03 - තේරීමේ බලය


Transcript of The Power Of Choice

පාපය යනු කුමක්ද? මනුෂ්‍යයන් පාපය ගැන කතා කළද බොහෝ විට ඒ අය හට පාපය ගැන නිසි අවබෝධයක් නැත්තේය. අපව දෙවියන්වහන්සේගෙන් ඈත් කරන්නාවූ දේ පාපය යන්න වටහා ගන්නෙමු නම් එය කුමක්ද යන්න තේරුම් ගැනීම අප හට ඉතාමත්ම වැදගත් වන්නේය.

සමහර මනුෂ්‍යයන් සත්වයන් මෙන් හැසිරෙන්නේ මන්ද? ඔබ අවංක නම් ඔබටමත්, ඔබේ හැසිරීම් සමහර අවස්තාවන්හිදී සත්වයකු හා සමාන බව හැඟෙන්නේ නැද්ද? අන් එකිනෙක් මනුෂ්‍යයා කෙරෙහි සමහර මනුෂ්‍යයන් හැසිරෙන ආකාරය බොහෝ විට හැසිරෙන්නේ බල්ලෙකු අන් බල්ලන් හට දත් විකාගන්නාක් මෙනි. මෙයට පිලිතුර කුමක්ද? පිලිතුර වන්නේ එවැනි මනුෂ්‍යයන් තමන්ගේම ශාරීරික අවශ්‍යතාවයන් ගැන පමණක්ම තැකීමෙන් ජීවත්වනවා මෙන්ම, ඔවුන්ගේ මේ පොළොව මතුපිට පැවැත්මට සම්බන්ධ වූ දේ ගැන ඇලූම් වෙනවා වෙනුවට තමන්ගේම පැවැත්ම ගැන පමණක් ඇලූම් වීමය.

සත්වයෙකු සැලකිලිමත් වන්නාවූ දේ කුමක්ද? සත්වයෙකුට ආත්මීක සාරධර්ම නැත්තේය. දෙවිඳුන් ගැන සිතන්නාවූ කිසි සත්වයෙකු මේ පොළොවේ නැත්තේය. මොනයම් තැනක හෝ දනින් වැටීගෙන එසේත් නැතිනම් වෙනයම් ක්‍රමයකට නමස්කාර කරන්නාවූ, අධ්‍යාත්මීකවූ බල්ලෙකු හෝ වඳුරෙකු ඔබට කිසි විටෙකවත් දකින්නට බැරිය. නමුත් මනුෂ්‍යයා ගැන නම්, මහා මූකලානයන්හි වසන්නාවූ, නූගත්, කිසිම ආගමක් ගැන නොදන්නාවූ ම්ලේච්ඡයන්ට පවා, තමුන් මොනයම් හෝ ක්‍රමයකින් අසතුටට පත් කලාවූ දෙවි කෙනෙකු ගැන හැඟීමක් ඇත්තේය. ඔවුන් බිලිපූජාවන් පවත්වන්නේ මේ හේතුව නිසාමය. සමහරවිට ඔවුන් සූර්‍යයා හෝ ශාකයන් හෝ වෙන ඕනෑම මැවිල්ලකට නමස්කාර කරති. තමාට වඩා උත්තරීතරවූ තැනැත්තෙකු හට උත්තර දිය යුතුය යන හැඟීම මනුෂ්‍යයාට ඇත්තේය. කිසි සත්වයෙකුට මෙවැනි හැඟීමක් නැත්තේය.

