09 - ශුද්ධාත්ම දීමණාව


Transcript of The Gift Of The Holy Spirit

අපගේ අනාගතය සඳහා දෙවියන්වහන්සේගේ සැපයීම සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ කුමක්ද? බලන්න, මනුශ්‍යයන් ලෙස අපට මූලිකව ප්‍රශ්න දෙකක් තිබෙනවා. සෑම මනුශ්‍යයාටම ඇත්තේ එකම ප්‍රශ්නයි , අපගේ ආගම කුමක් වූවත්, අප සංස්කෘතිය, අප භාෂාව, අප අධ්‍යාපනය, අප ප්‍රකෘති ස්වභාවය, හෝ වෙනත් ඕනෑම ‍දෙයක්. අපට වර්ග දෙකකට දැමීම තුළින් මෙම ප්‍රශ්න ලෙහෙසි කරගත හැකියි: එකක් නම් අපේ අතීතයට සම්බන්ධ වන ප්‍රශ්නය - අපගේ වරද, අපගේ අසමත්වීම්, අප පාප. අනෙක නම් අපගේ අනාගතයට අදාල වන ප්‍රශ්නය. ඉදිරියේදී අප ගති ස්වභාවයන් තුළින් පැනනගින දේවල් සමග අප ක්‍රියා කරන්න යන්නේ කෙසේද? එය අපගේ අතීතය තුළ පැරණි අසමත්වීම්ම නැවත සිදුවීමක් වන්නට යයිද? අපට නැවත නැවතත් දෙවියන්වහන්සේ වෙතට යමින් අතීතයේ බොහෝ අවස්ථාවල ඉල්ලා සිටි එකම පැරණි පාප උදෙසා උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්නට සිදුවෙයිද? එසේ නැතිනම් දෙවියන්වහන්සේ අප අතීතයේ අසමත්වූ තැන් අපට ජය ගැණීම පිණිස යම් සැපයීමක් කර තිබේද?

දෙවියන්වහන්සේ සැපයීමක් කර ඇති බව බයිබලයේ ඇති සුභාරංචියයි. උන්වහන්සේ අපගේ පසුගිය අසමත්වීම් සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ කල්වාරි කුරුසිය මත මරණය තුළින් සැපයීමක් කර ඇතිවා පමණක් නොවේ(එය අපගේ පසුගිය අසමත්කම් ගැණ සම්පූර්ණ වග බලා ගැණීමකි), නමුත් උන්වහන්සේ අප ඉදිරියේදී එකම තැන්වල වැටීමේ හැකියාව නම් ගැටළුව සඳහා ශුද්ධාත්ම දීමණාව දී තිබේ. දැන්, යේසුස්වහන්සේ පොළොවේ සිටියදී ස්වර්ගයට යාමට මොහොතකට පෙර තම ගෝලයන්ට පැවසුවේ "මා නික්ම යාම නුඹලාට හොඳය, මන්ද මා ගිය විට, නුඹලාගේ හදවතේ වාසය කිරීම පිණිස ශුද්ධාත්මයාණන් එවමි." ශුද්ධාත්මයාණන් යනු දෙවියන්වහන්සේමය, දෙවියන්වහන්සේගේ ආත්මය, එසේම මෙය අපගේ පව්වලට සමාව දීම හා සමානවම දෙවියන් වහන්සේ අපට නොමිලයේ ලබා දුන් ත්‍යාගයයි.

