05 - හෘද සාක්‍ෂියේ ක්‍රියාකාරිත්වය


Transcript of The Function Of Conscience

දෙවියන් වහන්සේ සියළුම මිනිසුන්ට තම පැවැත්ම සහ පෞරුෂයන් ලබා දීමට දී ඇති උතුම්ම ත්‍යාගය නම් අප නිතර එය ගැන නොසිතන්නාවූ දෙයකි. අප එය නොසලකන හෙයින්, එය අප ජීවිත වලට බොහෝ පීඩාවන් ගෙන එයි.

ආදම් සහ ඒව නම්වූ පළමු යුවලගෙන් අප සියළු දෙනා උපන්නෙමු. දෙවියන් වහන්සේට අකීකරු වූ විට ඔවුන්ගේ පද්ධතියට ඇතුළු වූ විෂ සහිත පව්කාර ස්වභාවය ආදම් සහ ඒව ඔවුන්ගේ සියලු පරම්පරාවන්ට ලබා දී ඇත. අද අප සියල්ලන්ම නපුරට ඇති මෙම ප්‍රවණතාවයෙන් උපත ලබා ඇත්තෙමු. අප එය ළමුන් තුළ දකින්නෙමු. ළමුන්ට නපුරු විමට අප ඉගැන්විය යුතු නැත. ළමුන්ට බොරු කීමට අප ඉගැන්විය යුතු නැත. කුමන හෝ වැරදි දෙයක් කිරීමට අප ඔවුනට ඉගැන්විය යුතු නැත. දෙමව්පියන් ලෙස අපට ළමයින්ට ඉගැන්වීමට ඇත්තේ හොඳදේ කිරීමට බව ඔබ දනී. ඔවුන් ඉපදී ඇත්තේ නපුර කිරීමේ ප්‍රවණතාවයත් සමගයි. ඒ ඔවුන් දෙමව්පියන්ගෙන් සහ අවසානයේ පව් කළ ආදම් සහ ඒවගෙන් උරුම වී ඇති ස්වභාවය නිසාය.

නිදසුනක් ලෙස ළමුන් මූලිකව තමන්ගේම ක්‍රියා පිළිවෙලට කැමති බව අප දකින්නෙමු. පාපය යනු භාහිර ක්‍රියාවන් පමණක්ම නොවේ. එය ඊට වඩා බොහෝ ගැඹුරට මුල්බැස ඇත. එය දෙවියන්වහන්සේට විරුද්ධව කැරලිකාරවූ එනම් මට ජීවිතයේ මගේම විදිහ අවශ්‍යයයි යන ආකල්පයකි. මට මාව සන්තෝෂ කිරීමට අවශ්‍යයයි ඒ අතරතුර අන් මිනිසුන් රිදීමට ලක්වුනාට කමක් නැහැ. මම සතුටු වන තාක් කල් දෙවියන් ඒ ගැන සිතන්නේ කුමක්ද යන්න වැදගත් නොවේ. අප ඒ ආකාරය කුඩා ළමයින් තුලින් පැහැදිලිව දකින්නෙමු. කුඩා ළමයින් රන්ඩු කර බලාහත්කාරයෙන් ඩැහැ ගනියි සහ එකිනෙකා ගෙන් නොයෙක් දේ ගනී. ඔවුන් අනෙකුත් ළමුන් ගැන කරදර නොවෙයි. ඔවුනට තමන්ව සතුටු කර ගැණීමට අවශ්‍ය වනවා පමණි. මෙම යමෙකුට තමන්ගේම විදිහ අවශ්‍ය වීම, මෙම දැඩි මුරණ්ඩු කම, උපතේ සිටම දරුවෙකුගේ ස්වභාවයේ පවතින දෙයකි. එබැවින් ඔහු වැඩීමේදී ද ඔහු එයින් ඉවත්වන්නේ නැත. ඇත්ත වශයෙන්ම අප මිනිසෙකු ලෙසට වර්ධනය වෙත්ම අප සැබෑ ලෙසම වෙනස් වන්නේ නැත. අප අපගේම දේ බලාපොරොත්තුවීම වඩා ශිෂ්ට ලෙස සහ බුද්ධිමත් ආකාරයට කරනවා හැර අප තව දුරටත් ඒ ආකාරමය. අපි බුද්ධිමත් වී අප විසින්ම අල්ලා ගැනීමට උත්සාහ කරන අපගේ ක්‍රම වෙනස් කරගන්නවා පමණි.