එසේ නම් සත්වයෙකු සැලකිල්ල දක්වන්නේ කුමන දේවල් උදේසාද? ආහාර, නින්ද, ලිංගික තෘප්තිය හා තම පැටවුන් බලාගැනීම යනාදි දේ ගැන පමර්‍ණ. සත්වයන්ගේ හිස නිතරම පොළොව දෙසට නැමී තිබීම ඔබ දකින්නෙහිය. ඔවුන් සියල්ලෝම පොළොව මතුපිට දේ කෙරෙහි පමණක්ම සැලකිල්ල දක්වන්නෝය. ඔවුන් හට අනාගතයක් නැත්තේය. ඔවුන් මිය ගිය විට දූවිල්ලට හැරී අවසාන වන්නෝය. නමුත් මනුෂ්‍යයෙකුව මවනු ලැබුවේ ප්‍රධාන වශයෙන් දේව දරුවකු වීම පිර්‍ණසය. සැබවින්ම අපට ශරීරයක් ඇත්තේය. අප හට ආහාර අවශ්‍යය, ලිංගික ආශාවන් සහිතව දෙවියන්වහන්සේ විසින් අපව මවන ලදි, එමෙන්ම අප හට නින්ද අවශ්‍යය. මේ සියළුදේ යහපත්‍ ය . යුක්ති සහගත ලෙස මේවා අප සපුරාගන්නේනම් මේ කිසි දෙයක් තුළ කිසිම වරදක් නැත. අපට බඩගිනි වන්නේ නම් කෑම කන පිර්‍ණස සොරකම් කළ නොයුතුය. අපේ දිවි පැවැත්ම උදේසා ධනෝපායන නිත්‍යානුකූල මාර්ග ඇත්තේය. නිදා ගැනීම සුදුසුවූ දෙයක් වූවද ඔබ රාජකාරියේ නිරතවන විට හෝ වෙනයම් වැදගත් දෙයක් කරන විට එය සුදුසු නොවන්නේය. ඒ හා සමානවම ලිංගික ආශ්වාදයන් සපුරාලා ගන්නා පිර්‍ණස දෙවියන්වහන්සේ විවාහය නියම කර ඇත්තේය. ආහාර, නින්ද, ලිංගික ආශාවන් යන මේ සුදුසු වූ දේවල් සපුරාලාගන්නා පිර්‍ණස දෙවියන්වහන්සේ මනුෂ්‍යයා හට නීත්‍යානුකූල මාර්ග සලස්වා දී ඇත්තේය.

නමුත් සත්වයන් මේ ආකාරයෙන් සිතන්නේ නැත. ඔවුන්, හැකි ඕනෑම මාර්ගයකින් මෙම ආශාවන් සපුරාලාගන්නා පිර්‍ණස උත්සාහ කරති. අන් සත්වයන් සමඟ සටන් කර එකිනෙකා ඉරා දමමින් හෝ තම ආශාව ඉෂ්ඨ කරගැනීම ගැන ඔවුන් හට කිසි තැකීමක් නැත්තේය. මනුෂ්‍යයෙකු එලෙස හැසිරෙන විට ඔහු සත්වයෙකුගේ පහත් මට්ටමට වැටී ඇත්තේ යැයි අපට පැවසිය හැකිය. මනුෂ්‍යයා ආත්මීක වටිනාකම් වලින් තොරව භූමීක දේ ගැන පමණක්ම සැලකිල්ල දක්වන්නාවූ විට, ඔහු සත්වයෙකුගේ මට්ටමටම පත් වී ඇත්තේ යැයි අප හට පැවසිය හැකිය. නමුත් අපි එලෙස වන පිර්‍ණස දෙවියන්වහන්සේ අපව මැව්වේ නැත. අප, සත්වයන් මෙන් ආශාවන්ට වහල් නොවී, ආත්ම ධමනයෙන් යුක්තව, චරිතයෙන් අධ්‍යාත්මිකව හා ධර්මිෂ්ඨව දෙවියන්වහන්සේ මෙන් සිටින පිර්‍ණස උන්වහන්සේ අපව මැවූ සේක. වානරයෙකුට හෝ බල්ලෙකුට වඩා මනුෂ්‍යයා ගනිතමය ප්‍රශ්න විසඳීමේ හැකියාව ඇතිව උගත්ව සත්වයෙකුට වඩා ප්‍රඥාවන්තව සිටීම සත්‍යයක් වූවද එයින් අප ඔවුන්ට වඩා යහපත් මට්ටමක සිටින්නේ යැයි අනිවාර්‍යෙන්ම නිර්ණය නොවන්නේය. මම පවසන්නේ අප ඔවුනට වඩා ප්‍රඥාවන්ත වීම හා යහපත් වීම අතර මහත් වෙනසක් ඇති බවය. මන්දයත් ප්‍රඥාවන්ත උගත් මනුෂ්‍යයන් පවා බොහෝ විට කෑදරකමට, ලිංගික තෘෂ්නාවන්ට, කෝපයට, තිත්තකමට හා ආත්මාර්ථයට වහල්ව ජීවත් වීම අපි දකිමුව. එමෙන්ම උගත් උපාධි පට්ටම් දැරුවත් ඔවුන්ගේ හැසිරීම නිතරම වාගේ සත්වයන්ගේ හැසිරීම හා සමානය. එසේ වන්නේ කුමන හේතුවක් නිසාදැයි ඔබ දන්නේද? මන්දයත් ජීවිතයේ මහත් වැදගත්වූ ප්‍රශ්නය වන පාපය ගැන ඔවුන් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති කමය.

