වැනිම නොවේ. එහි අති විශාල වෙනසක් තිබෙනවා. ක්‍රිස්තියානි ආගමද ඇතුළුව බොහෝ ආගම් තිබෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ට ආගමක් ඇත්තේ ඔවුන් එහි උපත ලැබූ බැවිනි. ඔවුන් එක්තරා පවුලක උපත ලැබූ නිසා ඔවුන් එක්තරා නමස්කාර ස්ථානයකට යති. නමුත් එය සහ දෙවියන්වහන්සේගේ නම් පුද්ගලයා සමග එක්සිත්ව සිටීම අතර විශාල වෙනසක් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අලුත් ආගමක් ආරම්භ කිරීමට ආවේ නැහැ. නැහැ, එය වරදවා තේරුම් ගැණීමක්. අපට බොහෝ චාරිත්‍ර සහ පිළිවෙත් තුළින් යාමට හෝ සෑම ඉරු දිනම පල්ලි යාමට ඉගැන්වීමට යේසුස්වහන්සේ ආවේ නැහැ. නැහැ උන්වහන්සේ මූලික වශයෙන් පැමිණියේ අපගේ පියාණන් වශයෙන් දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයකට අපව ගෙන ඒමටය. උන් වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධතාවයකට; මම කිව්වා වගේ විවාහයකට. ඔබ උදෙසා කුරුසියේ මැරුනු විට සහ මරණින් නැගිටුනු විට උන්වහන්සේ ඔව් කියා දැනටමත් පවසා ඇත.

ගැහැණු ළමයාට ඔව් යැයි පැවසු පිරිමි ළමයා ඈ ප්‍රතිචාර දක්වනු ඇතැයි බලා සිටියාක් මෙන් දැන් ඔබ උන් වහන්සේට ප්‍රතිචාර දක්වනු ඇතැයි උන්වහන්සේ බලා සිටින සේක. ඔබ ඔව් කියන මොහොතේදීම, ඔබගේ විවාහය සිදුවී හමාර වනු ඇත. ඔබ සදහටම උන්වහන්සේ සමග එකතු වනු ඇත. නමුත් එය කිරීම උදෙසා(උන්වහන්සේට ඔව් කීමට), ඔබ බයිබලය පවසන්නාවූ දෙය එනම් පසුතැවිලි විය යුතුයි.

පසුතැවීම යනු ඉතා සරල වචනයකි. එහි තේරුම "ආපසු හැරෙන්" යන්නයි. දැන් ඔබ හමුදා පෙළපාළියක් දැක ඇත. සමහර විට පෙලපාලියේ නායකයා 'ආපසු හැරෙන්' කියනවා දැක තිබෙනවා. එම නියෝගය දුන්විට, සියළුම සෙබළුන් අංශක 180 ක් තමන් කළින් සිටි දිසාවට විරුද්ධව හැරෙනවා. එය ආපසු හැරීමක් එසේම ප්‍රාථමිකව පසුතැවිල්ල ලෙස අදහස්වන්නේ එයයි. අප දෙවියන්වහන්සේට පසුපස හරවා ඉපදී ඇත. අප සැබවින්ම දෙවියන්වහන්සේ ගැන ආශාවක් නැත්තෝය. ලෝකයේ කිසිම කෙනෙකු දෙවියන්වහන්සේව උත්සහයෙන් නොසොයන බව බයිබලය පවසයි. බොහෝ මිනිසුන් ආගමිකය, නමුත් දෙවියන්වහන්සේව සෙවීම ආගමිකව සිටිනවාට වඩා ඉතා වෙනස්වූ දෙයකි. අප අපගේම ලාබය සහ වාසිය සොයමින් ඉපදී සිටින්නෙමු. ආගමික මිනිසුන් පවා ඔවුන්ගේම ලාබය සහ වාසිය සොයති. විවිධ වන්දනා ස්ථාන වලට යන්නාවූ සියළුම මිනිසුන් ගැන සිතා බලන්න. ඔවුන් එහි යන්නේ ඇයි? ඔවුන් එහි යන්නේ ඔවුන් උදෙසා යම් උපකාරයක් බලාපොරොත්තුවෙන්. එබැවින් අප දකිනවා එය ඇත්තෙන්ම ආත්මාර්ථකාමිත්‍වයයි; ඔවුන් සහ ආගමික නොවන තමන්ගේම වාසිය සොයා වෙළඳපළේ මුදල් ඉපයීමට සොයන ව්‍යාපාරිකයා අතර කිසි වෙනසක් නැත.