එබැවින් අවුරුදු පනහක් වයසැති මිනිසෙකු සහ අවුරුද්දක් වයසේ දරුවෙකු මූලික වශයෙන් ඔවුන්ටම අවශ්‍යය දේ ලබාගැණීමේදී එකම ආකාර වන අතර ඒ හැර ක්‍රමෝපායන් වෙනස් වනවා පමණි. වනයේ සිටින ම්ලේච්ඡ මිනිසා, සහ නගරයේ සිටින ශිෂ්ට නාගරිකයාත් මූලිකව එකාකාරමය. ශිෂ්ඨ නාගරිකයාගේ ආත්මාර්ථකාමිත්වය, ඔහුගේ තණ්හාව සහ රාගය සංස්කෘතිය හා ශිෂ්ටාචාරයෙන් ආවරණය විය හැකි නමුත් ඔහු ඇතුලාන්තයෙන් වෙනස් වී නැත. බොහෝ විට, ආගමික පුද්ගලයින් ද එක හා සමාන ය; ඇතුළත ආත්මාර්ථකාමී, කරුණාවන්තකම සහ යහපත්කම පිළිබඳ බාහිර ඔපයක් ඇති නමුත් මූලික වශයෙන්, තමුන්ගේම කැමැත්ත කිරීමට කැමති වේ. මෙම ප්‍රශ්න සියල්ලට හේතුව අපගේම කැමැත්ත කිරීමට අවශ්‍යය වීම බව බයිබලය අපට උගන්වයි.

දෙවියන් වහන්සේ මිනිසාට දුන් ලොකුම ත්‍යාගය යැයි අපට කිව හැකි දෙවියන් වහන්සේ අප තුළ තබා ඇති දේ කුමක්ද? ඒ අපගේ හෘදයසාක්‍ෂියයි. අප දෙවියන්වහන්සේගේ ප්‍රමිතියෙන් ඈත්ව සිටිනා ස්ථානය හෘදයසාක්‍ෂිය අපට පෙන්වා දෙයි. එය පරිපූර්ණ මඟ පෙන්වීමක් නොවේ, නමුත් එය අප ඈත්ව සිටින්නාවූ ස්ථානය පෙන්වන මූලික මාර්ගෝපදේශකයාය. අපව සතුටු කරගැණීමට සූදානම්වන මොහොතේ, අප තවත් අයෙකුට හානිකරන විට, අප හෘදයසාක්‍ෂිය අපට අනතුරු හඟවයි. විශේෂයෙන් කුඩා දරුවෙකුගේ හෘදයසාක්‍ෂිය ඉතා මෘදුය. කුඩා දරුවෙකුට කෙළින් මුහුණ දෙස බලා බොරුවක් කීම පහසු නොවේ. කුඩා දරුවෙකු බොරුවක් පවසන විට ඔහුගේ මුහුණින් ඔහු බොරුවක් පවසන බව අපට දැකිය හැකිය. නමුත් අප වැඩිවියට පත් වෙත්ම, අප එම හෘදයසාක්‍ෂියේ හඬ බොහෝ ලෙස මරන්නෙමු, ඝෘජු මුහුණින් යුක්තව අපට බොරුවක් කීමට හැකි කාළයක් අප ජීවිතය තුළ පැමිණිය හැකිය. එයින් පසුව අපගේ හෘදයසාක්‍ෂිය මරණාසන්නව සිටින බව අපට කීමට පුළුවන.

දැන් එය බැරෑරුම් දෙයකි, මක්නිසාද හෘදයසාක්‍ෂිය අනතුරු හැඟවීමේ සංඥාවක් බඳුය. එය වේදනාව වැනිය. අපගෙන් සමහරෙක් අපගේ ශරීරයේ වේදනාව මොන තරම් ආශිර්වාදයක්ද යන්න අවබෝධ කර නොගනී. අපට යම් හරි නැති බවක් කියාපාන්නේ වේදනාවයි. උදාහාරණයක් ලෙස ඔබගේ කකුලේ ඇණයක් ඇණුනු විට ඔබට වේදනාව දැනේ. යම් දෙයක් වැරදි බව ඔබට කියාපාන්නේ එයයි. එවිට ඔබ වාඩිවී එම ඇනය ඉවතට ගනී; එසේ නොවුණහොත් ඔබගේ කකුල ආසාදනය වීමට හැක. ඔබගේ බඩේ අමාරුවක් ඇති වුවහොත්, හෝ ඔබේ වකුගඩු වල, හෝ වෙනත් තැනක, සැමවිටම සංඥාව වන්නේ වේදනාවයි. වේදනාව අපගේ භෞතික ශරීරයේ මහඟුම ආශිර්වාදයකි. ඒ මන්ද එය අපව බොහෝ වාරයක් මරණයෙන්, හෝ විශබීජ වලින් ගලවා තිබීමයි. යමක් වැරදී ඇති බව අපි වහාම දැනගන්නෙමු.