මෙලොව පළමු ක්‍රිස්තියානි සුභාරංචිය දේශනා කළේ වසර 2000 ට පෙරයි එය ක්‍රියා 2 හි විස්තර කර ඇත. ඒ යෙරුසලමෙහිදී බොහෝ පිරිසක් රැස්වූ යුදෙව්වරුන්ගේ උත්සවයක්වූ පෙන්තකෝස්ත දවස විය. අපෝස්තුළු පේත්‍රැස් නැඟිට සුභාරංච්ය දේශනා කළේය: එනම් ක්‍රිස්තුස්වහන්සේ මළ බවත් උන්වහන්සේ නැවත මළවුන්ගෙන් නැඟිටුනු බවත්, ඉන්පසු ස්වර්ගයට ඔසවාගනු ලැබූ බවත්ය. එබැවින් උන්වහන්සේ තම ශුද්ධාත්මය වගුරුවා යෙරුසලමේ එම දවසේදී යාඤා කරමින් සිටි මිනිසුන් 120 ගේ හදවත් පුරවනු ලැබීය. ඉන්පසු පේත්‍රැස් ඔහුට සවන්දී සිටි දහස් ගණන්වූ පිරිසට(ක්‍රියා 2:38) මෙම වදන් පැවසුවේය; "පසුතැවිලිවන්න(එහි අර්ථය කුමක්දැයි අප සලකා බැලුවෙමු) සහ ඔබ එක් එක්කෙනා අතීතය සමග සම්බන්ධතාවය කඩා දැමීම සංඛේතවත් කිරීමට ජලයේ සම්පූර්ණව ගිලී බෞතිස්ම වන්න එය පරණ මනුශ්‍යයාගේ භූමිදානය සහ අලුත් මනුශ්‍යයෙකු ලෙස නැවත නැගිටීමයි. බෞතිස්මයේදී ජලය තුලට ගොස් නැවත පිටතට පැමිණීම - මගේ පරණ මනුශ්‍යයා මරණයට පත්වී වළලා ඇත දැන් මම ක්‍රිස්තුස්වහන්සේ තුළ අලුත් මිනිසෙකි. ඉන් ඉක්බිති ඔහු පැවසුවේ, ඔබ එය කරන්නේ නම්, ඔබ දීමණා දෙකක් ලබනු ඇත: එකක් ඔබ ඔබගේ පාප උදෙසා කමාව ලබනු ඇත(අපගේ අතීතයට අදාල වන), එසමග දෙවනුව , ඔබ ශුද්ධාත්ම දීමණාව ලබන්නේය. එය අනාගතය උදෙසා දෙවියන්වහන්සේගේ සැපයීමයි. ඉතිං අපගේ ප්‍රශ්න දෙකම විසඳී ඇත: අපගේ අතීතය මෙන්ම අපගේ අනාගතය. අපගේ පසුගිය පාප වලට වරදකාරිත්වය ගැන වගබලා ඇති අතරම අප පරික්‍ෂා වලට සහ ප්‍රශ්න වලට අනාගතයේදී මුහුණ දෙන විට ජයග්‍රහණය උදෙසා ශක්තිය සැපයීම.

දැන් බොහෝ ක්‍රිස්තියානි අය සිතන්නේ දෙවියන්වහන්සේ අපගේ අතීත ප්‍රශ්න ගැන පමණක් ක්‍රියා කර ඇති බවයි. මම පසුගිය අධ්‍යනයේදී කියූ ලෙස දෙවියන්වහන්සේ ගෙන් ඔබට ලබාගත හැක්කේ ඔබට ඇදහිල්ල ඇති දේ පමණයි. ඔබ විශ්වාස නොකරන්නේ නම් ඔබට ලැබෙන්නේ නැත. ඔබ විශ්වාස නොකරන්නේ නම්, උදාහාරණයක් ලෙස, එනම් දෙවියන්වහන්සේ අනාගතයේදී ඔබට ඇතිවන ප්‍රශ්න වලට මුහුණ දීමට ශක්තිය දෙයි කියා, ඔබට එය නොලැබෙනු ඇති. ඔබ එය ලැබීමට කැමති වෙයි, දෙවියන්වහන්සේද ඔබට එය දීමට කැමැත්තෙන් සිටී නමුත් ඔබට ඇදහිල්ල නැති නම් ඔබට එය නොලැබෙනු ඇත. දෙවියන්වහන්සේගේ සෑම දීමණාවක්ම ලැබෙන්නේ සරල ඇදහිල්ලක් තුලින්ය. ඒ එය ලැබීමට අප සුදුසු නිසා නොවේ. අප කිසි කෙනෙක් දෙවියන්වහන්සේගේ කුඩාම ත්‍යාගයටවත් සුදුසු නොවේ. අප සුදුසු වන්නේ කිසිම දෙයකට නොව නමුත් නිරා ගින්නටය. අප සෑම කෙනෙක්ම විනිශ්චයට සුදුසුය. අප සෑම කෙනෙක්ම සදාකාල නිරයේ දැවීමට සුදුසුය මන්ද අප පව් කොට ඇත. අප සිතාමතා පව් කොට ඇත. අප දෙවියන්වහන්සේව අගෞරවයට පත් කොට ඇත. එනිසා දෙවියන්වහන්සේ මනුශ්‍යත්‍වය - මුළු මානව සංහතිය පාපය යටතේ තබා ඇත එවිට උන්වහන්සේට සියළු දෙනා කෙරෙහි කරුණාව දැක්විය හැක. මේ දෙවියන්වහන්සේගේ මාර්ගයයි - අප සියළු දෙනාවම පාපය යටතේ තැබීමයි එවිට අප සැම දෙනා එකම කාණ්ඩයේ සිටිනු ඇත. එවිට මම ඔබට වඩා හොඳයි යනුවෙන් කියා කිසිවෙකුට අනෙකෙකුට ඉහලින් පාරට්ටු කළ නොහැක. තමන් අන් අයට වඩා උසස් යයි සිතන්නාවූ කීදෙනෙක් ලොවපුරා සිටිනවාදැයි ඔබ දනී.