අපේ මනසට වඩා ගැඹුරු වූ කොටසක් අප තුළ පවතින්නේය. මනුෂ්‍යයා යනු ශරීරය සහ මනස ලෙස හෝ අපේ මනස, අපේ හැඟීම් සහ පෞරුෂයෙන් සමන්විත ප්‍රානය සහ ශරීරය පමණක් යැයි බොහෝ අය සිතති. නැත, මනුෂ්‍යයා මීට වඩා ගැඹුරු වූ කෙනෙකි. මනුෂ්‍යයා තුළ ප්‍රානයට වඩා ගැඹුරු වූ කොටසක් ඇත්තේය. එය බයිබලයෙහි ආත්මය ලෙස සඳහන් කරන්නේය. දෙවි කෙනෙකු සිටින්නේය යන සත්‍යය අපට හඟවා දෙන්නේ මේ ආත්මය කරනකොටගෙනය. කිසිම සත්වයෙකුට මෙය නැත්තේය. එම නිසා මෙලොව පවතින සියළුම අවුල, ව්‍යාකූලතාවය, රෝග සහ නපුර, මනුෂ්‍යයා දෙවිඳුන්ට අකීකරු වීමේ විපාකයන් වේ. එනම් දෙවියන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නය කියා මනුෂ්‍යයා හට තමා තුළ ඇති ආත්මය කරනකොටගෙන හඟවා දෙන කළ එය නොසලකා හැර සාතන්ගේ හඬට ඇහුම්කන් දීමේ ආනිසංසය වේ.

මීට ප්‍රථම පාඩමක දී දෙවියන්වහන්සේ මනුෂ්‍යයා හට නිදහස් කැමැත්ත දුන් බව අපි සලකා බැලුවෙමු. ඒ පාඩමේදී මා කීවාක් සේ දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයා හට තේරීමේ නිදහස් කැමැත්ත දී තිබුනේ නැතිනම් අපි රොබෝවන් මෙන් වෙමුව. රොබෝ යන්ත්‍රයක් කීකරු වන්නාක් මෙන් අපි ඉබේම දෙවියන්වහන්සේට කීකරු වන්නට ගියද කිසිම දිනක අප හට දේව දරුවකු වීමේ හැකියාව අහිමි වන්නේය. රොබෝව කිසි විට ඔබගේ දරුවා වන්නේ නැත. මනුෂ්‍යයා සාතන් විසින් රවටනු ලැබ සාතන්ගේ හඬට ඇහුම්කන් දී දෙවියන්වහන්සේට අකීකරු වීමෙන් මේ ලෝකයට අවුල සහ ව්‍යාකූලභාවය ගෙන ඒමේ සම්භාවිතාව ගැන අවදානමට මුහුනදීමට දෙවියන්වහන්සේ තීරණය කළේ උන්වහන්සේ හට දරුවන් අවශ්‍යවූ නිසාය. උන්වහන්සේ හට, බලහත්කාරයෙන් තොරව ස්වාධීනවූ නිදහස් තේරීමකින් උන්වහන්සේ හට කීකරුවීම තෝරා ගන්නාවූ, දරුවන් අවශ්‍ය විය. පළමු මනුෂ්‍යයා සහ ස්ත්‍රීය වන ආදම් සහ ඒව ව මවනු ලැබුවේ අහිංසකවය. ඔවුන් හට ශුද්ධවූ අය වීමට අවශ්‍ය නම් යම් තේරීමක් කිරීමට යුතු විය. ඔවුන් හට නිදහස් කැමැත්ත දී තිබුනු අතර එම තේරීම කිරීම පිර්‍ණස ඔවුන්ව පරික්‍ෂා කරනු ලැබිය යුතු විය.