එමෙන්ම අප ආත්මයේ, වේදනාවට, සමානවූ දෙය නම් අප යම් වරදක් කරන විට අපට බාධා කරන හෘදයසාක්‍ෂියයි. ලාදුරු රෝගයෙන් පෙළෙන අය ගැන සිතන්න, ඔවුන්ට මොනවාද වෙන්නේ? ලාදුරු, ස්නායු මරණයට පත්කොට සමේ හැඟීම් විනාශ කරනු ලබයි. ලාදුරු රෝගයෙන් යුත් අයෙකුගේ කකුලේ ඇණයක් ඇනී තිබුණත්, ඔහුට එය දැනෙන්නේවත් නැත, මක්නිසාද ඔහුට වේදනාවේ ආශිර්වාදය නැත. ඔහුගේ කකුල ආසාදනය වූවත් ඒත් ඔහු එය නොදනී, මන්ද ඔහුට වේදනාව ගැන දැනීමක් නැත. සත්‍යය වශයෙන්ම මම අහලා තිබෙනවා නින්දේදී තම කකුල මධ්‍යයම රාත්‍රියේ මීයන් විසින් සපා කෑමුත් එය නොදැන සිටි ලාදුරු රෝගීන් ගැන. එහෙත් ඔවුන්ට ඒ කිසිවක් දැනෙන්නේ නැත. ඔවුන් උදෑසන අවදි වනවිට ඔහුගේ පාඇඟිලි අතුරුදන්වී සෑම තැනකම ලේ ඇති බව දැනගනී. ඔබට වේදනාවක් නොදැනෙන ලෙසින් සිටීම සිටිය යුතු හොඳ තත්වයක්ද? වේදනාව තිබීම මොන තරම් මහඟු ආශිර්වාදයක්ද කියා ඔබ අවබෝධ කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. වේදනාව යනු, අපගේ පාඇඟිලි , හෝ අප කකුල, හෝ අප ඇඟිලි හෝ ඕනෑම දෙයක් අහිමි වීමෙන් අප ආරක්‍ෂා කරන දෙයයි. යම් දෙයක් හොඳින් ක්‍රියා නොකරන බව අප දැනගන්නේ වේදනාව තුළින්ය.

හෘදයසාක්‍ෂිය වේදනාව බඳුය. අපි දෙවියන් වහන්සේගේ නීති උල්ලංගනය කළ විට එය අපට අනතුරු අඟවයි. බොහෝ අය මෙන් ඔබ එහි අනතුරු ඇඟවීම් නොසලකා හැරියහොත් කුමක් සිදුවේද? ඔබ බොරුවක් පවසන අතර ඔබේ හෘදසාක්‍ෂිය එය වැරදියි කියා පවසන විට ඔබ එම හඬ යටපත් කරනවාද? එය එක්වරම මරණයට පත් නොවේ. නමුත් කාලයක් පුරා, ඔබ එය කරගෙන ගියහොත් , අවසානයේ, ඔබ බොරුවක් කියන විට ඔබේ හෘදයසාක්‍ෂිය තවදුරටත් ඔබට බාධා කරන්නේ නැත. එසේම එය අනෙකුත් පාප කරාද යාහැකිය. එවිට සිදුවන්නේ අපට ආත්මීක ලාදුරු රෝගය වැළඳීමයි. තවද ඔබට පාපයට සංවේදීතාවයක් දැනෙන්නේ නැති දවසක් පැමිණේ. එය සිටීමට හොඳ තත්වයක් නොවේ. එයින් අදහස් වන්නේ ඔබ ආත්මිකව මිය ගොස් ඇති බවයි. ඉන්පසු අප හෘදයසාක්‍ෂියක් නොමැති සතුන් බවට පත්වේ. තම හෘදයසාක්‍ෂිය මරණයට පත් කළාවූ අයෙකු හෘදයසාක්‍ෂියක් නැති සත්වයෙකුගේ තත්‍වයට ඇදවැටේ. සමහර මිනිසුන් සතුන්ටත් වඩා නරක ලෙස හැසිරෙන්නේ මේ හේතුව නිසාය.