'ඉතින් දෙවියන්වහන්සේ වෙතට හැරෙනවා කියන්නේ ජීවිතයේ මගේම මාර්ගය ගැණම පමණක් සිතීමෙන් හැරීම යන්නයි; මෙසේ කියන්න 'ස්වාමිණී, ඔබට අගෞරව කළ සියළු දෙයින් සහ ඔබව අසතුටු කළ සියළු දෙයින් නැවත හැරෙන්නට මට අවශ්‍යයි. මට ආපසු හැරී ඔබට මුහුණ දීමට අවශ්‍යයි. මේ වන තුරු මගේ පිටුපස ඔබ වෙතටත් මගේ මුහුණ ලෝකය දෙසටත්, පාපිෂ්ඨවූ ආශාවන් වෙතටත් ; මගේම මාර්ගයේ යමින්, මාවම සතුටු කරමින් තිබුණා. දැන් මට ඔබ වෙතට හැරෙන්නටත් එසේම ඒ සියළු දේවලට මගේ පිටුපස හැරවීමට සහ ඔබව මුනගැසී ඔබව සතුටු කිරීමට ආශා වෙමි'.

දේවතා රූප කෙරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරීම, පසුතැවිලිවීම ලෙස බයිබලය 1 වන තෙසලෝනික 1:9 හි පවසයි. අප සැබෑ දෙවියන්වහන්සේව නොව වෙනත් ඕනෑම දෙයක් නමස්කාර කරන්නේ නම් - එය මුදල් විය හැක, එය දෙවියන්වහන්සේ වෙතින් අපව ඈත් කරන අපගේ ජීවිතයේ දේවතා රූපයක්වී ඇති ස්වකැමැත්තද විය හැකියි, එය මගේ ජීවිතයේ දෙවියන්වේ, එය මගේ සිතේ ඉහලින්ම තිබේ. පසුතැවිලිවීම යනු මේ සියළුම දේවලින් හැරී එකම සැබෑ දෙවියන්වහන්සේ වෙතට හැරීමයි. ඔබ ආදරය කරන රූමත් තරුණිය ඔබේ ජීවිතයේ දෙවියන්වී ඔබේ කාලයෙන් වැඩිහරියක් අත්පත් කරගන්නා ඔබේ දේවතා රූපය විය හැකියි. එය මුදල්, ඔබේ රැකියාව, ඔබේ නිවස, ඔබේ වාහනය; ඒ ඕනෑම දෙයක් විය හැකියි. අප මේ සියල්ල නමස්කාර කිරීමෙන් හැරී 'දෙවියන්වහන්ස, ස්වර්‍ගයේ මැවුම් කරුණි සහ මාගේ මැවුම් කරුණි, ඔබ මාගේ ජීවිතයේ ප්‍රථම ස්ථානය ගැණීම මට අවශ්‍යයි' යනුවෙන් නොපවසන්නේ නම් (නැවත හැරීමෙන් දෙවියන්වහන්සේව අපගේ ජීවිතයේ ප්‍රධානීයා කොට තැබීම පසුතැවිල්ලවේ) අපට දෙවියන්වහන්සේ සමග සම්බන්‍ධථාවයක් ඇති කරගත නොහැක. දැන් බොහෝ වෙලාවට අප ඉතා පහසුවෙන් රැවටීමට පත්වීම අපට දකින්නට පුළුවන්. අප මේ වදන් පැවසූ නිසාම අප පසුතැවීමට පත්ව ඇතැයි කියා අපට සිතෙන්නට පුළුවන්. නමුත් අපේ පසුතැවිලිවීම සමගම අප එහි ඵළ රැගෙන ආයුතු බව බයිබලය පවසනවා. අප කොහොමද අපගේ පැරණි ජීවන රටාවෙන් සැබවින්ම හැරුනා කියා ඔප්පු කරන්නේ? එක් ආකාරයක් නම්, අතීතයේ ඔබ කාගෙන් හෝ මුදල් සොරකම් කර තිබේ නම්, හෝ ඔබ රජයට බදු වංචා කර තිබේ නම් එවිට ඔබ ඒවා ගැන පසුතැවී තිබේ නම් ඔබ නැවත ඒවා දිය යුතුයි. ඔබ එම පුදුගලයා වෙත ගොස් කියන්නට යනවා 'මට කණගාටුයි, මම ඔබෙන් යම් මුදලක් සොරකමි කළා. සමහර විට ඔබ එය දන්නැතුව ඇති මෙන්න ඒ මුදල් එහි පොළියද සමග මම ඔබට නැවත දෙනවා. ඔබ රජයට බදු වංචා කර තිබේ නම් එහි අර්ථය රජයට ඒ මුදල් ආපසු භාරදීමයි. ඔබ දුම්රියේ ප්‍රවේශ පතුයක් නැතිව ගමන් කලානම්, එහි අර්ථය නැවත ඒ මුදල් දුම්රිය දෙපාර්තුමේන්තුවට ගෙවීමයි. එවිට එය ඔබගේ පසුතැවීම සැබෑ බව ඔප්පු කර පෙන්වනවා. එසේ නොමැති නම් ඒවා හුදු වචන පමණක් වේ.