උදාහරණයක් ලෙස, ඔබේ දරුවාට කැමති ඕනෑම දෙයක් කිරීමට නිදහස දී කාමරයක් තුළ තැබුවේ නම්, ඔහු ඔබට කීකරු වන්නට යන්නේදැයි ඔබ දැන ගන්නේ කෙසේද? ඔබේ පුතාට, ඔබේ කොලූ පැටියට, පුතේ අපි එනතෙක් ඔයාට කැමති දෙයක් කරන්නට පුළුවනි කියා ඔබ ගෙදරින් පිට වී යන්නේ යැයි උපකල්පනය කරමු. එවිට ඔබගේ පුත්‍රයා ඔබට කීකරු ද නැද්ද යන්න දැනගැනීමට ඔබට කිසිසේත්ම හැකියාවක් නැත්තේය. ඔබගේ පුත්‍රයා ඔබ හට කීකරු ද නැති ද යන්න දැනගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ මෙවැනි දෙයක් කිව යුතුය. « හොඳයි ඔබට එක දෙයක් හැර ඔබට අවශ්‍ය අන් ඕනෑම දෙයක් කළ හැකිය. නමුත් අම්මයි, තාත්තයි නැති වේලාවේ මේ විස්කෝතු ටින් එකෙන් විස්කෝතු කන්නට බැහැ ». එලෙස ඔබ එක තහංචියක් දමන විට අඩුම ගනනේ ඔබේ පුතා ඔබට කීකරු වෙනවාද, නැද්ද යන්න දැනගත හැකි වන්නේය. ඔහුට ඕනෑම දෙයක් කළ හැකිය. සෙල්ලම් කරන්නද, පොත් කියවන්නද ඕනෑම දෙයක් ඔහුට කළ හැකිය. නමුත් ඔබ එක දෙයක් කරන්නට එපා යැයි ඔහු හට පවසා ඇත්තේය. ඔබ නැවත පැමිණුන විට කරන්නට එපා යැයි කීවාවූ ඒ එකම දේම ඔහු කර තිබුනේ නම් ඔබේ පුතා ඔබට කීකරු වන්නේද නැද්ද යන්න ඔබට පහසුවෙන් දැනගත හැකිවන්නේය. මිනිසා තම කීකරුකම සහතික කරන පිර්‍ණස පරික්‍ෂාව අවශ්‍ය වන්නේ මේ නිසාමය. මන්දයත් මනුෂ්‍යයා තේරීමක් තුළින් « මම යම් දෙයකට නැතැයි පවසා ස්වාමීන්වහන්සේට එසේය ස්වාමීනි කියා සිටීමය ».

දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මවා ඔවුන් ව උයනක පදිංචි කළ අතර ඒ උයනේ ඕනෑම ගසකින් කෑමට ඔවුන් හට අවසර තිබුනු බව අපි බයිබලයේ කියවමුව. ඉතාමත් යහපත් ඵලවලින් පිරුනාවූ අලංකාර ගස් බොහෝමයක් ඒ උයනේ තිබුනු අතර ඕනෑම ගසකින් ඵල කෑමට ඔබට අවසර ඇතැයි දෙවියන්වහන්සේ පැවසූ සේක. එය හරියට ඔබ ඔබේ පුතාට, එක දෙයක් හැර ඔබ කැමති ඕනෑම දෙයක් කළහැකි යැයි පවසන්නාක් මෙනි. ආදම් සහ ඒවට දෙවියන්වහන්සේ පැවසූ දෙයත් එලෙසමය. « ඔබ නොකළ යුතු එක දෙයක් ඇත්තේය ; මෙහි එක විශේෂ ගහක් ඇත්තේය ඔබ එයින් කිසි ඵලයක් නොකෑ යුතුය ». එය එතරම් අසීරු කරුනක් නොවීය. ඔවුන් හට තෝරාගෙන කන පිර්‍ණස අනර්ඝ ඵල වලින් පිරී තව ගස් දහසක් පමණ එහි තිබුනේය. එහි ජීවන වෘක්‍ෂය යැයි සඳහන් තවත් ගසක් ද තිබුනේය. ඔවුන් හට එම ගසෙන් කෑමට හැකියාව තිබුනි. දෙවියන්වහන්සේ ගස් දාහක් වවා එයින් 999 කින් කෑම තහනම් කර එක ගසකින් පමණක් කෑමට අවසර දුන්නා නොවේය. එය එසේ වූවා නම් අසීරු දෙයක් යැයි කිව හැකිය. ඔබ ඔබේ පුතාව නිවසේ නතර කර ඔහු හට කිරීමට තහනම් කාරනා 999 ක් පැවසුවේ නම් ඔහුට ඒවා මතකයේ තබා ගන්නටවත් නොහැකි වන්නට ගියා. එකම එක දෙයක් පමණක්ම කිරීමට ඔහු හට ඉඩ හැරියේ නම් එය ඉතාමත්ම අසීරු වන්නේය. නමුත් එය එසේ නොවිනි. ඔබේ දරුවාව ගෙදර තබා ගියේ එකම එක දෙයක් හැර ඔහු කැමති අන් ඕනෑම දෙයක් කිරීමට අවසරය දෙමිනි. එම ආකාරයටම ආදම් සහ ඒවට ද දෙවියන්වහන්සේ පැවසුවේ උයනේ ඇති එකම එක ගසකින් පමණක් ඵල කන්නට එපාය කියා ය.

එහිදී පරික්‍ෂාවේ අරමුණ අපි දකිමුව. එය මනුෂ්‍යයා ශුද්ධව සිටින පිර්‍ණසය. පරික්‍ෂාවට නැහැය කියා කියන විට ඔහුට පරිශුද්ධ විය හැකිය. නමුත් අන් අයට, පරික්‍ෂාවට ඔව් කියන විට ඔහු පව් කරන්නේය. ඒ තේරීම අවශ්‍ය වන්නේය. තේරීමේ නිදහස තිබීමේ හේතුව ගැන අපි කලින් බැලීමුව. ආදම් සහ ඒව හට මුහුන දීමට සිදු වූ මේ පරික්‍ෂාව සහ එහි ප්‍රථීඵලය අපි බයිබලයේ පළමු පොතවන උත්පත්ති පොතේ 2 වන හා 3 වන පරිච්ඡේද වල කියවමුව.