ඒ මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේගේ ඇසින් තමන්ව දැක නැති නිසාය. එය හරියට මම වෙනත් අධ්‍යයනයක කිව් ලෙස 20% ගත් ළමයා 5% ක් ගත් ළමයාට වඩා තමන් වඩා හොඳ බව සිතන්නාක් මෙනි. එයට වඩා නරක, 20% ක් ගත් ළමයා 19.5% ක් ගත් ළමයාව වඩා තමන් ඉහලින් සිටින බව සිතනවා වගෙයි. සැබවින්ම ඔහු කොතෙක් ඉහළින් සිටිනවාද? තමන් තවත් කෙනෙකුට වඩා හොඳ යයි සිතීම මනුශ්‍යයෙකුගේ එවැනි මට්ටමකම මෝඩ කමයි. ඒ සියල්ල සාපේක්‍ෂිත වේ. දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ, අප සියල්ලන් අසමර්තයින් එබැවින් උන්වහන්සේ අපට ඊළඟ පන්තියට නොමිලේ උසස්වීමක් දෙනසේක. එනම් කමාවයි. ඉන්පසු උන්වහන්සේගේ ශුද්ධාත්ම දීමණාව තුළින් තවදුරටත් ශාපය යටතේ පවතින ලෝකයක අප ජීවත්වන විට මුහුණ දියහැකි ප්‍රශ්න වලට, අපගේම පාපකාරී ස්වභාවයන්ට මුහුණ දීමේ ශක්තිය අපට දෙනසේක. එය උන්වහන්සේගේම අභිමුඛය පැමිණ අපගේ හදවත් වල වාසය කිරීමයි, අපගේ හදවත් පුරවමින්, අප තුළින්ම ශක්තිය ලබා දීමයි.

ඔබ දන්නවාද, යේසුස්වහන්සේ පොලොවේ සිටින විට, උන්වහන්සේට කළහැකි වූයේ මිනිසුන්ව පිටතින් ‍ධෛර්‍යමත් කිරීම පමණයි. උන්වහන්සේ ගෝලයින් සමග ගමන් කළ අතර, ඔවුන්ට කතා කළසේක, නමුත් උන්වහන්සේට දී තිබූ වේලාවේ සිටිය හැකි වූයේ එකම එක තැනක පමණයි. උන්වහන්සේ ගලීලයේ සිටියා නම් උන්වහන්සේට යෙරුසලමේ සිටිය නොහැකි විය. උන්වහන්සේ යෙරුසලමේ සිටියා නම් ගලීලයේ සිටිය නොහැකි විය. උන්වහන්සේ පලස්තීනයේ සිටියා නම් උන්වහන්සේට ඉන්දියාවේ සිටිය නොහැකි විය. එම තත්වය දිගටම පවතින්න ගියා නම්, එය සෑහීමට පත්විය හැකි තත්ත්වයක් නොවන්නට තිබුණි, මක්නිසාද, එවිට අප සියළු දෙනාට යේසුස්වහන්සේ සිටි තැනම සිටිය යුතු වේ, එය පවා අපට උපකාරී නොවනු ඇත මක්නිසාද මොන ආකාරයෙන් වූවත් කොපමණ දහසකට උන්වහන්සේට ලංවන්නට හැකි වන්නේද? එනිසා, යේසුස්වහන්සේ තම ගෝලයින්ට පැවසූ සේක් "මම නික්ම යාම හොඳය, මන්ද මම ගියොත්, නුඹලා තුළ වාසය කිරීම පිණිස මම මාගේ ශුද්ධාත්මය එවමි එය මාගේ අභිමුඛය ගෙන එන්නේය." ලෝකයේ සැම කොටසකම සිටි සියළුම ගෝලයින්ට මෙම ශුද්ධාත්මය ලැබිය හැකිවූ අතර ඔවුන් සිටිනා ස්තානයේදීම යේසුස්වහන්සෙගේ අභිමුඛය ඔවුන් සමග විය.