දැන් බොහෝ මිනිසුන් නිකම් වචන සහිතව දෙවියන්වහන්සේ වෙතට හැරෙනවා. බයිබලයේ දෙවියන්වහන්සේ පවසන වචනයක් තිබෙනවා, මේ මිනිසුන් ඔවුන්ගේ තොල් වලින් මා වෙතට හැරෙන, නමුත් ඔවුන්ගේ හදවත් මා වෙතින් දුරය එබැවින් ඔවුන්ගේ නමස්කාරය හුදු චාරිත්‍රයක්වේ. ලෝකයේ බොහෝ ආගමික මිනිසුන් ගැන බලන විට එය ඒ ආකාරය. ඔවුන්ගේ ආගම ඔවුනට කිසිදු අපහසුථාවයක් ගෙන එන්නක් නොවේ. ඔබ වැරදි ලෙස යමෙකුගෙන් ගත් මුදලක් ආපසු ගොස් භාරදීම කෙතරම් අපහසු කාරණයක්ද කියා ඔබ දන්නවාද? එය ලජ්ජා සහගතයි, නමුත් ඔබට සැබවින්ම අර ජීවන රටාව අත්හැර දැමීමට අවශ්‍යයි කියා පෙන්වන සාක්‍ෂිය එයයි. එමෙන්ම එහි අදහස වන්නේ යමෙක් කෙරෙහි ඔබගේ ඉවසීම ඉක්මගොස්, ඒ වාගේම යමෙකුට කෑගැසුවා නම්, හෝ යමෙකුට නරක වචනයකින් කථා කළා නම්, ඔබ ඔහු වෙතට ගොස් පැවසිය යුතුයි, 'මම කළ දෙය ගැන කණගාටුයි. එය මගේ වරදක්, කරුණාකර මට සමාවෙන්න.' බලන්න ඒවා නිකම් වචන ස්වල්පයක් පමණයි. ඒවා යමෙකුට පැවසීමට ඔබට තප්පර පහළොවකට වඩා අඩු කාලයක් යන්නේ. නමුත් එය කිරීම ඉතා අපහසු බව ඔබට දැනගන්නට ලැබෙයි.

එම වචන දහය හෝ පහළොව යමෙකුට පැවසීම ඔබට එතරම් අපහසු වන්නේ ඇයි? මක්නිසාද ආඩම්බර කම නිසයි, අප ඉතා උඩඟුයි. බොහෝ මිනිසුන්ට දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නට අපහසු කාරණය එයයි. ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප උදෙසා මැරී ඇත, නමුත් එම කමාව ලැබීමට අපට උන්වහන්සේ වෙතට හැරෙන්නට තිබෙනවා. අප තෝරාගන ඇති පැරණි ජීවන රටාවෙන් අප හැරිය යුතුයි. ඉන්පසු අපට කියන්නට තිබෙනවා 'ස්වාමිණී ඔබ දෙන්නාවූ දෙය ලබන්නට මට අවශ්‍යයි'. එසේ කීමට මා පසුතැවීමට අවශ්‍යයි - එතැනදී නැවත හැරීමක් අවශ්‍ය වේ. එසේ නොමැති වුවහොත්, මම නිකම් මගේ මුඛයෙන් දෙවියන්වහන්සේට පවසනවා දෙවියනී මට සමාවෙන්න මට කණගාටුයි මම මනුශ්‍යයන්ට කළ වැරදී දේවල් සම්බන්‍ධව නිරාකරණය කරගැණීමට මම අකමැතියි; එහි තේරුම වන්නේ මම මගේ පැරණි ජීවිතයෙන් හැරෙන්නට සැබෑ ඕනෑ කමක් නැති බවයි. එහි අර්ථය වන්නේ මට දෙවියන්වහන්සේගෙන් කමාව ලාබෙට ගැණීමට අවශ්‍යය බවයි. කමාව ලාබ නැති බව ඔබ දන්නවාද? දෙවියන්වහන්සේට තම පුත්‍රයාවූ යේසුස්ක්‍රිස්තුස්වහන්සේව මරණයට පත්වීම උදෙසා පොලොවට එවීමට සිදුවුනා? අපගේ පව් කමාව මිලදී ගැණීමට උන්වහන්සේට ඒ සියළුම වේදනා විඳීම් මැදින් යන්නට සිදුවුනා. ඔබට එය ලාබෙට අවශ්‍යය නම්, ඔබට අඩු තරමින් මනුශ්‍යයා ඉදිරියේ ඔබගේ පාපය සිහිපත් කිරීමට සහ ඒ මනුශ්‍යයා ඉදිරියේ තම වරද කියන්නට අකමැති නම්, එවිට ඔබට එම පව්කමාව ලබා ගත නොහැකියි.