අහිංසකකම හා ශුද්ධකම අතර මහත් වෙනස්කමක් ඇත්තේය. ළදරුවෙකු තුළ අපි අහිංසකකම දකින්නෙමුව. ළදරුවකු නපුර සහ යහපත ගැන නොදන්නා බවත්, ශුද්ධ හෝ සම්පූර්ණ හෝ නොවන බවත් ඔබ දන්නෙහිද? නමුත් කුඩා ළදරුවකු වර්ධනය වනවාත් සමඟම මනුෂ්‍යයෙකුගේ චරිත ගුනාංග හිමිකර ගැනීමේදී ඔහුට තෝරා ගැනීම් කළ යුතු වන්නේය. ආදම් ශාරීරිකව වර්ධනය වූනාවූ මිනිසකු ලෙස සිටියද කුඩා ළදරුවෙකුගේ මනසින් යුක්තව සිටියේය. ඔහුට වර්ධනය වූ ආත්මීක මනුෂ්‍යයෙකු වන පිර්‍ණස, අහිංසකව සිටියද නපුර එපා කිරීම තෝරාගෙන දෙවියන්වහන්සේව තෝරා ගැනීම සිදු කල යුතු විය. ඔහු එවැනි වර්ධනයක් ලැබීම දෙවියන්වහන්සේගේ අභිප්‍රාය විය. දෙවියන්වහන්සේ කුමන පරමාර්ථයකින්ද අපව අපේ තෘෂ්නාවන්ගෙන් එමෙන්ම අපි එපා කළ යුතු දේවලින් සාතන් විසින් පරික්‍ෂා කරනු ලැබීමට ඉඩ හරින්නේ මන්ද යන්න මෙහිදී අපට වටහා ගත හැකිය. අපි පරික්‍ෂාවට ඇදීයාම අපේ සිත් වලින් එපා කරන විට සිදුවන දේ කුමක්දැයි ඔබ දන්නෙහිද? පරික්‍ෂාවට නැතැයි කියා පවසන සෑම අවශථාවකදීම ඔබ චරිතය ගොඩනගා ගන්නේය. අද දිනයේදී ඔබ කෙබඳු කෙනෙකුව සිටින්නේ ද එය අද දක්වා ඔබේ ජීවිතයේ ගත්තාවූ සෑම තීරණයකම ශුද්ධ ප්‍රථීඵලය වන්නේය. ඔබ වටා ඉන්නාවූ අන් අය ඔබට වඩා යහපත්ව සිටින්නේ නම් ඒ ඔවුන් ඔබට වඩා ජීවිතයේ යහපත් තීරණයන් ගත් නිසාය. ඔබ ඔවුන්ට වඩා නපුරුව සිටින්නේ නම් ඒ ඔබගේ තේරීම් නපුරුව තිබුන නිසාය.

අපගේ අතීතය ගැන අපට කිසිවක් කළ නොහැක. නමුත් අපගේ අනාගතය උදේසා අපට තවමත් යමක් කළ හැකිය. නපුර තේරීම පාපය වේ. එමෙන්ම ශුද්ධවන්තකම නම් දෙවියන්වහන්සේව තේරීමය. යේසුස්වහන්සේ මෙය අපට පෙන්වා දෙන පිර්‍ණස ආසේක. එමනිසා අප උදේසා යහපත්වූ දෙය අපට දැනගත හැකිය. උන්වහන්සේ පැමිණුනේ අප උදේසා යහපත්වූ දේ පෙන්වා දීමට පමණක්ම නොව අප හට පිහිට වන පිර්‍ණසත්‍ ය. ඔබ දැන්මම කුඩා යාච්ඤවක් කරන්නෙහිද? « ස්වාමීනි මගේ අතීතය ගැන කිසිවක් මට කළ නොහැකිය. නමුත් මගේ අනාගතය ගැන යමක් කිරීමට අවශ්‍යය. ඔබවහන්සේට ප්‍රසන්න වන දේවල් තෝරා ගැනීමට මට අවශ්‍යය. ස්වාමීවූ යේසුනි මෙයට මට උපකාර කළ මැනවි ». උන්වහන්සේ ඔබ හට පිහිට වන සේක.

ප්‍රකාශන හිමිකම - සැක් පූනන්. කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ.

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)