ඊටත් වඩා හොඳ දෙය නම්, ඔවුන් කොතැනක සිටියත්, යේසුස්වහන්සේව ඔවුන්ගෙන් පිටත තබා ගැනීම වෙනුවට, ඔවුන් තුළම යේසුස්වහන්සේව තබා ගත හැකි වීමයි. ඔබ දන්නවාද එය වඩාත් හොඳයි. මක්නිසාද යේසුස්වහන්සේ වසර තුනහමාරක් ගෝලයින් සමග සිටියත්, ඔවුනට උගැන්වූවත්, ධෛර්‍යමත් කළත්, අභියෝග කළත්, තරවටු කළත්, නොයෙකුත් ආකාරයට ඔවුන්ව ආශිර්වාද කළත්, ඒත් අප දකිනවා, අවුරුදු තුනහමාරකට පසුව, ඔවුන් තවදුරටත් එකිනෙකා සමග යේසුස්වහන්සේගේ මරණයට පසු නායකත්‍වය උදෙසා තරඟ කරමින් සිටීම. ඔවුන් තනතුරු සහ ගෞරවය උදෙසා එකිනෙකා සමග තරඟ කරමින් තිබුණි. යේසුස්වහන්සේගේ භෞතික අභිමුඛය සමග වූවත් එම ඇතුලාන්ත ප්‍රශ්නය නොවිසඳුනි. යේසුස්වහන්සේගේ භෞතික අභිමුඛය ක්‍රියා කළේ ඔවුන් වටා තිබූ භාහිර ප්‍රශ්න කෙරෙහි පමණයි. මුහුදේ කුණාටුවක් තිබුනේ නම් උන්වහන්සේට එය නිශ්චල කළ හැකිවුණි. එසේ නැතිනම් ඔවුන් සියළු දෙනා පෝෂණය කිරීමට ආහාර ප්‍රමාණවත් ලෙස නොතිබුණා නම්, එය සැපයීමට උන්වහන්සේට හැකි විය. එමෙන්ම විවාහෝත්සවයකදී ප්‍රමාණවත් ලෙස මිදියුශ නොතිබුණි නම්, උන්වහන්සේට වතුර මිදියුෂ බවට පරිවර්තනය කළ හැකිවුණි. භාහිර ප්‍රශ්න විසඳිය හැකි වුණි - නමුත් අභ්‍යන්තර ප්‍රශ්න - වඩාත් බැරෑරුම්වූ ඒවා - ඇතුලාන්ත පාපය යේසුස්වහන්සේ පිටත සිටින තාක්කල් විසඳිය නොහැකි විය.

යේසුස් වහන්සේ ස්වර්ගයට යෑම යහපත් වීමට එය තවත් හේතුවක් විය. මක්නිසාද උන්වහන්සේ ශුද්ධවූ ත්‍රීත්වයේ තුන්වැනි පුද්ගලයා වන ශුද්ධාත්මයාණන් අප හදවත් තුළ වාසය කිරීමට එව් සේක, එවිට යේසුස්වහන්සේගේ අභිමුඛය සහ බලය ශුද්ධාත්මයාණන් කරණ කොට ගෙන අප අභ්‍යන්තරයෙන්ම පැමිණේ. දැන් අප කොහොමද මෙම දීමණාව ලබා ගන්නේ? හරියටම අප පාප කමාව ලබා ගත් ආකාරයටමය. පේත්‍රැස් පවසනුයේ "පසුතැවිලිවන්න, යේසුස්වහන්සේගේ නාමයෙන් බෞතිමය තුළින් ඔබගේ ඇදහිල්ල ප්‍රකාශ කරන්න, එවිට ඔබ පව් කමාව ලබනු ඇත සහ ශුද්ධාත්ම දීමණාව ලබනු ඇත"(ක්‍රියා 2: 38). එහිදී අමතර කොන්දේසියක් අවශ්‍ය නොවේ. එය කිසියම් පශ්චාත් උපාධියක් ලබන්නාක් මෙන් නොවේ. නැහැ එය ක්‍රිස්තියානි දිවියේ ආරම්භයයි. බොහෝ ජනයා එසේ සිතුවෝය එනම් ශුද්ධාත්මයාණන් ලැබීම උදෙසා ශුද්ධාත්මයෙන් පිරීම උදෙසා, අප ක්‍රිස්තියානි දිවිය ආරම්භ කළ පසු බොහෝ කාලයකින් ආයුතු දෙයක් බවයි. නැහැ. ඔබ ක්‍රිස්තියානි දිවිය ආරම්භ කළ දවසේදීම ඔබ පව් කමාව සහ ශුද්ධාක්ම දීමණාව ලැබිය යුතුය. ඔබ ඔබගේ හදවත විවෘත කර එය ලබා ගන්න. එය හරියට ඔබ වෙනුවෙන් වෙළුම් දෙකකින් සමන්විත විශ්වකෝෂයක් සඳහා දැනටමත් යමෙකු විසින් මුදල් ගෙවා ඇති සාප්පුවකට යාම හා සමානයි. ඔබ එක වෙළුමක් පමණක් අතැතිව නිවසට පැමිණියොත් එවිට ඔබ සම්පූර්‍ණ දෙය ලබාගෙන නොමැති බව ඔබ දැනගනු ඇත. ඔබ කුමක්ද කරන්න යන්නේ? වෙළුම් දෙකටම මුදල් ගෙවා ඇති බව ඔබ දැනගත් පසු ඔබ ආපසු කඩයට ගොස් පවසන්නේ "මට සමාවෙන්න, මම දෙවන පොත අරගත්තේ නැහැ එයටත් මුදල් ගෙවා තිබෙනවා" ඉන්පසු ඔබ එය අරගන්නවා. එය නොමිලේයි.