ඉතින්, පසුතැවිලිවීම යනු මම දෙවියන්වහන්සේට වඩා අන්දේවල් නමස්කාර කිරීමේ වරද පිළිගැනීමයි. මට දෙවියන්වහන්සේ වෙතට ඇවිත් කියන්නට අවශ්‍යයි 'ස්වාමිණී ඔබ පමණක් නමස්කාර කිරීමට සුදුසුයි. මට ඇස් වලින් දකින්නට බැරි ඔබ - මෙම විශ්වයේ අදෘශ්‍යමාන මැවුම්කරුවාණෝ - නමස්කාර කිරීමට සුදුසු ඔබ පමණයි. මට කණගාටුයි මවනු ලැබූ දේවල් නමස්කාර කරමින් මම මගේ දිවිය ගතකලා. මට ඔබ වෙතට හැරෙන්නට අවශ්‍යයි. පසුතැවිල්ල නිසා ඔබගේ රැකියාව අතහැර තාපසයෙක් විය යුතුයි කියා එමෙන්ම ඔබේ පවුල අතහැරීම වැනි දේ අදහස් නොවේ. එය භූමික දේවලට ඇති බැඳීම අත්හැරීම මිස භූමික දේවල් අත්හැරීම නොවේ. එතැන ලොකු වෙනසක් තිබෙනවා. දෙවියන්වහන්සේ තවදුරටත් ඔබට ඔබේ නිවස, ඔබේ රැකියාව, ඔබේ පවුල, ඔබට තබාගැණීමට අවසර දෙයි නමුත් ඒවාට බැඳෙන්න එපා, ඒවා ඔබේ දෙවියන් බවට පත්කර ගන්න එපා. සත්‍යය ලෙසම ඒවා ඔබගේ දෙවියන් කරගැණීම ඔබව විනාශ කරනු ඇති. නවීන ශිෂ්ටාචාරය අපට සපයා ඇති පහසුකම් භාවිතා කිරීම පාපයක් නොවේ නමුත් ඒ පහසුකම් වලට අප දෙවියන්වහන්සේට වඩා ආදරය කිරීම පාපයකි.

බලන්න, දෙවියන් වහන්සේ අපගේ ශරීර මැව්වේ ආහාර, නින්ද සහ තවත් බොහෝ දේවල සතුට අපට අත්විඳිය හැකි ආකාරයටය. මෙම ආශ්වාදයන් අත්විඳීමේ කිසිදු වරදක් නැත.. නමුත් අප මේ දේවල් දෙවියන්වහන්සේට වඩා වටිනා කමකට පත් කරනවා නම්, එවිට මේ දේවල් අපගේ ජීවිතවල රූප බවට පත්ව තිබෙනවා. තවත් එක් දෙයක්: අප අන් අයට සමාව නොදෙන්නේ නම්, එවිට අපගේ ස්වර්ගීය පියාණන්ද අපට කමා නොකරන බව යේසුස්වහන්සේ පැවසූ සේක. ඉතින් එයත් අපට කිරීමට ඇති තවත් දෙයකි. අප සැබැවින්ම පසුතැවිලි වන්නේ නම්, අප විසින් අපට හානි කරන ලද සෑම එක් අයෙකුටම හරියටම දෙවියන්වහන්සේ, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අපට කමාව දුන් ලෙසම කමාව දෙනු ඇත.

ප්‍රකාශන හිමිකම - සැක් පූනන්. කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ.

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)