ඉතිං දෙවියන්වහන්සේ මනුශ්‍යයන්ට තම ආත්මය තුළ දී ඇති හෘදයසාක්‍ෂිය නම් දීමණාව මහඟුම ආශිර්වාදයන්ගෙන් හෝ මහඟුම දීමණාවන්ගෙන් එකක් හැටියට ඔබ දැන් අවබෝධ කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එය අපට පවසන්නේ, අපගේ ශරීරයේ වේදනාව, අප ශාරීරිකව අසනීප වී ඇති බව හෝ ඇතුළත යමක් වැරදී ඇති බව පවසනවා සේම, අප ආත්මිකව රෝගාතුර වී ඇති බවත්, එයින් මිදීමට අප ඒ ගැන යමක් කළ යුතු බවත් ය. වේදනාව නොසලකා හැරීමට අපි උත්සාහ නොකරමු. ඒ අසනීපය සුව කිරීමට අපි යමක් කරන්නෙමු. ඒ ආකාරයටම, හෘදයසාක්‍ෂිය, යමක් වැරදි බව අපට පවසන විට, ඒ " ඔබ කළ දෙයට ඔබ වගකිව යුතුයි, ඔබ කළ දෙය වැරදියි, ඔබ එය නිවැරදි කළ යුතුයි" යනුවෙන් අපට පවසන අප තුල ඇති දෙවියන්වහන්සේගේ හඬයි.

යේසුස් වහන්සේ වරක් උපමාවක් කී සේක. අප අපගේ ඇස් ආරක්‍ෂා කරන්නාක් මෙන් අපගේ හෘදයසාක්‍ෂිය ආරක්‍ෂා කළ යුතු බව උන්වහන්සේ පැවසූ සේක. අප කොතරම් සැලකිලිමත්ව අපගේ ඇස් ආරක්‍ෂා කරනවාද යන්න ඔබ දනී. එය අප නොදැනුවත්ව දවසට වාර ගණනාවක් ස්නානය කරන්නාවූ අප ශරීරයේ එක් කොටසකි. අප ඇසිපිය හෙලන වාරයක් පාසා අප ඇස් කඳුලින් සෝදා හැරෙන අතර එය දිනකට වාර දහස් ගණනක් සිදුවේ. සියළුම දූවිලි සෝදා හැරේ. දැන් අපට අපගේ ශරීරය පුරා, දූවිලි ඇතිව දින ගණනාවක් ජීවත් විය හැකිය. එය අපවවත් අප ශරීරයවත් විනාශ නොකරයි. නමුත් ඔබට එක දූවිලි අංශුවක් ඔබේ ඇස්වලට ගියොත්, ඔබ ඒ ගැන යමක් නොකළොත්, ඉක්මණින් එයට ඔබේ ඇසට හානි කළ හැක. ඇස් විනාශ කිරීමට ඉතා කුඩා දූවිලි අංශුවක් ප්‍රමාණවත්ය. මනුශ්‍යය ශරීරය එවැනි ආකාරයකට සැම වෙලේම ඇස් සේදෙන ලෙසින් දෙවියන්වහන්සේ විසින් සාදා ඇත්තේ එනිසයි.