එනිසා පේත්‍රැස් පසුතැවිලිවු සියළු ජනයාට පව්කමාව සහ ශුද්ධාත්ම දීමණාව පිරිනැමුවේය. අද දවසේ දෙවියන්වහන්සේ අපට පිරිනමන්නේ එයයි. හෙබ්‍රෙව් 4:16 තුළ අප කියවනු ලබනවා "එබැවින් අප නිර්භීත ලෙස අනුග්‍රහයේ සිංහාසනය වෙත ලඟා වෙමු, එවිට අප කරුණාව සහ අනුග්‍රහය යන දෙකම ලබන්නෙමු." කරුණාව සහ අනුග්‍රහය යන දෙක එකම දෙයක් නොවේ. කරුණාව අපගේ පව්කමාවට අදාලවේ, අපගේ පසුගියාව සමග සම්බන්‍ධවේ. අප සියල්ලන් පව් කර ඇත. අපට කරුණාව අවශ්‍යය. අනුග්‍රහය අපට ඉදිරි කාලයේදී ජයග්‍රාහකයන් වීමට උදව් කළහැකි දෙවියන්වහන්සේගේ බලයට අදාල වේ - එය අනාගතයට අදාල වේ. එසේම හෙබ්‍රෙව් 4:16 එය මෙසේ පවසයි නිර්භීතව අප දෙවියන්වහන්සේගේ සිංහාසනය වෙත ලඟා වෙමු, එවිට අපට පසුගියාව ගැන ක්‍රියා කිරීමට කරුණාවත් අනාගතයේදී අපට මුහුණ දිය හැකි සෑම දෙයකටම : පරීක්‍ෂාවන්, ගැටලු, පීඩා, එය කුමක් වුවත් ඒවාට මුහුණ දීමට, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අපට උපකාර කරන්නාවූ අනුග්‍රහයත් ලැබේ. දෙවියන්වහන්සේ අපගේ පසුගියාවට සහ අනාගතය සඳහා සපයා දීම් කර ඇති බව පුදුමාකාර හොඳ ආරංචියක් නොවන්නේද - එබැවින් අප කළයුතු එකම දෙය ඇදහිල්ලෙන් පැමිණීමයි? එබැවින් ඔබට මේ මොහොතේදීම දෙවියන්වහන්සේ වෙතට නිර්භීතව පැමිණෙන ලෙස ආරාධනා කිරීමට මට අවශ්‍යයි - දෙගිඩියාවෙන් සිටින්න එපා. උන්වහන්සේ ආරාධනා කරනවා - කියන්න "ස්වාමිණී ඔබ මගේ පසුගියාව ගැන ක්‍රියා කර ඇති බව මම විශ්වාස කරමි. නමුත් අද මට විශ්වාස කිරීමට අවශ්‍යයි ඔබ මාගේ අනාගතයට මුහුණ දීමටද මාව ශක්තිමත් කරන බව. ඔබ ඔබගේ ශුද්ධාත්මයෙන් මාව පිරවීම මට අවශ්‍යයි. මට අවශ්‍යයි ඔබ මාගේ හදවත බලයෙන් පිරවීම, අනුග්‍රය සමගින්, එවිට මට අනාගතයට මුහුණ දිය හැකියි." විශ්වාස කරන්න එය ඔබගේ වනුඇත.

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)