ඔබේ හෘදයසාක්‍ෂිය ඔබේ ඇස් ලෙසම ප්‍රවේසම් කර ගන්නැයි යේසුස්වහන්සේ පැවසූසේක (ශු: ලූක් 11: 34 – 36). උන්වහන්සේ හෘදයසාක්‍ෂිය ඇස් වලට සමාන කලසේක. ඔබේ ඇස පවිත්‍ර නම් ඔබේ මුළු ශරීරය ආලෝකයෙන් පිරී පවතී. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ ඔබගේ හෘදයසාක්‍ෂිය පවිත්‍රව තබා ගන්නේ නම් එහි අර්ථය කුමක්ද? එහි අර්ථය නම් අප යම් වැරදි දෙයක් කළොත්, අප එය සිහිපත් කරන්නෙමු, අප එම කාරණය සමතයකට පත් කරන්නෙමු. ඔබ යමෙකු රිදවා තිබේ නම් ඔබ ගොස් ඔහුගෙන් සමාව ඉල්ලන්න. ඔබ දෙවියන්වහන්සේට විරුද්ධව පව් කර තිබේ නම් ඔබ දෙවියන්වහන්සේ හට ඔබගේ පාප කියන්න. එය ආත්මික සුවයට පළමු පියවරයි, හරියට කොයි මොහොතේ හෝ අප වේදනාව දැනගත් විට අප ශරීරය නිසියාකාරව තබා ගැණීම මෙනි. එය භෞතික සුවයට පළමු පියවරයි. ඒ අයුරින්ම හෘදයසාක්‍ෂිය ඔබගේ ශරීරයේ පාපය ඇති බව පෙන්වා දෙන සංඥාවය. වෛද්‍යවරයෙකු වෙත යන්නේ තමන් රෝගිවී ඇති බව හඳුනා ගත් අය පමණි. වරක් තමන්වහන්සේගේ කාලයේ සිටි යම් ආගමික පිරිසකට යේසුස්වහන්සේ පැවසූ දෙය නම් උන්වහන්සේට ඔවුනට උපකාර කළ නොහැකි බවයි; උන්වහන්සේ සැබැවින්ම ඔවුන් උදෙසා නොපැමිණියේය මක්නිසාද තමන් රෝගිවී ඇති බව ඔවුන් නොසැලකූවෝය. ඔවුන් තමන් ආගමික අය නිසා දෙවියන්වහන්සේ විසින් පිළිගෙන ඇතැයි දැඩිව ඒත්තු ගෙන තිබුණි. නමුත් ඕනෑම දෙයක් ලෙසින් ඔවුන් රෝගීව සිටියෝය.

ඔවුන් ඒ ගැන නොදැන හිටියේ කෙසේද? මක්නිසාද බොහෝ කාලයක් ඔවුන් හෘදයසාක්‍ෂිය මරා දමා තිබුණි, ඔවුන් තමුන් දෙවියන්වහන්සේගෙන් කොතරම් ඈත්ව සිටින්නේද යන්න ගැනවත් නොදැන සිටියෝය. බොහෝ ආගමික පුද්ගලයින් දෙවියන් වහන්සේව සැනසීමට හෝ උන්වහන්සේව සතුටු කිරීමට උත්සාහ කරන්නේ පූජනීය ස්ථානවලට යාමෙන්, දුප්පතුන්ට මුදල් ලබා දීමෙන් සහ වෙනත් විවිධ ක්‍රමවලිනි. නමුත් මේ කිසිවකට පාපයෙන් අපගේ හෘදයසාක්‍ෂිය පවිත්‍ර කිරීමට නුපුළුවන. අපට හඳුනාගත යුතුව ඇති වැදගත්ම දෙය නම් දෙවියන්වහන්සේ වෙතින් අපව වෙන්කර ඇත්තේ පාපය බවයි. ඕනෑම තරමක් යහපත් ක්‍රියා හෝ දිළිඳුන්ට මුදල් දීම, හෝ එවැනි ඕනෑම වර්ගයේ ක්‍රියාවන්ට අපව දෙවියන්වහන්සේ වෙතට ආපසු ගෙන ඒමට කිසිසේත් නොහැක. අප අසනීපයෙන් සිටින බවත් අප පවිත්‍ර විය යුතු බවත් පාපය අපගේ ආත්මය විනාශ කරන බවත් හැඳිනගෙන අපි දෙවියන් වහන්සේ වෙතට පැමිණෙමු. අපගේ පාප අපට සමාව දීමට පොළොවට පැමිණි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට අපි එමු. අපගේ පාප අප කියා දෙමු නම් - එහි අර්ථය ඔබ පව්කරුවෙකු බවට ඔබ සිහිපත් කරන්නේ නම් - එහෙනම් ඔබ කළ දේවල් ස්වාමින්වහන්සේට කියන්න, උන්වහන්සේ ඔබට සමාව දෙයි, මක්නිසාද උන්වහන්සේ පොළොවට ආවේ අපගේ පාප උදෙසා මරණයට පත්වීමටයි.

ප්‍රකාශන හිමිකම - සැක් පූනන්. කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ.


01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)